• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වතුකරය ගිනිගන්නා දේශපාලනයේ අනාගතය…

May 8, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
වතුකරය ගිනිගන්නා දේශපාලනයේ අනාගතය…
Share on WhatsAppShare on Facebook

ලංකාවේ දේශපාලනය පුදුමාකාරය. දේශපාලන පක්ෂ කොතරම් තිබුණත් ලාංකේය දේශපාලනයේ රජුන් තනනා භූමිකාව දශක ගණනාවක් තිස්සේම සින්නවී ඇත්තේ වෘත්තීය සමිතියක් වන ලංකා කම්කරු කොංග්‍රසයට සහ එහි යාවජීව නායකත්වය හොබවන තොණ්ඩමන්වරුන්ටය.

වර්තමාන පරපුර එතරම් දැනුවත් නොවුණද තොණ්ඩමන්ලාගේ දේශපාලනය ඔවුන් දැන් අත්පත්කරගෙන සිටිනා රජුන් තැනීමේ භූමිකාවට වඩා බොහෝ පරණය. එය අතීතයේ ලංකාවේ ක්‍රියාත්මකවූ ‘ලංකා ඉන්දියානු කොංග්‍රසය’ තෙක් විහිදී යන්නේය. එය ආරම්භ කළ යුත්තේ සෞම්‍යමූර්ති තොණ්ඩමන් එහි ගම්පොළ ශාඛාවේ සභාපතිත්වයට පත්වූ 1939 වසරෙනි. ඊට හේතුව තොණ්ඩමන්ලාගේ දේශපාලනය ආරම්භ වන්නේ එතැනින් වීමය. කෙසේ වෙතත් සෞම්‍යමූර්ති තොණ්ඩමන්ගේ දේශපාලනය ගැන කතාකිරීමට පෙර ඔහුගේ පෙළපත ගැන ඩිංගක් හොයා බැලීමේ වරදක් නැත. ලංකාවේ දේශපාලනයේ රජුන් තනන භූමිකාවට හිමිකම් කියන තොණ්ඩමන්ලා සැබැවින්ම රජ පෙළපතකට නෑකම් කියන්නෝය. ඉන්දියාවේ පුදුක්කෝට්ටෙයි රජ පෙළපතට ගෑවුණු නෑකමක් ඔවුනට තිබේ. එහෙත් ලංකාවේ තොණ්ඩමන් පරපුරේ සමාරම්භකයා වන වී.ඊ.කේ.ආර්. කරුපයියා තොණ්ඩමන් ඉපදෙන විටත් මේ රජ පෙළපත නටබුන් වෙමින් පැවැතියේය. එහෙයින් නව යොවුන් වියට එළඹෙන්නටත් පෙර කරුපයියා තොණ්ඩමන් ඉන්දියාවට අතේ දුරින් තිබූ පාරාදීසය, ලංකාවට පැමිණ වාසනාව උරගා බලන්නට තීරණය කරන්නේය.

ලංකාවට පැමිණ වැවිලි ක්ෂේත්‍රයේ පහළම තැනින් රැකියාව පටන් ගන්නා කරුපයියා තොණ්ඩමන් කෙටි කලකින් කම්කරුවන් පාලනය කරන කංකානි කෙනකුගේ තත්ත්වයට උසස් වන්නේය. දියුණුවීම එකම අරමුණ කරගත් ඔහු සුදු ජාතික වතුහිමියන්ගේ සිත් දිනාගන්නට සමත් වන්නේය. මේ උත්සාහය නිසාම රම්බොඩ වැවෙන්ඩන් තේ වත්තේ හිමිකරු බවට පත්වන්නට ඔහුට ගතවන්නේ කෙටි කලකි. එතැන් පටන් තොණ්ඩමන්ලාගේ කතාව වෙනස් වන්නේය.

