• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පිටරටවල සල්ලි හැංගුවොත් ගන්න විදිහක් තියෙනවා! මෙන්න ඒ ක්‍රමය! හිටපු පොලිස් ලොක්කෙක් පළමුවරට කරන හෙළිදරව්ව!

May 3, 2022
in Exclusive
Reading Time: 6 mins read
A A
පිටරටවල සල්ලි හැංගුවොත් ගන්න විදිහක් තියෙනවා! මෙන්න ඒ ක්‍රමය! හිටපු පොලිස් ලොක්කෙක් පළමුවරට කරන හෙළිදරව්ව!
Share on WhatsAppShare on Facebook

පිටරටවල සඟවා ඇති මහජන ධනය නැවත ලබාගත හැකි මඟ ගැන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (විශ්‍රාමික) ප්‍රියන්ත ජයකොඩි මහතා අපූරු සටහනක් තබා තිබුණා.

විදෙස් රටවල සඟවා ඇති රාජ්‍ය දේපළ නැවත ලබා ගැනීමේ ක්‍රියාන්විතය නොහොත් “නැගිටිමු ශ්‍රී ලංකා”

එක්සත් ජාතීන්ගේ සංවිධානය 2003 වර්ෂය ඔක්තෝබර් මස 31 වැනි දින මහා මණ්ඩලයට සිදු කරන ලද 58/04 දරන යෝජනාව මගින් අප වැනි තුන්වැනි ලෝකයේ රටවල ජනතාවට ඉතා වැදගත් සම්මුතියක් එළිදක්වා තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය දරන රටවල් 193 අතරින් සාමාජික රටවල් 140ක් සම්මුතිය එළිදක්වන අවස්ථාවේදී එයට අස්සන් කර එහි පාර්ශ්වකරුවන් බවට පත්වූ අතර, 2021 නොවැම්බර් මස 18 වැනි දින වන විට මෙම සම්මුතියට අස්සන් කර එහි පාර්ශ්වකරුවන් බවට පත් වූ සමස්ත සාමාජික රටවල් සංඛ්‍යාව 189 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙතෙක් මෙම සම්මුතියට අස්සන් කර නොමැති ප්‍රධාන රටවල් දෙකක් වන්නේ උතුරු කොරියාව සහ එරිත්‍රියාව පමණයි. සිරියානු ජනරජය සම්මුතියට අස්සන් කර ඇතත් එය මෙතෙක් ඔවුන්ගේ දේශීය නීති පද්ධතියට ඇතුළත් කර නැහැ. “එක්සත් ජාතීන්ගේ දූෂණයට එරෙහි වූ සම්මුතිය” නොහොත් “United Nations convention against Corruption” ලෙස නම්කර ඇති මෙම සම්මුතියට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 2004 වර්ෂයේ අස්සන් කර එහි පාර්ශ්වකරුවකු බවට පත්වීම සිදු කළා. එබැවින් අපි රාජ්‍යයක් ලෙස 2004 වර්ෂයේ සිට එම සම්මුතියේ සඳහන් නෛතික වගන්තීන්ට අනුකූලව කටයුතු කිරීමට බැඳී සිටිනවා.

මෙම සම්මුතිය පහත සඳහන් ප්‍රධාන විෂය ධාරාවන් 5 ඔස්සේ ක්‍රියාත්මක වනවා.

  1. වැළැක්වීම (Prevention)
  2. අපරාධකාරීත්වය සහ නීතිය ක්‍රියාත්මක කිරීම (Criminalaization, Law Enforcement)
  3. ජාත්‍යන්තර සහයෝගිතාව (International Corporation)
  4. දූෂණ ක්‍රියාවන් මගින් අහිමි කර ඇති දේපළ සොයා ගැනීම (Recovery of illegal assets)
  5. තාක්ෂණික සහාය ලබාගැනීම (Technical assistant)

මෙම සම්මුතිය දූෂණයන්ට එරෙහිව කටයුතු කිරීමේදී මූලික සිද්ධාන්තයන් (Fundamental principles) හතරක් ආවරණය කරනු ලබනවා. එනම්

  1. අල්ලස.
  2. වෙළෙඳ ගනුදෙනු සඳහා සිදුකරන මැදිහත්වීම්.
  3. නිල තත්ත්වය භාවිත කරමින් සිදුකරන රාජ්‍ය මෙන්ම පෞද්ගලික දේපළ අවභාවිතය.
  4. රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශය තුළද විනිවිද භාවයකින් තොරව සිදුකෙරෙන දූෂණ ක්‍රියා මෙම මූලික සිද්ධාන්තයන් අතරට ගැනෙනවා.

