• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තිබ්බතයේ පහළ වූ බුදුවරු! ධර්මඩොඩේතුමාගේ ඉරණම දුටු මර්පා ලෝත්සාවා!

May 2, 2022
in Exclusive
Reading Time: 14 mins read
A A
තිබ්බතයේ පහළ වූ බුදුවරු! ධර්මඩොඩේතුමාගේ ඉරණම දුටු මර්පා ලෝත්සාවා!
Share on WhatsAppShare on Facebook

මේ මහායාන වෘතාන්තය මිනිස් ලොව පහළවූ තුන්වැනි බුදුවරයාණන්වූ “මර්පා ලොත්සාවා”තුමන් බෝධිසත්ව අවධියේ විසූ ක්‍රි.ව. 1050දී පමණ සිදුවූවකි. (මර්පාතුමාගේ ආචාර්යවරයාණන් වහන්සේ ලොවට පහළවූ දෙවැනි බුදුන් වන“නාරෝපා”තුමාණෝයි. එතුමා (නරෝපා) තවමත් හිමාල වනයේ සමාධි සුවෙන් වෙසෙමින් තම භක්තිවන්තයන්ගේ උපද්‍රවයනට පිහිට වීමට අවස්ථානුකූලව පහළවන බව කියති.) ඒ සමයේ (ක්‍රි.ව1050) එතුමා (මර්පා ලොත්සාවා) තිබ්බතයේ (ටිබෙට්) භූතාන දේශසීමාවේ පදිංචිව සිටි මහාචාර්යවරයෙකි. මහා යෝගියෙකි. ධ්‍යාන (අභිඥා) ලාභියෙකි. චෛතසික සන්නිවේදන (MIND TRANSMISSION) ශක්තිය තිබූ බෝධිසත්වයෙකි. එසේම තිබ්බතයේ සිට ගිරිදුර්ග වන දුර්ග ගෙවා පාගමනින්ම තෙවරක් ඉන්දියාවට ගොස් ධර්මය සහ ඉන්දියානු භාෂා අධ්‍යයනය කළ ප්‍රාඥයෙකි.

(චෛතසික සන්නිවේදනය යනු තමන්ගේ සිතේ ඇතිවන හැඟීමක් වෙනත් කෙනකුගේ සිතට සම්ප්‍රේෂණය කිරීම සේම වෙනත් කෙනකුගේ හැඟීම්ද දැනගැනීමේ ථෙරවාදී පරචිත්ත විජානන හැකියාවයි.)

ඒ සමයේ එතුමෝ භූතානයේ සිට “ලොට්ට්‍රක්” නගරයට යන මාර්ගයට මුහුණලා පිහිටි තෙමහල් මන්දිරයක සිය දරුවන් සත්දෙනාත් බිරියත් (ඩග්මෙමා) සමග පදිංචිව උන්හ.

වැඩි මහල් පුත්‍රයා “ධර්ම ඩොඩේ”ය. සෙසු හයදෙනා පිළිවෙළින් ධර්ම සම්තෙන්, චෝපාල්, මර්ලෙප්, පල්ඕ, ත්‍රක්ඕ සහ චරික් බොර්ලෝ වූහ.

“මර්පා ලොත්සාවා”තුමා විසුවේ මන්දිරයේ ඉහළම මාලයේය. පනහකට ආසන්න අන්තේවාසික ශිෂ්‍යයින් පදිංචිව සිටියේ පහළම මාලයේය.

දෙවැනි මහලේ උන් අවිවාහක ධර්මඩොඩේද පැතිරුණු කීර්තිනාමයක් තිබූ බෝධිසත්වයෙකි. එතුමාටද එතුමාගේ පියාට මෙන්ම චෛතසික සන්න්නිවේදන ශක්තිය හිමිව තිබුණේය. ඔහු කමටහන් (භාවනා අරමුණු-අභ්‍යාස), ධර්මය සහ තන්ත්‍රයාන ඉගෙනීමට අවශ්‍ය ඉන්දීය භාෂා අධ්‍යයනය කළේ තම පියාගෙනි.

ධර්ම ඩොඩේතුමා “න්ගමොවු ෂූල්” උත්සවයට යාම “ලොට්ට්‍රක් නගරයේ වාර්ෂික න්ගමොවු ෂූල් සල්පිලයි මහා සාදයයි (දානය) අනිද්දා. ඔබතුමියගෙ අයියා තමයි උත්සවයේ සියලු වියදම් දරන්නෙ. මුල ඉඳලම මර්පා තුමා(ඩග්මෙමා ගෙ සැමියා)තමයි උත්සවයේ ප්‍රධාන අමුත්තා වුණේ. මම ආවෙ එතුමාට හරි එතුමාගෙ පුතා ධර්ම ඩොඩේ තුමාට හරි මෙවරත් උත්සවයට එන්න කියල සංවිධාන කමිටුවෙ ආරාධනාව පිළිගන්වන්න. අනිවාර්යයෙන්ම ඒ දෙන්නගෙන් කෙනෙක් එතැන ඉන්නම ඕනෑ.” දින කීපයකට පෙර පැමිණි අමුත්තකු තම මව හමුවී උත්සවයට ආරාධනා කළ අන්දම “ධර්ම ඩොඩේ”තුමාට සිහි විය.