කරුපයියා සහ සිත්තම්මායිගේ වැඩිමල් දරුවා ලෙස සෞම්‍යමූර්තී තොණ්ඩමන් ඉපදෙන්නේ 1913 අගෝස්තු 30 වැනිදා මදුරාසියේ පුද්දූර්හිදීය. ඔහු ලංකාවට පැමිණෙන්නේ 1924 වසරේදීය. ඒ වන විට යන්තම් 11 වැනි වියේ පසුවූ සෞම්‍යමූර්ති, ගම්පොළ ශාන්ත ඇන්ඩෲස් පාසලට ඇතුළත් වන්නේය. සිය පියාගේ වුවමනාවට වතු පාලනය ඉගෙන ගත්තද තරුණ සෞම්‍යමූර්ති තුළ දුක්විඳිනා කම්කරුවන් පිළිබඳ යම් තරමක හැඟීමක් විය. ඒ සමගම ලංකාවේ දිවි ගෙවනා ඉන්දීය සම්භවයක් සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ඔහු තුළ උනන්දුවක් විය. පියාගේ විරෝධතාව නොතකා ලංකාවේ ඉන්දියානු කොංග්‍රසයට ඔහු එක්වන්නේ ඒ හේතුවෙනි. 1940 වසරේ ලංකාවට පැමිණි පළමු තොණ්ඩමන්වරයා වන කරුපයියා තොණ්ඩමන් මියයන්නේය. තරුණ සෞම්‍යමූර්ති වතු පාලනය සහ දේශපාලනය සම සමව කරගෙන ගියද දේශපාලනයට වැඩි බරක් තබන්නට විය.

1947 වසර ලංකාවේ දේශපාලන වංශකතාවට ඉමහත් වටිනාකමක් එක් කරන්නට සමත් වසරකි. ඊට හේතුව බි්‍රතාන්‍ය ලංකාවේ පළමු පාර්ලිමේන්තු මැතිවරණය එම වසරේ පැවැත්වීමය. එම මැතිවරණයට නුවරඑළිය ආසනයට ලංකාවේ ඉන්දීය කොංග්‍රසය නියෝජනය කරමින් තරග වැදුණේ සෞම්‍යමූර්ති තොණ්ඩමන්ය. වැඩි ඡන්ද 6,135ක් ලබා නුවරඑළිය ආසනය ජයගන්නා ඔහු ලංකාවේ පළමු පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේය.

එම මැතිවරණයෙන් වතුකරයේ වැඩි ආසන සංඛ්‍යාවක් දිනාගන්නට වාමාංශික දේශපාලන පක්ෂ සහ ලංකාවේ ඉන්දීය කොංග්‍රසය සමත් වන්නේය. ඒ වන විට කොළඹ සහ සෙසු ප්‍රධාන නගරවලද වාමාංශික පක්ෂ කැපීපෙනෙන ලෙස සිය බලය තහවුරු කර ගනිමින් තිබිණි. ඔවුන් සතු ශක්තිමත් වෘත්තීය සමිති ජාලය සහ නිර්ධන පන්තිය වෙනුවෙන් පෙනී සිටීමේ ප්‍රතිපත්ති ඊට හේතු විය. මේ ආකාරයෙන් ගියහොත් ලංකාවේ වාමාංශික ආණ්ඩුවක් ඉක්මනින් බිහිවනු ඇතිබව දුටු ඩී.ඇස්. සේනානායක, බණ්ඩාරනායක වැනි දක්ෂිණාංශික නායකයෝ කලබල වූහ. වහා ක්‍රියාත්මක වූ ඩී.ඇස්.ගේ ආණ්ඩුව 1948 වසරේ පුරවැසි පනත පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නේය. එමගින් ලංකාවේ සිටි ඉන්දියානුවන්ට තිබූ ඡන්ද බලය අහෝසි වන්නේය. ඒ හේතුවෙන් 1952 මැතිවරණයට තරග කරන්නට සෞම්‍යමූර්ති තොණ්ඩමන්හට නොහැකිවන්නේය. 1950 වසරේදී ලංකා ඉන්දියානු කොංග්‍රසය ලංකා කම්කරු කොංග්‍රසය බවට පත්වන්නේය. එය ලංකාවේ විශාලතම මෙන්ම වඩාත් බලසම්පන්නම වෘත්තීය සමිතිය බවටද පත්විය.

