කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පක්‍ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත.
ඊට සහභාගිවීම සදහා පෙරවරු 10ට පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණෙන ලෙස පක්‍ෂ නායකයින්ට දන්වා ඇති බව වාර්තා වේ.
එම සාකච්ඡාවේදී ඉදිරි පාර්ලිමේන්තු කටයුතු සහ සමගි ජනබලවේගය භාරදුන් විශ්වාසභංග යෝජනා සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමු කරන බව දැනගන්නට ඇත.










