• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හිටිහැටියේ ඕස්ටෙ‍්‍රලියාවේ ඉඳන් ඇවිත් මහ බැංකුවේ මහ පුටුවට ගත්ත මේ නන්දලාල් වීරසිංහ කවුද කොහෙද මොනවද කළේ?

May 9, 2022
in Exclusive
Reading Time: 16 mins read
A A
හිටිහැටියේ ඕස්ටෙ‍්‍රලියාවේ ඉඳන් ඇවිත් මහ බැංකුවේ මහ පුටුවට ගත්ත මේ නන්දලාල් වීරසිංහ කවුද කොහෙද මොනවද කළේ?
Share on WhatsAppShare on Facebook

රටේ ඇතිවී තිබෙන උග්‍ර ආර්ථික අර්බුදයත් සමග ශ්‍රී ලංකා මහබැංකුව කියන නම නිරන්තරව කතාබහට ලක්වෙනවා. යහපාලන රජය සමයේ සිදුවූ බැඳුම්කර වංචා සිද්ධියේ පටන් මේ මොහොතේ රට මුහුණපා ඇති ඩොලර් හිඟය, උද්ධමනය වැනි ජනතාවට ඍජුවම බලපාන කරුණුවලදීත් මහබැංකුව ගැන ඉදිරියෙන්ම කියැවෙනවා. එහි අධිපතිත්වයට මෑතකාලයේදී පත්වුණු පුද්ගලයන්ට පක්ෂ විපක්ෂ නායකයන්ගේ, මැති ඇමැතිවරුන්ගේ, බුද්ධිමතුන්ගේ සහ පොදු මහජනතාවගේ විවේචනයන්ද දැඩිව එල්ල වුණා. රටට දරාගත නොහැකි ලෙස මුදල් අච්චුගැසීම, විවිධ බදු පැනවීම් වැනි දේ එම අධිපතිවරුන් තම හිතුමතේට සිදුකළ නිසා රට මෙවැනි අර්බුදයකට මුහුණ පෑ බවටයි ඒ සියලු දෙනා චෝදනා කළේ. නමුත් මීට සති කිහිපයකට පෙර මහ බැංකුවේ අධිපති ධුරයට නව අධිපතිවරයකු පත්කරන්නට ජනාධිපතිවරයා පියවර ගත්තා. ශ්‍රී ලංකා මහබැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ලෙස කලක් කටයුතු කළ ඔහු දැන් නමින් නන්දලාල් වීරසිංහ.

රටේ ආර්ථික මර්මස්ථානය වන මහබැංකුවේ අධිපතිත්වය දරන ඔහු සමග මාධ්‍යවේදී සමුදිත සමරවික්‍රම මහතා මීට වසරකට පෙර සංවාදශීලී සාකච්ඡාවක් සිදුකළා. මහබැංකුවේ සිදුවූ යම් යම් සිදුවීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ දෝෂදර්ශනයට පවා එකල ලක්වූ නන්ලදාල් වීරසිංහ මහතා, මෙම සාකච්ඡාවේදී රටේ ආර්ථිකය සම්බන්ධ සංවේදී කරුණු රාශියක් ගැන මතභේදාත්මක අදහස් දැක්වීමක් සිදුකරනවා. එම සාකච්ඡාව Truth with Chamuditha යූටියුබ් චැනලයෙන් උපුටාගෙන ‘මව්රට’ පාඨක ඔබ වෙනුවෙන් අප මෙලෙස ඉදිරිපත් කරනවා.

ජනාධිපතිවරයා පසුගියදා බොහොම තදින් මහ බැංකුවේ නිලධාරීන් අමතනවා අපි දැක්කා. ඒත් එක්කම මහබැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිවරයා වූ ඔබට රහස් පොලිසියට කැඳවීමක් පවා ලැබුණා. අපි ඒ ගැන කතා කරමු. ඔබත් ගියාද ජනාධිපතිතුමා සමග ඒ සාකච්ඡාවට?

ඔව් මමත් ඒ වෙලාවෙ එහි හිටියා.

ජනාධිපතිතුමා එහිදී බොහොම ආවේගශීලීව කතා කළා. ඔබට මොකද හිතුණේ ජනාධිපතිතුමා ඒ විදියට කතා කරනකොට?

