• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අන්තර්පාලන ගන්න හදන දේශපාලන හිවලුන් වෙතටයි තොපිලා මේ හොරු අල්ලන්නේ කොහොමද කියපියව්?

May 8, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
අන්තර්පාලන ගන්න හදන දේශපාලන හිවලුන් වෙතටයි තොපිලා මේ හොරු අල්ලන්නේ කොහොමද කියපියව්?
Share on WhatsAppShare on Facebook

ලංකාවේ ක්‍රියාත්මක වන්නේ තට්ටු මාරු දේශපාලනයක් යැයි කියනු ලැබේ. ඊට ප්‍රධාන හේතුව වසර පහෙන් පහට දේශපාලන බලය ප්‍රධාන බල කඳවුරු දෙකක් අතර හුවමාරු වීමය. මේ වසර පහේ කාල රාමුව 1977 පසු යම් තරමකට වෙනස් වුවද බලය හුවමාරු වන දෙපාර්ශ්වයේ වෙනසක් සිදුවූයේම නැත. සාමාන්‍ය වශයෙන් ලංකාවේ ඡන්දදායකයකුට ආණ්ඩුවක් එපා වීමට අවම වශයෙන් වසර හතරක් ගතවේ. එහෙත් හැටනව ලක්ෂයක ජනවරමක් සහිතව බලයට පත් ජනාධිපතිවරයෙක් නායකත්වය දෙන තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලයක් හිමි වත්මන් පොදුජන පෙරමුණු ආණ්ඩුව පිහිටුවා වසර දෙකක් ගතවන විට එය මහජනයාට වහ කදුරු මෙන් තිත්තවී ඇත්තේය. ආණ්ඩුවට යන්තම් වසර තුනක් සපිරෙන වර්තමානයේදී මුළු රටම ආණ්ඩුවට ගෙදර යන්නැයි කියා පාරට බැස අවසන්ය.

මේසා දැවැන්ත ජනවරමක් සහිතව බලය පිහිටුවා ඉතා කෙටි කලකින් මේ තරමට ජනතාවට අප්‍රසන්න වූ රජයක් ලංකාවේ තබා ලෝක ඉතිහාසයෙන්වත් සොයාගත හැකි නොවේ. වත්මන් පොදුජන පෙරමුණු ආණ්ඩුව මෙතරම් ජනතාවට එපා වීමට හේතුව අන් කිසි කරුණක් නොව එහි දූෂණ වංචා ඉහවහා ගොස් තිබීමය. අද වන විට සති තුනක් තිස්සේ ගාලූ මුවදොර කඳවුරුලා ආණ්ඩුව එලවන්නට උද්ඝෝෂණය කරනා තරුණ ප්‍රජාවේ මූලික වශයෙන් ඉල්ලා සිටිනුයේ හොරකම් කළ මුදල් ආපසුදී ගෙදර යන ලෙසය. එකී සටන් පාඨය මගින් ගම්‍ය වනුයේ මේ ආණ්ඩුව හොරකම් කළාද යන සැකය සමාජයෙන් දුරු වී ස්ථිරවම හොරකම් කළ බව සමාජයම පිළිගන්නා බව නොවේද? වත්මන් පොදුජන පෙරමුණු ආණ්ඩුව යටතේ සිදුවූ දූෂණ වංචා පුවත්පත් පිටුවක් නොව අතිරේකයක් පිරවීමට ප්‍රමණවත්ය. එහෙත් හැකිතාක් සාරාංශ කොට සාක්ෂි සහිතව ඔප්පුවූ කරුණු පමණක් ඔබේ අවධානයට යොමු කිරීම මේ ලිපියේ අරමුණය.