තුන්වැනි ලෝකයේ රටවල රාජ්‍ය නායකයන්, දේශපාලනඥයන්, හමුදා මෙන්ම සිවිල් උසස් රාජ්‍ය නිලධාරීන් තම දේශපාලන මෙන්ම රාජ්‍ය බලයද අවියක් ලෙස භාවිත කරමින් සිදුකෙරෙන රාජ්‍ය දේපළ කොල්ලකෑම සුලබ සිදුවීමක්. මේවා අතරින් බහුතරයක් එම දේපළ අයත් රාජ්‍යයෙන් බැහැරට ගෙනගොස් විවිධ ක්‍රම උපයෝගී කරගනිමින් වෙනත් රාජ්‍යයන්හි ආයෝජන ලෙස සඟවා තබනවා. මෑතකදී මහත් ආන්දෝලනයට ලක්වෙමින් එළිදැක්වුණු පැනමා පත්‍රිකා සහ පැන්ඩෝරා පත්‍රිකා මගින් හෙළිදරව් කරනු ලැබුවේත් එලෙස කොල්ල කන ලද රාජ්‍ය දේපළ සඟවා ඇති ස්ථානයන් දෙකක් ගැනයි. එහෙත් අවාසනාවකට මෙන් පැනමා පත්‍රිකා හෝ පැන්ඩෝරා පත්‍රිකා සම්බන්ධව මෙතෙක් ශ්‍රී ලංකා රජය ක්‍රියාකාරී මැදහත් වීමක් සිදුකර ඇති බවක් නම් අපට පෙනෙන්නට නැහැ.

එක්සත් ජාතීන් විසින් එළිදක්වා ඇති මෙම වැදගත් සම්මුතියේ 51 වැනි වගන්තිය මගින් එසේ සඟවා ඇති රාජ්‍ය දේපළ සොයාගැනීම සඳහා දේපළ අයත් රාජ්‍යයට සම්පූර්ණ සහයෝගය ලබාදීමටත් එම දේපළවල සුරක්ෂිතභාවය ආරක්ෂා කිරීමටත් නිසි නෛතික ක්‍රියාදාමයකින් පසුව එම දේපළ අයිති මුල් රාජ්‍ය වෙත ආපසු ලබාදීමට කටයුතු කිරීමටත් සියලු‍ම සාමාජික රටවල් මෙම සම්මුතිය මගින් බැඳී සිටීම ඉතා සුබදායක තත්ත්වයක්.

බොහෝ අවස්ථාවල මෙම රාජ්‍ය දේපළ කොල්ලකෑමේ ව්‍යසනයේ ගොදුරු බවට පත්වන්නේ තුන්වන ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටවල්. සංවර්ධිත මෙන්ම දියුණු රටවල පවතින ශක්තිමත් නෛතික පද්ධතිීන් මෙම තත්ත්වය පිටුදැකීමට ක්‍රියා කරමින් සිටිනවා. රාජ්‍ය නායකයන් දේශපාලනඥයන් සිවිල් මෙන්ම හමුදා උසස් රාජ්‍ය නිලධාරීන් ඇතුළු පාර්ශ්වයන් තම දේශපාලන සහ සිවිල් බලය උපයෝගී කරගනිමින් කොල්ලකාගෙන ගොස් වෙනත් රටවල සඟවා ඇති මුල් රාජ්‍යයට අයත් දේපළ නැවත එම රටවලට ආපසු ලබා ගැනීමේ අවස්ථාව මෙම සම්මුතිය මගින් එම සංවර්ධනය වෙමින් රටවලට ලබාදී තිබෙන මහඟු‍ වරප්‍රසාදයක්.