ඇත්ත වශයෙන්ම ජනාධිපතිතුමාට කේන්ති ගිහිල්ලා කතා කරපු එකේ යම් කිසි සාධාරණත්වයක් තියෙනවා. මොකද, ජනාධිපතිතුමා යෝජනා කරපු දේවල් ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදයක් වුණා කියලා එතුමාට දැනුම් දීලා තිබුණා යම් යම් හේතු නිසා. නමුත් ඒ ප්‍රමාද වීමට ඇත්තම හේතු මොනවාද, ඒ සම්බන්ධයෙන් නිලධාරීන් ක්‍රියා කළාද නැද්ද කියන එක ගැන ජනාධිපතිතුමාට පැහැදිලි අවබෝධයක් ලැබිලා තිබුණෙ නෑ.

ඒ කියන්නේ ජනාධිපතිතුමාට කවුරු හරි වැරැදි අවබෝධයක් ලබාදීලද?

මම දැක්ක හැටියට ජනාධිපතිතුමාට නිවැරැදි අවබෝධයක් ලැබිලා නෑ, මොකක්ද මේ ක්‍රියාවලිය, ඇයි මේක ප්‍රමාද වුණේ, නිලධාරීන් වැඩ කරනවද නැද්ද කියන එක සම්බන්ධයෙන්. ඒ හේතුව නිසා තමයි එතුමාට කේන්ති ගියා කියලා මම හිතන්නේ.

එතකොට මේ කතාව අනුව අපට තේරුණේ ශ්‍රී ලංකා මහබැංකුව මේ කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද කරන්නේ ආණ්ඩුව අපහසුතාවට පත් කරන්න?

ඒක වැරැදි මතයක්. ශ්‍රී ලංකා මහබැංකුව කියන්නේ මුදල් මණ්ඩලය. මුදල් මණ්ඩලය තමයි මහබැංකුව කියන එකේ නීතිමය බලය හිමි ආයතනය. මුදල් මණ්ඩලය ගන්නා තීරණ තමයි නිලධරීන් ක්‍රියාත්මක කරන්නේ.

මුදල් මණ්ඩලයට තීරණ ගන්න පුළුවන්ද දැන් තුන්දෙනයිනෙ ඉන්නේ. මහබැංකු අධිපතිවරයයි, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආටිගල මහත්මයයි, ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහත්මයයි දෙන්නෙක් ඉවත් වුණාට පස්සේ දෙනෙනෙක් නෑ. ව්‍යවස්ථාදායක සභාවෙන් පත්කරනවයි කියලා තියෙනවා. ගණ පූරණය හරි වුණාට ඒ අයට තීරණ ගන්න පුළුවන්ද?

ඔව්. ගණ පූරණය හරි. නමුත් මුදල් මණ්ඩලය සමහර තීරණ ගැනීමට මුදල් නීති පනත අනුව සාමාජිකයන් පස්දෙනාම ඉන්න ඕනෙ. එතකොට සමහර තීරණ ගන්න හැකියාවක් නැහැ නීතිය අනුව. ඒක නිසා තමයි එදා මුදල් මණ්ඩලයට යම් යම් තීරණ ගැනීම ප්‍රමාද වුණේ. ඒකත් මේ තත්ත්වයට එක හේතුවක්. නමුත් ඇත්ත වශයෙන්ම මේ යෝජනා මහ බැංකුවේ නිලධාරීන් පිළියෙල කරමින්, මුදල් මණ්ඩලයට ඉදිරිපත් කරමින්, මුදල් මණ්ඩලයේ සාකච්ඡා වෙමින් තිබුණු කාරණා. ඒ කාරණා ජනාධිපතිතුමා කතා කරන්න කලින් දිනේ මුදල් මණ්ඩලයේ සාකච්ඡා කරලා යම් යම් තීරණ අරගෙන ක්‍රියාත්මක කරන්න නියමිතව තියෙද්දී තමයි ජනාධිපතිතුමා අපව කැඳෙව්වේ. එතකොට ජනාධිපතිතුමාට වාර්තා වෙලා තිබුණේ, මට තේරුණු විදියට මේක ක්‍රියාත්මක වෙන්නේ නැහැ, මේ නිලධාරීන් විසින් මේකට බාධා කරනවා, ඒක නිසා මේකෙ යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා කියන තැනක තමයි ජනාධිපතිතුමා හිටියේ. නමුත් අපි ඒ ක්‍රියාමාර්ගය කරගෙන ගියා. මුදල් මණ්ඩලයේ සාකච්ඡා කළා. නමුත් මුදල් මණ්ඩලය ඒ තීරණ ගැනීමේදී යම් යම් හේතු නිසා ප්‍රමාද වුණා.