ශ්‍රී ලංකාවේ සිදුවූ වංචා අතරින් විශාලතම වංචාව ලෙස හැඳින්වෙන මහ බැංකු බැඳුම්කර වංචාව පවා දෙවැනි තැනට ඇද දැමූ කූප්‍රකට සීනි බදු වංචාව සිදුවනුයේ පොදුජන පෙරමුණු ආණ්ඩුව පිළිබඳ මෙරට අසරණ ඡන්දදායකයන් දහසක් සුබ සිහින දකිමින් සිටියදීය. එම වංචාව නිසා ආණ්ඩුවට සිදුවූ පාඩුව රුපියල් කෝටි 15,900ක් බව පසුකාලීනව මුදල් අමාත්‍යංශය විසින්ම පිළිගන්නා ලදී. සීනි බදු වංචාවේ ආරම්භය 2020 මැයි මස 23 දින රජය එතුවක් කිලෝ එකකට රුපියක් 33කව පැවති සීනි ආනයන බද්ද කිලෝවකට රුපියල් 50 දක්වා ඉහළ දැමීම දැක්විය හැක. එකී බදු ඉහළ දැමීමට හේතු ලෙස රජය පැවසූයේ සීනිවලින් විශාල ප්‍රමාණයක් නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයට යොදාගැනීම, ආනයන සඳහා වැයවන විනිමය ඉතිරි කරගැනීම, සීනි අධි පරිභෝජනය අවම කිරීම වැනි පිළිගත හැකි කරුණුය.

මේ තරම් සද්භාවයෙන් ඉහළ දැමූ කිලෝවකට රුපියල් 50ක් වූ සීනි ආනයන බද්ද එක්වරම කිලෝවකට සත විසිපහක් දක්වා රජය විසින් පහත හෙළනු ලබීය. ඒ 2020/10/13 දිනැති අංක 2197/ 12 දරන ගැසට්ටුව නිකුත් කිරීම මගිනි. ඒ අනුව සීනී ආනයනකරුවන්ට කිලෝවකට රුපියල් 49.75ක දැවැන්ත බදු සහනයක් හිමිවිය. මීට සමාන්තරව රජය නිවේදනය කර සිටියේ සීනි මිල රුපියල් 85 දක්වා අඩුවනු ඇති බවත් එමගින් බදු සහනය සෘජුවම පාරිභෝගිකයාට හිමිවනු ඇති බවත්ය. එහෙත් ලංකාවේ කිසිම වෙළෙඳසලක රුපියල් 85ට සීනි තිබුණේ නැත.

මේ වංචාවේ ද්විතීයභාගය කරළියට එන්නේ ලංකා සතොස හරහාය. රුපියල් 85ට සීනී තියෙන්නේ කොහේදැයි විපක්ෂ මන්ත්‍රීවරුන් වෙළෙඳ ඇමැතිවරයාගෙන් විමසන්නට වූ අතර අවසානයේ සතොස ආයතනය එක පාරිභෝගිකයකුට එක කිලෝවක උපරිමයකට යටත්ව රුපියල් 85ට සීනි සපයන්නට විය. එහෙත් ඒ සඳහා සීනි සපයාගෙන තිබුණේ දේශීයව මිලදී ගැනීමෙනි. ඒ අනුව සතොස ආයතනය 2020/10/15 දින කිලෝව රුපියල් 127.49 බැගින් මෙටි්‍රක් ටොන් 700ක්ද, 2020/10/16 දින කිලෝව රුපියල් 121.50 බැගින් මෙටි්‍රක් ටොන් 700ක්ද මිලට ගෙන ඇත. එමෙන්ම 2020/10/20 දින කිලෝව රුපියල් 92.00 බැගින් මෙටි්‍රක් ටොන් 750ක්ද, 2020/10/22 දින කිලෝව රුපියල් 110.00 බැගින් මෙටි්‍රක් ටොන් 600ක්ද බාහිර ගැනුම්කරුවන්ගෙන් මිලට ගෙන ඇත. එහෙත් ඒවා අලවි කර ඇත්තේ කිලෝව රුපියක් 85 ගණනේය. එමගින් සතොස ආයතනයට වූ පාඩුව රුපියල් කෝටි ගණනකි.

සතොස ආයතනය සම්බන්ධ වූ තවත් මහා පරිමාණ මූල්‍ය වංචාවක් ලෙස සුදුලූනු වංචාව දැක්විය හැක. කොරෝනා වසංගත තත්ත්වය නිසා පීඩාවට පත් ජනතාවට සහන පිණිස සතොස මගින් බෙදාහැරීමට රේගුව මගින් රාජසන්තක කරන ලද සුදුලූනු කිලෝ 54,860ක් 2020/09/07 හෝ ආසන්න දිනයක සතොස ආයතනයට ලබාදෙන ලදී. ඒ, කිලෝව රුපියල් 117ක් තරම් වූ සහන මිලකටය. ඉන් දින කිහිපයකට පසු එම සුදුලූනු තොගය බාහිර ගැනුම්කරුවකුට කිලෝව රුපියල් 135 ගණනේ විකුණා දැමීමට සතොස කටයුතු කර ඇත. එලෙස විකුණා දැමූ සුදුලූනු තොගය තවත් දින කිහිපයකට පසු කිලෝව රුපියල් 450 ගණනේ සතොස විසින්ම මිලට ගෙන ඇත. මෙම දූෂිත ගනුදෙනුවට එවක සතොස ආයතනයේ මුල් පුටුව හොබවන ලද පුද්ගලයාගේ නම ඈඳී තිබූ අතර වෙළෙඳ ඇමැතිවරයා විසින් මෙම දූෂිත ගනුදෙනුව සතොස ආයතනය තුළ සිදුවූ බව පිළිගන්නා ලදී.