රාජ්‍ය දේපොළ කොල්ලකෑම හේතුවෙන් දරුණු ආර්ථික අගාධයට වැටී සිටින රාජ්‍යයන්ට තමන්ට අයත්ව තිබී චෞර පාලකයන් කොල්ලකනු ලැබූ තම රාජ්‍ය සම්පත් මෙම නෛතික තත්ත්වය හේතුකොට තම රටට ආපසු ලබාගැනීමට හැකිවීම තුළින් කඩා වැටුණු තම ආර්ථිකයන් යළි ගොඩනගා ගැනීමට හැකිවීම වැටී සිටින ආර්ථික අගාධයෙන් ගොඩ ඒමට මහඟු‍ අත්වැලක්ද වනවා නිසැකයි. තවද මෙම සම්මුතිය මගින් කොල්ලකන ලද රාජ්‍ය දේපළ සැඟවීමට ලෝකයේ කිසිදු ස්ථානයක් නොමැති බවට සුවිශේෂ පණිවුඩයක්ද දූෂිත දේශපාලනඥයන්ට මෙන්ම රාජ්‍ය නිලධාරීන් වෙතද සංජානනය කරනවා. මෙම තත්ත්වය රාජ්‍ය දේපොළ කොල්ලකෑම හේතුවෙන් අන්ත අසරණ අඩියකට පත්වී සිටින එම රටවල ජනතාවට ලැබෙන සහනය සුවිශේෂයි.

මෙම සම්මුතිය 43 වැනි වගන්තිය මගින් සාමාජික රටවල් සියල්ල තම රටෙහි ආයෝජනය කර හෝ සඟවා ඇති වෙනත් රාජ්‍යයකට අයත් යම් දේපළක් එම දේපළ හිමි රාජ්‍ය වෙත ලබාදීම සඳහා දිය යුතු පූර්ණ ආරක්ෂාව සහ නෛතික සහාය ලබාදීමට සම්මුතිය මගින් නෛතිකව බැඳී සිටිනවා. මෙම විෂය අරබයා ප්‍රශ්නයට තුඩුදී ඇති රටවල් අතර සිදු කෙරෙන අන්‍යොන්‍ය නීති සහාය ලබාදීමේ ක්‍රියාවලිය (Mutual legal assistant) තුළින් තමයි මෙම සියලු‍ කටයුතු ක්‍රියාත්මක වන්නේ.

විශේෂයෙන්ම තුන්වැනි ලෝකයේ දියුණු වෙමින් පවතින රටවල් වෙතින් මෙලෙස කොල්ලකා වෙනත් රටවල සඟවා හෝ ආයෝජනය කර ඇති දේපළ නැවත සොයාගෙන ඒවා එම දේපළ අයිතිය හිමි මුල් රටවල්වලට ලබාදීම සඳහා ස්විස්ටර්ලන්තය කේන්ද්‍රකොටගත් සංවිධානයක් මේ වන විට බිහිවී තිබෙනවා. ස්විස්ටර්ලන්තය බාසිල් විශ්වවිද්‍යාලයට අනුබද්ධ පිහිටා ඇති ලාභ නොලබන සංවිධානයක් (Non profitable organisation) ලෙස පිහිටුවා ඇති “නීති විරෝධී දේපළ ආපසු ලබාගැනීමේ ජාත්‍යන්තර මධ්‍යස්ථානය” (International Centre for Asset Recovery- I.C.A.R) ලෙස නම්කර ඇති මෙම සංවිධානය මගින් මේ වන විට ඉතා සාර්ථක ලෙස රාජ්‍ය දේපළ ආපසු ලබාගැනීමේ ක්‍රියාන්විත කීපයක් ලොව පුරා මේ වන විට ක්‍රියාත්මක කර තිබෙනවා. ඒවා අතර නයිජීරියාවේ හිටපු ජනාධිපති ජනරාල් සානි අබාචා (General Sani Abacha) විසින් ඔහු පාලන තන්ත්‍රයේ රැඳී සිටි 1993-1998 කාලය අතරතුර නයිජීරියාවේ රාජ්‍ය දේපළ ලෙස කොල්ලකනු ලැබූ ඩොලර් බිලියන තුනකට අධික වටිනාකමකින් යුත් දේපළ ආපසු නයිජීරියා වෙත ලබාගැනීම.

