ආණ්ඩුව උග්‍ර ඩොලර් හිගයකට මුහුණ පා සිටියදී ඩීසල් සහ පෙට්‍රල් නැව් තොග දෙකක් (92 සහ 95) ගොඩබෑමේ ප්‍රමාදය සඳහා රජයට ඩොලර් මිලියන 1කට වැඩි මුදලක් ගෙවීමට සිදුව තිබේ.
සමගි ජනබලවේගය (SJB) වෘත්තීය සමිති කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා ඊයේ (02) ප්‍රකාශ කළේ චීනය, ඉන්දියාව සහ අනෙකුත් ප්‍රධාන බලවතුන්ගෙන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම සහ සහාය අපේක්ෂා කරන අවස්ථාවක ඇදහිය නොහැකි තරම් මේ සිදු කරන මුදල් නාස්තිය සම්බන්ධයෙන් රජය පැහැදිලි කිරීමක් කළ යුතු බවයි.
පාලිත මහතා පැවසුවේ විටෝල් ඒෂියා (සිංගප්පූරු) පුද්ගලික සමාගමෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) සමඟ ඇතිකරගත් ගිවිසුමකට අනුව තොග දෙකක් සපයා ඇති බවයි.
2021 ඔක්තෝම්බර් මස අගදී, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් Vitol Asia (Singapore) Pvt Ltd වෙත 2022 ජනවාරි සිට 2022 අගෝස්තු දක්වා ඩීසල් සහ පෙට්‍රල් (92 සහ 95 යන දෙකම) සැපයීම සඳහා කොන්ත්‍රාත්තු ප්‍රදානය කරන ලදී.
ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ආනන්ද පාලිත කියා සිටියේ ඩීසල් රැගත් ස්වර්ණ පුෂ්ප් යාත්‍රාව ගොඩබෑම සති අන්තයේ ආරම්භ වූ අතර, දින 31 ක් මුහුදේ ගත කිරීමෙන් පසු, අවශ්‍ය මුදල් ගෙවීමට ශ්‍රී ලංකාව අපොහොසත් වීම හේතුවෙන් දින 31ක් සඳහා ප්‍රමාදය සදහා ඩොලර් 558,000ක් ගෙවීමට සිදුව ඇති බවකි.
මීට අමතරව පෙට්‍රල් 92 සහ 95 මෙට්‍රික් ටොන් 38,000ක් රැගෙන මාර්තු 28 වන දින පැමිණි තවත් යාත්‍රාවක් වන Torm Adventurer ගොඩබෑම ආරම්භ කිරීමට නියමිතව තිබුණි. නෞකාව ගොඩබෑමේ දින 34ක ප්‍රමාදයක් සඳහා ප්‍රමාද ගාස්තු ලෙස ශ්‍රී ලංකාව දැන් ඩොලර් 600,000කට වඩා ණය වී ඇත.
පාලිත කියා සිටියේ දිනකට අමතර ඩොලර් 18,000 ක් මුළු මුදලට එකතු වූ බවයි.