ඒ හැරෙන්න මේක කඩාකප්පල්කාරී ක්‍රියාවක් නෙවෙයිද?

පැහැදිලිවම කියනවා ශ්‍රී ලංකා මහබැංකුවේ නිලධාරීන් කිසිම රජයකට විරුද්ධව කඩාකප්පල්කාරී ක්‍රියා කරන අය නෙවෙයි. ඉතා වෘත්තීය මට්ටමේ නිලධාරීන් පිරිසක් ඉන්නේ. ඒ අය ක්‍රියාත්මක කරන්නේ මම කලින් කිව්වා වගේ මුදල් මණ්ඩලය ගන්නා තීරණ පමණයි.

ඔබ මේ වන විට මහ බැංකුවේ හිටපු අධිපතිවරු හතර දෙනෙක් යටතේ සේවය කරනවා. වගකීමක් ඇතුව කියන්න මේක මහබැංකුව හිතාමතාම ජනාධිපතිවරයා සහ ආණ්ඩුව අපහසුතාවට පත් කරන්න කරපු දෙයක් නෙවෙයිද?

මට අවුරුදු 29ක මහ බැංකුවේ සේවා කාලය තුළ සියලු ඉහළ හා පහළ නිලධාරීන් සමග කිට්ටුවෙන් වැඩ කරන කෙනෙක් විදියට මට සහතික කරලා කියන්න පුළුවන් මහ බැංකුවේ නිලධාරීන් ඉතා වෘත්තීමය විදියට කටයුතු කරන්නේ. ඒ අය කිසිම අවස්ථාවක රජය අපහසුතාවට පත් කරන්න, කඩාකප්පල් කරන්න ක්‍රියා කරන්නේ නෑ. හැබැයි ඒගොල්ලො වැඩ කරන්නේ නීතිය ඇතුළේ. ඔවුන්ට නීතියෙන් පිට වැඩකරන්න බැහැ. උදාහරණයක් විදියට කිව්වොත් බැඳුම්කර නිකුතුවේදී හැම තිස්සෙම නිලධාරීන් තමයි ඉදිරියට ඇවිල්ලා, සාක්ෂි දීලා, කොමිෂන් සභාවට ගිහින් කරුණු ඉදිරිපත් කළේ. ඒ සඳහා දැන් නීතිය ක්‍රියාත්මක වෙන්නේ ඒ නිසයි.

ඔබ ඔබේ නිලධාරීන් ආරක්ෂා කරන්න උත්සාහ කරන එක ඇත්ත. හැබැයි කුප්‍රකට බැඳුම්කර ගනුදෙනුවේදී මහ බැංකුවේ නිලධාරීන් ඇලෝසියස්ට කොහොමද යටින් තොරතුරු දුන්නේ, කොහොමද බිඩ් කරන ගණන් කිව්වේ? ඒවා සියල්ල කොමිෂන් එකේදි අනාවරණ වෙලා තියෙනවනේ?

ඒ තොරතුරු අනාවරණ කළේ අපේ නිලධාරීන් සත්‍යවාදීව කරුණු හෙළිකරපු නිසා.

ජනාධිපතිතුමා ඒකත් ඇහුවා නේද මූණටම? බැඳුම්කර කාලෙ අයත් ඔතැන ඉන්නව නේ කියලා?

බැඳුම්කර නිකුතුවේදී යම් වංචාවක් වුණා නම් සියලු කරුණු හෙළිකරලා ඒ වෙලාවෙ එතැන හිටපු සහ දැනට ඉන්න අය නීතිය ඉදිරියට ගෙන යන්න කටයුතු කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් චෝදනා තියෙන අයව සේවයෙන් ඉවත් කරලා, ඒ අයට නඩු දාලා තියෙනවා. ඒවාට නිලධාරීන් තමයි සහාය දුන්නේ. යම් කිසි කෙනෙක් වංචාවක් කළා නම් ඒකට දඬුවමක් අනිවාර්යයෙන්ම ලැබෙන්න ඕනෙ. ඒක නිසා තමයි මම කියන්නේ ඊ.ටී.අයි. එක ගැන. මාධ්‍යවල යම් කිසි ප්‍රචාරයක් ගියා නිලධාරීන් 50ක් පමණ බැංකු නොවන මූල්‍ය ආයතන සහ ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවල අල්ලස් හෝ දූෂණවලට සම්බන්ධයි කියලා. ඒ අනුව අපේ නායකත්වයෙන් අල්ලස් හෝ දූෂණ කොමිසමට වහාම පැමිණිල්ලක් කළා එහෙම අය ඉන්නවා නම් හැකි ඉක්මනින් පරීක්ෂා කරලා, තොරතුරු ලබාගෙන වහාම අපට දැනුම් දෙන්න කියලා. ඒ සඳහා අපේ පූර්ණ සහාය ලබාදෙන බවත් අපි කිව්වා.

