තම ඇමැතිකම වෙනත් අයකුට ලබා දීම සදහා රුපියල් කෝටි 50ක ගනුදෙනුවක් සිදුව ඇති බව හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සදහන් කර සිටියේය.
පොලොන්නරුවේ පැවැති රැස්වීමකට එක්වෙමින් ඊයේ දින ඒ මහතා මේ බව අනාවරණය කර සිටියේය.
එහිදී ඊට අදාළ පුද්ගලයන්ගේ නම් පවා ඒ මහතා ප්‍රසිද්ධියේම කියා සිටීම විශේෂත්වයක් විය.
කෙසේවෙතත් මෙවර අප පුවත්පතෙහි මුල් පුවත ලෙස අප උපුටා දැක්වූයේද කෝටි ගණන් සල්ලි මලුවට මන්ත්‍රී වෙන්දේසිය ආරම්භ වී ඇති බවට විපක්ෂනායකවරයා සිදු කර තිබූ හෙළිදරව්වකි.