1960 වසරේ බලයට පත්වන සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය පත්කළ මන්ත්‍රීවරයෙක් ලෙස සෞම්‍යමූර්ති තොණ්ඩමන් පාර්ලිමේන්තුවට කැඳවන්නේය. ඒ කඳුරට ‘රටක් නැති’ ජන කොටසේ නියෝජිතයා ලෙසිනි. 1964 වසරේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඉන්දියාවේ අගමැති ලාල් බහදූර් ශාස්ත්‍රී සමග රටක් නැති පුද්ගලයන් 975,000 දෙනාගේ ඉරණම වෙනුවෙන් ගිවිසුමකට එළඹුණාහ. සිරිමා – ශාස්ත්‍රී ගිවිසුම නමින් ඉතිහාසයට එක්ව ඇති එම ගිවිසුම මගින් පුද්ගලයන් 525,000කට ඉන්දියාවේද, පුද්ගලයන් 300,000කට ලංකාවේද පුරවැසි බව හිමිවිය. මැතිනිය මේ ගිවිසුමට එළබීමේදී රටක් නැති ප්‍රජාව පාර්ලිමේන්තුවේදී නියෝජනය කළ සෞම්‍යමූර්ති තොණ්ඩමගෙන් කිසිදු විමසීමක් නොකළාය. එහි වාඩුව ගන්නට අවස්ථාවක් බලමින් සිටි තොණ්ඩමන් 1964 වසරේ නොවැම්බර් 20 වැනිදා රාජාසන කතාවට ස්තුතිය පළකිරීමේ තීරණාත්මක ඡන්ද විමසීමේදී ඡන්දය දීමෙන් වැළකී සිටියේය. එහෙයින් එක ඡන්දයකින් ආණ්ඩුව පැරදී මැතිනියට ගෙදර යන්නට වූවාය. ඒ රැජිනක් එළවා රජෙක් තනන්නට තොණ්ඩමන්වරයෙක් දායක වූ මුල්ම අවස්ථාවය.

ශ්‍රී ලංකාවේ තීරණාත්මක මැතිවරණයක් පැවැත්වූ වසරක් ලෙස 1977 දැක්විය හැක. ජේ.ආර්. ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂ රජය 6/5 බහුතරයක් සහිත ‍රජයක් පිහිටුවා තිබියදී පවා සෞම්‍යමූර්ති තොණ්ඩමන් සිය කැබිනට් මණ්ඩලයට එක්කර ගත්තේය.

එතැනින් පටන්ගත් ගමන තොණ්ඩමන් නිම කළේ දශක දෙකකට වැඩි කාලයක් කැබිනට් අමාත්‍ය ධුර හොබවමිනි. ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග, චන්ද්‍රිකා කුමාරතුංග යන විධායක ජනාධිපතිවරුන්ගේ කැබිනට් මණ්ඩල නියෝජනය කළ ඔහු ග්‍රාමීය කර්මාන්ත, පශු සම්පත් සහ වතු යටිතල පහසුකම් වැනි අමාත්‍ය ධුරයන් ගණනාවක් දරනු ලැබීය. පුරවැසි බව අහිමිව සිටි ඉන්දීය සම්භවයක් සහිත පුද්ගලයන්ට පුරවැසි අයිතිය දිනා දීමට 1988දී ඔහුට හැකි විය. ඒ තොණ්ඩමන්වරුන්ගේ දේශපාලන ඉතිහාසයේ වැදගත්ම සන්ධිස්ථානයකි. තොණ්ඩමන්ලා වතුකරයේ ජනතාවට කිසිත් නොකළ බව ඇත්ම්හු පවසති. එහෙත් එම ප්‍රකාශය මුළුමනින්ම පිළිගැනීමට නොහැක.

මන්ද යත් අද වන විට වතුකරයේ ජනයා භුක්ති විඳිනා බොහෝ පහසුකම් තොණ්ඩමන්ලාගේ දේශපාලනය නිසා දිනාගත් ඒවා වන බැවිනි. අන් දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිතිවලට සාපේක්ෂව තොණ්ඩමන්ලා ලාංකේය වතු කම්කරුවනට විශාල මෙහෙයක් කළේය.

සිය අනුප්‍රාප්තිකයා තෝරාගැනීමේදී සෞම්‍යමූර්ති තොණ්ඩමන් බොහෝ සේ කල්පනාකාරී වූයේය. සිය පුත්‍රයා වූ රාමනාදන් තොණ්ඩමන් මඟහැර සිය මුණුබුරා වූ ආරුමුගම් තොණ්ඩමන් එම තනතුරට තෝරාගැනීමට ඔහු උපායශීලී විය. එම තීරණය කෙතරම් නිවැරදි දැයි පසුකාලීන ලාංකික දේශපාලනය විමසා බැලීමේදී තහවුරු කරගත හැක.