ඊ.ටී.අයි. ආයතනයත් මීට කලින් වහලා තීරණයක් ගත්තා නම් මේ ප්‍රශ්නෙ විසඳගන්න තිබුණා කියලයි කියන්නේ?

අනිවාර්යයෙන්ම. ඊ.ටී.අයි. ආයතනයට 2010, 2011 කාලෙ නීති විරෝධී ලෙස ඊ.ටී.අයි. එකට සම්බන්ධ ආයතනයකින් තැන්පත් එකතු කිරීමක් ගැන මහ බැංකුවෙන් හොයාගත්තා. අපේ නිලධාරීන් ඒ සම්බන්ධනේ ගත්ත ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම යම් යම් හේතු නිසා ක්‍රියාත්මක වෙලා නෑ.

හැබැයි ඉතින් ඒ කාලෙම තීරණයක් ගත්තා නම් හරි?

ඔව්. ඒ කාලෙම තීරණයක් ගත්තා නම් මේ ප්‍රශ්නෙට අපි අද මූණ දෙන්නේ නෑ. ජනාධිපතිතුමා කොමිසමක් පත්කරලා තියෙනවා දැන් ඊ.ටී.අයි. සිදුවීම සම්බන්ධයෙන් සොයන්න. මේ කොමිසමට අපේ නිලධාරීන් ගිහින් සාක්ෂි දෙනවා. මම විශ්වාස කරනවා ඒ කොමිසමෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදුවෙයි. වාර්තාව ඉක්මනින් ලැබේවි, ඒ ලැබුණාම දැනගන්න පුළුවන් වෙයි ඊ.ටී.අයි. සමාගම මේ තත්ත්වයට පත්වෙන්න මොනවද හේතු, නිලධාරීන් අතින් යම් කිසි ප්‍රමාදයක් වුණාද, මුදල් මණ්ඩලයෙන් වරදක් සිදුවුණාද, සමාගමේ අයිතිකාරයො අතින් වුණාද කියලා.

මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඊට පහුවැනිදාම ප්‍රකාශ කළා එදා ඔබතුමන්ලගෙ රැස්වීමෙදි ජනාධිපතිතුමා කිව්ව කතා හරියටම හරියි කියලා?

මම දන්නෙ නෑ එතුමා කොහොමද එහෙම කියන්නේ කියලා.

ඔබව රහස් පොලිසියට කැඳෙව්වා. ඇයි ඒ විදියට ඔබව කැඳෙව්වේ?

ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නය. මහ බැංකුවෙ මගේ 29 අවුරුදු මුළු රාජකාරි කාලය තුළදී කිසිම අවස්ථාවක බැංකු හෝ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ කටයුතු මගේ යටතට ඇවිල්ලා නෑ. මම ඒ සම්බන්ධව වැඩ කරලත් නෑ. මම සී.අයි.ඩී. එකට ගිහින් කිව්වා මේකට මම කිසිම ආකාරයකට සම්බන්ධ නිලධාරියෙක් නෙවෙයි. මගේ වගකීම තියෙන්නේ වෙනත් අංශයකට. ඒක නිසා මගේ සාක්ෂිය මම දීලා ආවා. මාව දවස් දෙකක් කැඳෙව්වා. ඒ දවස් දෙකේදිම කළේ මගේ රාජකාරිය මොකක්ද කියන එක ඒගොල්ලන්ට පැහැදිලි කිරීම තමයි.

එතකොට ඔබව කැඳවලා තියෙන්නේ වැරැදීමකින්ද?

ඒක මම දන්නෙ නෑ. මම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති විදියට මට එන්න කිව්වා. මම ගිහින් සියලු කරුණු හෙළි කළා.

ජනාධිපතිතුමාම කියනවා ‘ද ෆිනෑන්ස්’ එක වහලා දානවා හිටි හැටියේ අපි දන්නෙත් නෑ කියන කතාව. ඉතින් ඇයි ද ෆිනෑන්ස් එක වහලා දැම්මේ. එතැනත් ප්‍රශ්නයක්නෙ?

