සෞඛ්‍ය-ප්‍රවාහන-දුම්රිය-විදුලි සහ ගුරු සේවය ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති දෙදහසකට ආසන්න ප්‍රමාණයක් සහ සිවිල් සංවිධාන රැසක් හෙට දිනයේ පැවැත්වීමට හර්තාල් ව්‍යාපාරය හා එක්වන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසයි.
දුම්රිය වෘත්තීය සමිති හෙට පැවැත්වෙන හර්තාලයට සහාය පළකරමින් අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පැය විසි හතරක වර්ජනයක් ප්‍රකාශයට පත් කර තිබේ.
මේ අතර පෞද්ගලික බස්රථ ධාවකයන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසා සිටියේ, හෙට පැවැත්වෙන හර්තාලයට සහාය පල කරමින්, පාර්ලිමේන්තුව වට කරමින් බස් රථ නවත්වා සාමකාමී විරෝධතාවයක් පැවැත්වීමට ඔවුන් අදහස් කරන බවයි.
කෙසේවෙතත් වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ ආණ්ඩුව ඊට ඇහුම්කන් නොදෙන්නේ නම් අඛණ්ඩ වැඩ වර්ජනයක් සිදුකරන බවකි.