මිලදී ගැනීමේ ප්‍රතිපත්ති උල්ලංඝනය කරමින් සිදුවූ ඇන්ටිජන් වංචාව සිදුවූයේද මේ ආණ්ඩුව යටතේය. කොරෝනා ව්‍යසනය වේගයෙන් පැතිර යත්ම ඉක්මණින් ආසදිතයන් හඳුනාගැනීමේ ක්‍රමවේදයක අවශ්‍යතාවය පැනනැගෙන්නට විය. ඒ අවශ්‍යතාව සලකා ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණය නොහොත් ඇන්ටිජන් පරීක්ෂාව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොවිඩ් ආසාදිතයන් හඳුනාගැනීමට නිර්දේශ කරනා ලදී. ඒ අනුව ශ්‍රී ලංකාවද ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල 200,000ක් ආනයන කිරීමට පියවර ගනු ලැබීය. එහිදී රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ භාවිතය සඳහා අවශ්‍ය ඇන්ටිජන් කට්ටල ආනයනයට එක් ආයතනයකට පමණක් අවසර දීම නිසා තරගකාරී මිලට එකී කට්ටල මිලට ගැනීමේ අවස්ථාව රටට අහිමි විය. ඒ ඔස්සේද විශාල මූල්‍ය අක්‍රමිකතාවයක් සිදුව ඇති බව තහවුරු විය.

කොරෝනා වෛරසය මර්දනය කරනුවස් මෙරට ජනතාවට ලබාදුන් සයිනෝෆාම් එන්නත මිලට ගැනීමේදීද මහා පරිමාණ වංචාවක් සිදුවූ බව පාර්ලිමේන්තුව තුළ පවා සාකච්ඡාවට ලක්විය. එකක් ඩොලර් 10 ගණනේ බංග්ලාදේශය පවා මිලට ගෙන තිබූ සයිනෝෆාම් එන්නත ශ්‍රී ලංකාව මිලට ගෙන තිබුණේ එකක් ඩොලර් 15 ගණනේය. එන්නත් මිලියන ගණනක් ශ්‍රී ලංකාව මිලට ගත් අතර ඒ අනුව විශාල වංචාවක් කොරෝනා එන්නත් මිලට ගැනීමේදී සිදුවූ බව පැහැදිලිය. වඩාත් කපීපෙනෙන අංගය වූයේ මිල ගණන් හෙළි නොකිරීමේ වගන්තියක් එකී එන්නත් මිලට ගැනීමේ ගිවිසුමට ඇතුළත් කර තිබීමය.

මේ රජය යටතේ සිදුවූ තවත් කුප්‍රකට වංචාවක් ලෙස පොල්තෙල් බදු වංචාව දැක්විය හැක. පිරිසුදු පොල්තෙල් ආනයනයේදී කිලෝග්‍රෑමයකට ලබාදුන් රුපියල් 25ක සහනය නව බදු සංශෝධනයේදීද ලබා ගනිමින් ප්‍රබල ව්‍යාපාරිකයකු රජයට රුපියල් ලක්ෂ එක්දහස් හත්සිය පනහක (1,750) බදු වංචාවක් සිදු කළ බවට චෝදනා එල්ල විය.