ද ෆිනෑන්ස් ආයතනයෙ ප්‍රශ්න පටන් ගත්තේ 2008, 2009 කාලෙ. කොතලාවල මහත්තයාගෙ ගෝල්ඩන් කී ආයතනය වැටුණට පස්සේ. ඒ කාලෙ මහ බැංකුව එක එක ආකාරයෙන් පියවර ගත්තා ඒ ආයතනය ක්‍රියාත්මක කරගෙන යන්න. නමුත් එතැනදිත් මුදල් මණ්ඩලයේ අනුමැතිය ඇතිව නියමිත ආකාරයට ඒවා ක්‍රියාත්මක කළා නම් සහ අධීක්ෂණය කරන්න මහ බැංකුව කටයුතු කළා නම් මීට කලින් ‘ද ෆිනෑන්ස්’ ආයතනය වහලා, තැන්පතුකරුවන් වෙනුවෙන් මුදල් ගෙවන්න තිබුණා කියන එක තමයි මගේ මතය. නමුත් මේ වගේ ආයතන ඇයි මේ තරම් ප්‍රමාද වෙන්නේ ඒවට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න.

ඒ හැම ආයතනයක් පිළිබඳ කතා කරනකොට ඔබේ අදහසෙන් මතුවෙන්නේ මේ තීන්දු තීරණ නිසි කලට නොගැනීම. එතකොට ඒ පාලකයො ඒ කාලෙ හිටපු අධිපතිවරු තීන්දු තීරණ අරන් නෑ හරියට?

මගේ අදහස තමයි ඒ සම්බන්ධව ඊ.ටී.අයි. එකට වගේ විධිමත් පරීක්ෂණයක් කරලා සොයා බලන්න කියන එක. නියමිත කාලයට නියමිත තීරණ අරන් තියෙනවද, නිලධාරීන් ඒවා අනුමත කරලා තියෙනවද, ඒවා ක්‍රියාත්මක කරලා තියෙනවද, අඩුපාඩු තියෙනවද, යම් කිසි වංචාවක් සිදුවෙලා තියෙනවද කියලා. එහෙම නැතුව මහ බැංකුවට හෝ ඒ ආයතනයට හෝ කරුණු නොදැන චෝදනා කිරීම ලොකු වැරැද්දක්.

බැංකු නොවන මූල්‍ය ආයතන ඔබ යටතට වැටෙන්නේ නැත්නම්, රහස් පොලිසියට ඔබව කැඳවන්නේ ඇයි? ඔබව ඉලක්ක කරගෙන යම් කිසි ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙනවද?

ඒක මට කියන්න බෑ. නමුත් මට තියෙන ප්‍රශ්නය ඇයි මාව කැඳවලා පරීක්ෂා කළේ කියන එක. මම පළමුවැනි දවසේ ගිනින් සරලව කියලා ආවට පස්සේ ආයෙත් පණිවුඩයක් ආවා ඔබතුමා දෙවැනි දවසෙත් එන්න ඕනෙ කියලා. එහෙම ගිහින් මුල් දවසෙ කියපු ටිකම තමයි දෙවැනි දවසෙත් කිව්වේ. මම දන්න විදියට කවුරු හරි පැමිණිල්ලක් කරලා තියෙනවා සී.අයි.ඩී. එකට. ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්නේ මගෙන් සහ අනෙක් නියෝජ්‍ය අධිපති කරුණාරත්න මහත්තයාගෙන්. අපි දෙදෙනාම ඔය කියන ඊ.ටී.අයි. ගනුදෙනුව වෙච්ච කාලෙ ඒක භාරව හිටපු නිලධාරීන් නෙවෙයි. ඒ ගැන තොරතුරු දැනගන්න අවශ්‍ය නම් ප්‍රශ්න කරන්න ඕනෙ ඒ කාලෙ ඒ කටයුතු භාරව හිටපු නිලධාරීන්ගෙන්. මටත් තාම තේරෙන්නේ නැත්තේ ඇයි ඒ අයගෙන් ප්‍රශ්න නොකර මගෙන් සහ අනෙක් නිලධාරියගෙන් ප්‍රශ්න කරන්නේ කියන එක.

එල්ල වෙච්ච චෝදනාවක් නේ බැංකු නොවන මූල්‍ය ආයතන, ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් මහ බැංකුවේ නිලධාරීන් අල්ලස් ලබාගන්නවා කියන කාරණාව. ඔවුන් හිතුවද මේ නිලධාරීන්ගෙන් තොරතුරු ලබාගන්න පුළුවන් කියලා, අල්ලස් ගත්තේ කවුද, ඊ.ටී.අයි. එකෙන් අල්ලස් ගත්තද, මේ ක්‍රියාමාර්ගය කරගෙන ගියේ නැද්ද කියලා?