පේරු රාජ්‍යයේ බුද්ධි අංශ ප්‍රධානියා මෙන්ම ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකයා ලෙස ඇල්බර්ටෝ පූජියමා ජනාධිපතිවරයා යටතේ සේවය කළ ව්ලැඩිමීර් මොන්ටිසිනෝ විසින් 1990- 2000 කාලය තුළ පේරු රාජ්‍යයෙන් කොල්ලකා ස්විස් බැංකුවල සඟවා තිබූ ඇමෙරිකානු ඩොලර් බිලියන දෙකකට අධික දේපළ නැවත සොයාගෙන පේරු රාජ්‍යය වෙත ලබාදීම.

1960-1986 කාලය තුළ පිලිපිනයේ ජනාධිපති ධුරය දැරූ පර්ඩිනන්ඩ් මාකෝස් සිය පාලන කාලය තුළ නීති විරෝධී ලෙස උපයා ගන්නා ලද පිලිපීන රාජ්‍යයට අයත් ඩොලර් බිලියන දහයකට ආසන්න වටිනාකමකින් යුත් ලෝකයේ විවිධ රාජ්‍යයන්වල බැංකු සහ පෞද්ගලික ව්‍යාපාර තුළ ආයෝජනය කර සඟවා තැබූ ඩොලර් බිලියන දහයකට ආසන්න වත්කම් ප්‍රමාණයක් සොයාගෙන එම වත්කම් ආපසු පිලිපීනය වෙත ලබාදීමට ක්‍රියා කිරීම.

උස්බෙකිස්ථානයේ හිටපු ජනාධිපතිවරයාගේ දියණිය වූ ගුල්නාරා කරිමෝවා සිය පියාගේ පාලන කාලය තුළ කසකස්තානය වෙත ස්වීඩන් රාජ්‍ය මගින් දුරකතන සේවා සැපයුම් පද්ධතියක් ලබාගැනීමේ ගනුදෙනුවේදී අල්ලසක් ලෙස ඇමෙරිකානු ඩොලර් බිලියන දෙකක් ලබාගැනීමේ සිද්ධිය සහ එම මුදලින් කොටසක් නැවත කසකස්තානය වෙත ලබා ගැනීමට කටයුතු කිරීම සැලකිය යුතු තත්ත්වයක්. මේ වන විට ශ්‍රී ලංකාව මෙන්ම ලෝකයේ රටවල් 189ක් එක්සත් ජාතීන්ගේ මෙම සම්මුතියේ පාර්ශ්වකරුවන් වී සිටිනවා. උගන්ඩාව, කෙන්යාව මෙන්ම සීෂෙල්ස් රාජ්‍යයේද මෙම සම්මුතියේ පාර්ශ්වකරුවන් බව අපට ලෙහෙසියෙන් අමතක කළ නොහැකියි. එයට ප්‍රධානම හේතුව වන්නේ ශ්‍රී ලංකාවට අයත් රාජ්‍ය දේපළ විශාල ප්‍රමාණයක් ඉහත සඳහන් රටවල ආයෝජන ලෙස සඟවා ඇති බවට මේ දිනවල සමාජය පුරා පැතිර යන කටකතා හේතුකොටගෙනයි.

ප්‍රියන්ත ජයකොඩි
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (විශ්‍රාමික)

SendShareShare
Previous Post

කයිවාරුව නම් මිනිස්සුන්ගේ සල්ලිවලින් තව ප්ලේන් 21ක් ගන්න! මෙන්න ශ්‍රී ලන්කන් එකේ දැන් තියෙන ප්ලේන්වල හැටි! (VIDEO)

Next Post

කෑම-බීම-බෙහෙත් ගේන්නවත් ඩොලර් නැතිව තිබියදී තෙල් බාගන්න බැරිව අණ්ඩුව නැව් ‌2කට ඩොලර් මිලියනයක් ප්‍රමාද ගාස්තු ගෙවලා!

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.