2020 ජුනි 26 දින නිකුත් කළ අංක 2181/23 දරන ගැසට් පත්‍රය මගින් පිරිසිදු කළ පොල්තෙල් කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 150ක බද්දක් අයකර ඇත. එම බද්දේ අරමුණ දේශීය පොල්තෙල් නිෂ්පාදකයන් ආරක්ෂා කිරීමය. එහෙත් එකී බද්ද සංශෝධනය කරමින් 2020 ජූලි 10 දින නිකුත් කළ අංක 2183/44 දරන ගැසට් පත්‍රය මගින් පොල්තෙල් ආනයනය කිරීමේදී කිලෝග්‍රෑමයකට රුපියල් 25ක සහනයක් ලබාදී තිබේ. ඒ අනුව කිලෝවක බදු මුදල රුපියල් 125කි.

එම සහනය ලැබීමත් සමග මෙරට ප්‍රධාන පෙළේ සමාගම් දෙකක් දැවැන්ත පොල්තෙල් තොගයක් ආනයනය කරන්නට කටයුතු කර තිබේ. ඒ අනුව 2020 වසරේ මෙරටට ගෙන්වූ පොල්තෙල්වල වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 107කි. ඊට පෙර වසරේ ගෙන්වා ඇත්තේ ඩොලර් මිලියන 26ක පොල්තෙල් පමණි. බදු සහනයෙන් ප්‍රධාන ව්‍යාපාරික ආයතන දෙකක් කෙතරම් උත්තේජනය වීද යන්න වටහා ගැනීමට එම සංඛ්‍යා ප්‍රමාණවත්ය.

2020 ජූලි 10 දින නිකුත් කළ අංක 2183/44 දරන ගැසට්ටුව නිකුත් කර තිබුණේ 2020/07/11 දින සිට මාස 6ක කාලයකින් අවලංගුවී යන පරිදිය. ඒ අනුව එම ගැසට්ටුව 2020/12/26 දින අවලංගු වීමට නියමිතව තිබිණි. එසේ තිබියදීත් මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ 2020/12/14 දින නව ගැසට් පත්‍රයක් නිකුත් කරමින් පොල්තෙල් කිලෝ එකකට රුපියල් 125ක බද්දක් පණවන ලදී. එම ගැසට් නිවේදනය 2020/12/ /15 සිට මාස හයකට වලංගු වන පරිදි නිකුත් කර ඇත.

එහෙත් මෙරටට පොල්තෙල් මහා පරිමාණයෙන් ගෙන එන ව්‍යාපාරිකයෙක් ඒ වන විටත් වරායේ ගුදම් ගතකර තිබූ මෙටි්‍රක් ටොන් 10,000කට ආසන්න පොල්තෙල් තොගයක් 2020/12/14 හෝ ඊට ආසන්න දිනයක නිදහස් කරගෙන ඇත්තේ ජූලි 10 දින නිකුත් කළ ගැසට්ටුවට අනුව පොල්තෙල් කිලෝග්‍රෑමයකට රුපියල් 25ක සහනයද ලබාගෙනය. ඒ අනුව ඔහු පොල්තෙල් කිලෝවකට ගෙවා ඇත්තේ රුපියල් 100කි. දෙසැම්බර් 14 ගැසට් නිවේදනයේ සඳහන් රුපියල් 125 මුදලට ජූලි 10 දින ගැසට්ටුවේ සඳහන් රුපියල් 25 සහනය ලබාගැනීම අදහාගත නොහැකි සිදුවීමකි. මන්ද දෙසැම්බර් 14 දින නිකුත් කළ ගැසට්ටුව මගින් පෙර නිකුත් කර තිබූ ගසට් දෙක අවලංගු වන බැවිනි. ඊටත් වඩා පුදුමය දෙසම්බර් 14 දින නව ගැසට් පත්‍රයක් නිකුත්වන බව මේ ව්‍යාපාරිකයා දැන සිටියේ කෙසේද යන්නයි.

ජනාධිපතිවරයා ගන්නා ලද රසායනික පොහොර තහනම් කිරීමේ අත්තනෝමතික තීරණය නිසා මෙරට කෘෂිකර්මයට මුළුමනින්ම පාහේ බිඳවැටුණු බව රහසක් නොවේ. දිනෙන් දින උග්‍රවූ පොහොර අර්බුදය නිසා රජය ඉන්දියාවෙන් නැනෝ නයිටි්‍රජන් පොහොර ආනයනය කරන්නට යෙදුණි. නැනෝ නයිටි්‍රජන් ලීටරයක ඉන්දියාවේ මිල රුපියල් 480කි. එනම් ඇමෙරිකානු ඩොලර් 6කට ආසන්න ගණනකි. ලංකාවට නැනෝ නයිටි්‍රජන් ලීටර් මිලියන 2.1ක් ආනයන කරන ලද අතර ඊට ඩොලර් මිලියන 52කට ආසන්න මුදලක් වැයකර තිබේ. (එක් ලීටරයකට ගෙවා ඇති මිල ඩොලර් 25කට ආසන්නය.) ඒ අනුව නැනෝ නයිටි්‍රජන් වංචාවෙන් උපයා ඇති ලාභය රුපියල් මිලියන 8,000කට ආසන්නය.

ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ රසායනික පොහොර තහනම ගෙන ආවේ කිසිදු විද්‍යාත්මක පදනමකින් නොවේ. එනිසා එය මුළුමනින්ම අසාර්ථක විය. අවසන දේශීයව නිපදවන කාබනික පොහොර ප්‍රමාණවත් නොවන නිසා චීනයෙන් කාබනික පොහොර ආනයනය කරන ලදී. ශ්‍රී ලංකාවේ පවතින නිරෝධායන නීතිවලට අනුව කාබනික පොහොර ආනයනය කිරීම කිසිසේත් කළ නොහැක. මන්දයත් කාබනික පොහොර යනු ජෛව අවශේෂ වන බැවින් එකී පොහොර සමග හානිකර බැක්ටීරියා, දිලීර සහ කෘමීන් මෙරටට පැමිණිය හැකි බැවිනි. පවතිනා නීතිය තුට්ටුවකට නොතකා ගෙන ආ අසූචි මිශ්‍ර කාබනික පොහොර තොගයේ හානිකර බැක්ටීරියා අඩංගු බව පරීක්ෂණවලින් තහවුරු වීම නිසා එකී පොහොර තොගය ප්‍රතික්ෂේප විය. චීන රජය කෙතරම් තර්ජනය කළද ලංකාවේ නිලධාරීන් නොසෙල්වී සිටි නිසා මහා ජෛව සංහාරයක් වළකා ගන්නට හැකි විය. එහෙත් එකී පොහොර තොගයට ඇමෙරිකානු ඩොලර් මිලියන 6.9ක මුදලක් 2022/1/7 දින ගෙවා දමන්නට ශ්‍රී ලංකාව කටයුතු කරනා ලදී. ඒ අනුව එක පොහොර කිලෝවක්වත් රටට ගොඩ නොබෑවද ඩොලර් මිලියන 6.9 චීන සමාගමකට ගෙවීමට අපට සිදු විය. මෙම පොහොර ගනුදෙනුව පිටුපස ඉහළම රාජ්‍ය නිලධාරියෙකුගේ ඥාතියකු සිටි බවත් පොහොර නොගෙන හෝ මුදල් ගෙවූ නිසා රුපියල් කෝටි ගණනක්වූ ඔහුගේ කොමිස් මුදල නම් ලැබෙන්නට ඇති බව පැවසේ.

වත්මන් රජය යටතේ සිදුවූ ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දමීමද මහා පරිමාණ වංචාවකි. ඖෂධ වර්ග, සැපයුම්කරුවන් ඇතුළු ඖෂධ නියාමනය සම්බන්ධ ඉතා වටිනා තොරතුරු රැසක් රජයේ ක්ලවුඩ් අවකාශයේ තැන්පත් කර තිබිණි. ප්‍රමාණයෙන් ටෙරාබයිට් දෙකකට ආසන්න එම ප්‍රමණය හිටිහැටියේ මකීයාමෙන් ඖෂධ නියාමනයට අදාළ වැදගත් තොරතුරු රැසක් අහිමිව යන ලදී. ඒ ඔස්සේ මෙරට ක්‍රියාත්මක ඖෂධ මාෆියාවෙන් ඖෂධ වෙළෙඳපොළට යම් අගතියක් සිදුවූවේද එසේ නම් එහි ප්‍රමාණය කොතෙක්ද යන්න මෙතෙක් තක්සේරු කර නැත.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

මානව හිමිකම් කොමිසමත් හදිසි නීතියට විරුද්ධ වෙයි! ජනපතිගෙන් හේතු විමසයි!

Next Post

අමෙරිකාව-යුරෝපා කොමිසම-කැනඩාව ජනපතිගේ ‘හදිසිය’ හෙළා දකී! නිකුත් කරපු පණිවුඩ මෙන්න!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.