එහෙම තියෙනවා නම් ඒ ගැන පරීක්ෂා කරන එක ඒගොල්ලන්ගෙ වැඩක්.

ජනාධිපතිතුමා දෝෂාරෝපණය කරපු දවසේ එළිවෙනකන් වැඩ කළාද?

පසුගිය කොවිඩ් කාලෙ ඇඳිරිනීතිය කාලෙ පවා දිවා රෑ නොබලා මහ බැංකුවේ නිලධාරීන් වැඩකටයුතු කළා.

ඒ කියන්නේ හතරහමාරට සේවයෙන් යන අය නෙවෙයි ඉන්නේ?

නෑ. එහෙම කතාවක් නෑ මහ බැංකුවෙන්.

එතකොට මහබැංකුවෙ එළිවෙනකන් එදා ලයිට් දාලා තිබිලා, අන්න ජනාධිපතිතුමා බැන්නට පස්සේ මහබැංකුව එළිවෙනක් වැඩ කියලා ලොකු නිවුස් එකක් ගියානෙ?

ඒක ඉතින් ඒ අවස්ථාවේ මාධ්‍ය ආයතන ප්‍රචාරයක් ගන්න කරපු දෙයක් කියලා මට හිතෙන්නේ. හැමදාම කවුරු හරි ඇවිල්ලා මහබැංකුවෙ එළියෙන් ෆොටෝ එකක් ගත්තොත් තට්ටු හතර පහක ලයිට් පත්තු වෙනවා පෙනෙයි. මොකද සෑම දෙපාර්තමේන්තුවක්ම අවශ්‍ය ආකාරයට ක්‍රියාකාරී විදියට වෙලාවක් නැතුව වැඩ කරනවා. උදාහරණයක් විදියට පසුගිය ඇඳිරිනීති කාලෙ මහ බැංකවෙ වාර්ෂික වාර්තාව නියමිත වෙලාවට මුදල් ඇමැතිතුමාට ලබාදෙන්න අපේ දෙපාර්තමේන්තු විශාල ගණනක පිරිස රෑ 10, 11 වෙනකල් වැඩ කරලා තියෙනවා. අපි හෙට වෙනකොට නිකුත් කරනවා මාධ්‍යයට මොනවද මහ බැංකුව මේ කාලය තුළ කරන දේවල් කියලා. එතැනදී පැහැදිලි වෙයි මේ දේවල් කරන්න මහබැංකුවෙ නිලධාරීන්ට වෙලාවක් නැතුව වැඩ කරන්න සිද්ධ වෙලා තියෙන්නේ කියලා. නමුත් අවාසනාවට එදා විතරයි අපි වැඩ කළා කියලා ෆොටෝ එක පළවුණේ.

ජනාධිපතිතුමා එදා කිව්වනෙ ලෝකෙ අනිත් රටවල මහබැංකු මෙහෙම නෙවෙයි උදව් කරන්නේ කියලා. ඉකොනොමිස්ට්ලා හිටියට මමම හදලා දෙනකන් ඒවා කවුරුවත් කරන්නේ නෑ කියලා. ඇත්තටම මහ බැංකුවේ නිලධාරීන් ප්‍රැක්ටිකල් නැද්ද?

