අයහපත් ආර්ථික කළමනාකරණය ඇතුලු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් රජයට චෝදනා කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භකර ඇති අඛණ්ඩ විරෝධතාවයට සමගාමීව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය සහ වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව විසින් අද දින දීපව්‍යාප්ත හර්තාල් ව්‍යාපාරයක් ප්‍රකාශයට පත්කර ඇති අතර ප්‍රධාන ස්ථාන කිහිපයක උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්වීමට නියමිතව ඇත.
ප්‍රධාන විරෝධතා පහත පරිදි වේ
වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව පැය 9ට රාජගිරිය සිට පාර්ලිමේන්තු වටරවුම දක්වා පා ගමනක් පැවැත්වීම.
වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පැය 12ට කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට
වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පැය 12ට බොරැල්ල හංදියේ දී විරෝධතා පැවැත්වීම
විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පැය 12ට ජනාධිපති ලේකම් කාර්යාලය අසල සිට කොල්ලුපිටිය හංදිය දක්වා “මිනිස් දම්වැල” විරෝධතාවය.
සමගි ජනබලවේගය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගීත්වයෙන් පැය 10.30 කොළඹ ගුණසිංහපුරදී උද්ඝෝෂණයක් පැවැත්වීම
මීගමුව ධීවර එකමුතුව පැය 9ට මීගමුව තෙල්වත්ත මංසන්දියේදී විරෝධතාවයක් පැවැත්වීම