1985 වසරේ සක්‍රීය දේශපාලනයට එළඹෙන ඔහු 1994දී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් නුවරඑළිය දිස්ත්‍රික්කයට තරගවැදී පාර්ලිමේන්තුවට පිවිසෙන්නේය. 1999 ඔක්තෝබර් 30 වැනිදා සෞම්‍යමූර්ති තොණ්ඩමන් සිය දිවිසැරිය නිමාකරන්නේ අපරාජිත දේශපාලනඥයකු ලෙසිනි. ඔහුගේ මරණයෙන් පසු කම්කරු කොංග්‍රසයේ නායකත්වයට පත්වෙන ආරුමුගම් තොණ්ඩමන් එක්සත් ජාතික පක්ෂය, පොදුජන එක්සත් පෙරමුණ සහ පොදුජන පෙරමුණු රජයේ කැබිනට් ඇමැති ධුර කිහිපයක් හොබවන්නේය. එහෙත් අනපේක්ෂිත අවස්ථාවක සිදුවන ඔහුගේ මරණය නිසා සෞම්‍යමූර්ති තොණ්ඩමන්ට තරම් වර්ණවත් දේශපාලන දිවියක් ඔහුට හිමිවන්නේ නැත.

ආරුමුගම් තොණ්ඩමන්ගේ මරණයෙන් පසු ඔහුගේ අනුප්‍රාප්තිකයා වනුයේ ඔහුගේ පුත්‍රයා වන ජීවන් තොණ්ඩමන්ය. ඔහු නෑකමින් සෞම්‍යමූර්ති තොණ්ඩමන්ගේ මීමුණුබුරාය. එහෙත් ඔහුගේ දේශපාලන ආගමනය හිටි හැටියේ සිදුවන්නක් විනා කල්තබා සැලසුම් කරන ලද්දක් නොවේ. එහෙයින් ඔහුගේ දේශපාලන දිවිය පුරාම අත්දැකීම් අඩු බව පැහැදිලිවම දැකගත හැකිවිය. වර්ෂ 1994 නොවැම්බර් මස 09 වෙනිදා උපන් ජීවන් තොණ්ඩමන් නොදම්බි්‍රයා විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ උපාධිධරයෙකි. 2017 වසරේ සිට සිය පියාගේ කාර්යාලයීය කටයුතුවලට දායක වුවද ඔහු මුළුමනින්ම ලංකාවේ දේශපාලනයට ආගන්තුක චරිතයක් විය.

එහෙත් තොණ්ඩමන්වරුනට ලාංකේය දේශපාලනයේ හිමිවූ සුවිශේෂ ස්ථානය නිසා වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ධුරය ලබාගන්නට තරම් වසනාවක් ඔහු සතු විය.

එහෙත් කැබිනට් පත්‍රිකාවක් පවා ඉදිරිපත් කිරීමට නොහැකි රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඔහු තෘප්තිමත් වූයේ නැත. නිතර ඒ ගැන ආඩාපාලි කීවේය. අවසන ඔහු සිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් වසර 15ක් රාජපක්ෂවරු සමග පවත්වාගෙන ගිය දේශපාලන සබඳකම් සියල්ල අතහැරියේය.

ඒ අනුව දැන් ජීවන් තොණ්ඩමන් ප්‍රමුඛ ලංකා කම්කරු කොංග්‍රසයේ අපේක්ෂාව සමගි ජනබලවේගය ගෙන ඒමට නියමිත විශ්වාසභංගයේදී රාජපක්ෂලාට එරෙහිව ඡන්දය දීමය.

ඒ කියන්නේ රජුන් තැනීමට පමණක් නොව එළවීමටද තොණ්ඩමන්ලාට පුළුවන් බව ලාංකේය දේශපාලනයට මතක් කර දෙන්නටය.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

හෙට කොළඹට එන්න එපා! අගමැතිතුමාට තීන්දුව ගන්න දෙන්න! තව මාස 6කින් එතුමා ආපහු එනවා! ජනපති පාර්ශ්වයෙන් නගරාධිපතිවරුන්ට දුරකතන ඇමතුම් දී කියයි!

Next Post

හෙට 15000ක් මහින්දව ඉල්ලන් කොළඹට එනවා! ගෝඨාගෝමටත් යන්න තීන්දු කරලා! පරෙස්සම් වෙන්න! ඔන්න අපි කලින්ම කිව්වා!

MORE NEWS

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

Load More
පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අද වන විට බලතල ත්‍රිත්වයක් මත ගොඩනැගුණු ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය තුළ විධායකය ක්‍රමානුකූලව බලය ශක්තිමත් කරමින් ව්‍යවස්ථාදායකයේ බලය පලුදු කරන්නටත් අධිකරණ...

Read more
සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.