මහබැංකුව ක්‍රියාත්මක වෙන්නේ අපේ රටේ මුදල් නීති පනත අනුව. ඇමෙරිකාවෙ මහ බැංකුව ක්‍රියාත්මක වෙන්නේ ඒ රටේ මුදල් නීති පනත අනුව. පහුගිය කාලය තුළ අපේ මහබැංකුව කොවිඩ් 19 සඳහා කරපු වැඩපිළිවෙළ බැලුවොත්, මේ තියෙන මුදල් නීති පනත යටතේ ප්‍රායෝගික කළ හැකි විශාල කාර්යභාරයක් කරලා තියෙනවා. සාමාන්‍ය කාලයක් තුළ නොකරපු දේවල් විශාල ප්‍රමාණයක් කරලා තියෙනවා. හැබැයි අපේ අවාසනාවට වගේ ජනාධිපතිතුමාට ඒ තොරතුරු අපි දැනුම් දීලා නෑ. එතුමා ඒක නිවැරැදි ආකාරයට දැනගත්තා නම් එතුමා ඔය ප්‍රකාශය කරන එකක් නෑ කියන එකයි මගේ විශ්වාසය. ඒක නිසා තමයි අපි ඒ ගැන ජනතාව දැනුවත් කළේ. ඒක අපේ වගකීමක්. ඒක ප්‍රායෝගිකද නැද්ද කියන කතාව නෙවෙයි මෙතැන තියෙන්නේ. මුදල් මණ්ඩලය අනුමත කරන මුදල් නීති පනත යටතේ ක්‍රියා කළ හැකි උපරිම ආකාරයට මහබැංකුව මේ කාලයෙ ක්‍රියා කරලා තියෙනවා. උදාහරණයක් විදියට බැලුවොත් දළ වශයෙන් කොවිඩ් 19 ආවට පස්සේ ආර්ථිකයට දීපු සහන ගත්තොත් විශාල වශයෙන් මුදල් සපයලා තියෙන්නේ ආර්ථිකයට. බැංකු පද්ධතියට සහ ජනතාවට මුදල් සැපයීම අපේ සම්පූර්ණ වගකීමක්. ඊට අමතරව සියලු ව්‍යාපාරවලට සහ අනෙක් අයට දීපු ණය සහන මහබැංකුවෙ නායකත්වයෙන් වාණිජ බැංකු පද්ධතිය තුළින් සහ ෆිනෑන්ස් ආයතන තුළින් තමයි ලබාදීලා තියෙන්නේ. ඒ දෙවැනි කාරණය. තුන්වැනි කාරණය, කිසිම දවසක ජනතාවගේ ගනුදෙනුවලට බැංකු කටයුතුවලට කිසිම බාධාවක් චෝදනාවක් ඇවිල්ලා නෑ. ඒවා කෙරීගෙන ගිහින් තියෙන්නේ මහබැංකුව මැදිහත් වෙලා ප්‍රායෝගික විදියට ක්‍රියාත්මක වෙච්ච නිසා තමයි. ඊට අමතරව විනිමය අනුපාතයේ ස්ථායිතාව මෙච්චර අමාරු කාලයක විනිමය අනුපාතය 200ටත් ගිහිල්ලා, නැවත වරක් 185 මට්ටමට ස්ථාවරව අභියෝග මධ්‍යයේ පවත්වාගෙන යන්න පුළුවන් වෙලා තියෙන්නේ මහබැංකුව මැදිහත් වෙලා ක්‍රියාකාරී විදියට කළමනාකරණය කරපු නිසයි. ඒ වගේ ලැයිස්තුවක් කියන්න පුළුවන්.

ආණ්ඩුව බිලියන 50ක්ද දීලා තියෙන්නේ, බිලියන 150ක්ද දීලා තියෙන්නේ ජනතාවට සහන සලසන්න?

ආණ්ඩුවෙන් මේ සම්බන්ධයෙන් කිසිම මුදලක් රජයේ භාණ්ඩාගාරයෙන් වෙන් කරලා නෑ. මේක අපි උත්සාහ කරන්නේ මහබැංකුවෙ තියෙන මුදල්වලින් වෙන් කිරීමට.

මහබැංකුවට නීත්‍යනුකූලව වෙන් කරන්න පුළුවන් බිලියන 30ද?

මහබැංකුවේ නීත්‍යනුකූලව ඒ යෝජනා ක්‍රමය යටතේ වෙන් කළ හැක්කේ බිලියන 30ක් පමණයි.

බිලියන 30ක් වෙන් කරලා ජනාධිපතිතුමා දොස් කිව්වට පස්සේ ඒ මුදල වැඩි කරන්නේ කොහොමද?

ඇත්ත වශයෙන්ම බිලියන 30ක් තමයි මහ බැංකුවේ සීමාව. ඊට පස්සේ අපි යෝජනා කළේ ඉතිරි 120 බැංකුවල තියෙන මුදල්වලින් දෙන්න, අපි ගැරන්ටි එකක් දෙන්නම් කියන එක.

ඕක කලින් ක්‍රියාත්මක කළා නම් බැණුම් අහන්නෙ නෑ නේද?

කලින් ක්‍රියාත්මක කරන්න බැරි වුණේ භාණ්ඩාගාර ලේකම්වරයා විරුද්ධ වුණා. බැංකුවල සල්ලි ගැරන්ටි එකක් නැතුව දෙන්නෙ නැතුව දෙන්න එපා, මේක මුදල් අච්චු ගහලා දෙන්න ඕනෙ කියලා බැංකු පද්ධතියට.

ඉතින් බිලියන 200ක් අච්චු ගැහුවණේ?

ඊට අමතරව තව 120ක් අච්චු ගහලා දෙන්න කියලා තමයි ඊට පස්සේ අනුමත වුණේ.

බිලියන 200ක් අච්චු ගැහුවණේ?

ඇත්ත වශයෙන්ම අපි බිලියන 300ක් වෙනකන් අච්චු ගහලා බැංකු පද්ධතියට සහ අනෙක් අයට දීලා තියෙනවා. තව 120ක් මේ ක්‍රමය යටතේ දාන්න දැන් අනුමත කරලා තියෙනවා.

එතකොට භාණ්ඩාගාර ලේකම්වරයා කලින් එකට අනුමැතිය දුන්නේ නෑ?

කලින් එකට අකැමැති වුණේ නැති නිසා තමයි මේකට මුදල් මණ්ඩලයේ අනුමැතිය නොලැබුණේ. අපි යෝජනා කරන ක්‍රමයට භාණ්ඩාගාර ලේකම්වරයා කැමැති වුණේ නෑ. ඒක තමයි අපේ ඒ යෝජනාව ක්‍රියාත්මක වුණේ නැත්තේ.

මෙහෙම මුදල් අච්චු ගහන්න ගියාම උද්ධමනය වැඩිවෙන්නෙ නැද්ද?

අපේ අදහස තමයි මුදල් අච්චු ගහලා ඇතිවෙන ප්‍රමාණයක් බැංකුවල තියෙනවා දැනට. අලුතෙන් බැංකුවලට අච්චු ගහලා දුන්නා කියලා බැංකුවලින් අවශ්‍ය ව්‍යාපාරවලට ණය දෙන්නේ නැහැ අපේ ගැරන්ටියක් නැතුව. එතකොට අපි යෝජනා කළේ දැනටම බැංකු පද්ධතිය තුළ බිලියන 200ක් තියෙනවා. ඒ බිලියන 200 පාවිච්චි කරලා ණය දෙන්න.

ජනාධිපතිතුමා දෙන්න කියන අඩු පොලී ණය දෙන්නෙ නෑනෙ. ව්‍යාපාරිකයො කියනවා අපිට ලැබෙන්නේ නෑ කියලා?

ඒකට හේතුව තමයි මේ අවස්ථාවෙ අවදානමක් ගන්න බැංකු කැමැති නෑ. මේ ණය ව්‍යාපාරිකයන්ට දෙන්න.

මැනේජර්ලා කෙළින්ම කියන්නේ මේක දෙන්නෙ නෑ, මේ බොරුවක් වෙන්නේ කියලා?

ඒ ප්‍රායෝගික ගැටලුව නිසා තමයි අපි යෝජනා කළේ මේකට දෙන්න ක්‍රෙඩිට් ගැරන්ටි එකක්. ඒක තමයි ලෝකෙ සියලු මහබැංකු කළේ. රජය රක්ෂණයක් දුන්නොත් ඔබ මේ ණය දෙන්න, ගෙව්වේ නැත්නම් අපි ඒ මුදල ගෙවනවා කියලා. එහෙම දුන්න හැටිය ඒගොල්ලො ගාව තියෙන මුදල් දෙනවා. නමුත් අපි රක්ෂණයක් දෙන්නේ නෑ, අපි සල්ලි අච්චු ගහලා දෙනවා බැංකු පද්ධතියට. බැංකු තමයි තීරණය කරන්නේ සල්ලි දෙනවද නැද්ද කියන එක.

ඒත් අර පරණ දේමනෙ වෙන්නේ?

ඒක නිසා තමයි අපිට මේක බැංකුවලට බලහත්කාරයෙන් කියන්න වෙනවා මේක දෙන්න කියලා. ඒකෙන් බැංකු පද්ධතිය යම්කිසි අවදානම් තත්ත්වයකට පත්වෙන්න පුළුවන්. මොකද අපි බලෙන් කියලා ව්‍යාපාරවලට දෙන්න කිව්වට, ඒගොල්ලො ගෙව්වෙ නැත්නම්, රක්ෂණයක් දීලත් නැත්නම් බැංකු පද්ධතිය තමයි අමාරුවෙ වැටෙන්නේ.

සැකසුම – චානක ලියනගේ

SendShareShare
Previous Post

දවසෙම පෝලිම්වල හිටියත් ගෙවල්වලට දෙන්න ගෑස් නෑ! ලිට්‍රෝ සමාගම ඇත්තම කතාව කියයි!

Next Post

කතානායක හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවයි!

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.