“අපේ මර්පා තුමයි පුතයි දෙදෙනාම “උග්‍ර වෘතයක” යෙදිල ඉන්නෙ. වෘතය අවුරුදු තුනක් නොකඩවා යෙදෙන්න ඕනැ. තාම අවුරුද්දයි. දෙන්නගෙන් එක් කෙනකුවත් වැඩිපුර කොහෙවත් යන්නෙ නෑ. ඕනෑම නම් මෙහෙ ඉන්න උසස් මට්ටමේ වෙනත් ශිෂ්‍ය පුත්‍රයකු එවන්න පුළුවන්” ඒ තම මව අමුත්තාට දුන් පිළිතුරය.

අමුත්තා මෙසේ පිළිතුරු දුන්නේය.‘එක්කෝ මර්පා තුමා, නැත්නම් ධර්ම ඩොඩේතුමා, වෙන කවුරුවත් වැඩක් නෑ. ඔන්න සංවිධාන කමිටුවෙන් පැවරුණු රාජකාරිය මම ඉටුකළා. මම යනවා.’අමුත්තා පිටත්ව යන හඬත්, මව fදාරටුව වසන හඬත් ධර්ම ඩොඩේට ඇසුණේය.

‘උත්සවයට යන්න අවශ්‍ය සුදුසුකම් සියල්ල මා ළඟ තියෙනවා. මගේ මාපිය දෙදෙනාම සමාජ මට්ටමේ කැපීපෙනෙන අය. නෑදෑයන් නිසා බරකුත් නෑ. අවශ්‍ය ධර්ම ඥානයත් මට තියෙනවා. මම උත්සවයට යන්න ඕනෑ’ඔහු තමාටම කියා ගත්තේය.

උත්සව දින උදේ ධර්ම ඩොඩේ අවදිවී කවුළුවෙන් බලන විට ඇඳුම් ආයිත්තම්වලින් සැරසුණු බොහෝ දෙනකු වැල නොකැඩී උත්සවයට යන අන්දම ඔහු දුටුවේය.

දත් නැති කටවල් ලොඹු ගැහුණු මැහැලියන් තිදෙනෙක් පිරිස මැද්දේ හැරමිටි වාරුවෙන් යමින් උන්හ. උන්දැලා තුන්දෙනාම එකාවන්ව එකම මොහොතේ ධර්ම ඩොඩේ දෙස බැලූහ.

‘ඔය උත්සවේ කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නෑ. මාරයා එන්නෙත් දන්වන්නෙවත් නැතුව, ඒ නිසා තව සැරයක් ඒ උත්සවයත් සල්පිලත් බලාගන්න පුළුවන් වෙයිද දන්නෙත් නෑ’ ඉන් එක් මැහැලියක් කීවාය.

ඇය එසේ කීවේ අනිත් දෙදෙනාට නොව තමන්ට යැයි ධර්ම ඩොඩේ සිතුවේය.

“මෙච්චර වයසක අයත් යනව නම් මමත් යන්නම ඕනෑ” ඔහු උත්සවයට යාමට තීරණය කෙළේය.
‘කන්ද වැඩි නම් පල්ලමත් වැඩියි, ලාභය වැඩි නම් අනතුරුත් වැඩිය, ධර්මය ගැඹුරු නම් මාරයාත් ගැඹුරුයි, බාධා වැඩි නම් තත්ත්වයත් භයානකයි. මාර්ගයේ යන පිරිස දෙස බලා සිටියදී ඔහුට සිතුණේය.

තම පියාටද නොකියා උත්සවයට යාමට ඔහු අසු පිටට නගිද්දී ඔහුගේ මව පැමිණ ගමන වළකන්නට තැත් කළත් උත්සාහය අසාර්ථක වූ විට කිසිසේත්ම කඩ නොකරන ලෙසට බලකළ ඕ ඔහුගෙන් පොරොන්දු හතක් ගත්තාය.

  1. ආසන පේළියේ මුලින්ම වාඩි වෙන්න එපා. 2. ප්‍රධාන අමුත්තා හැටියට දෙන දේවල් පිළිගන්න එපා. 3. පිළිගැනීමේ කතාව කරන්න එපා. 4. ධර්මානුශාසනාවක් පවත්වන්නත් එපා. 5. චං (බීම වර්ගයක්) බොන්නත් එපා. 6. උත්සව භූමියේදී අශ්වයන් පිටේ යන්නත් එපා. 7. මද්දහනට පෙර ආපසු එන්න පිටත්වෙන්නත් ඕනෑ.

ඒ පොරොන්න්දු ගත් ඕ ඉතාම විශ්වසනීය ශිෂ්‍යයන් වන “ජෙට්සුන් මිලා” සහ “මර්පා ගොලොක්” ඇතුළු සිසුන් සිවුදෙනකු ද පුත්‍රයාගේ ආරක්‍ෂාවට යැව්වාය.

(“මිලා රෙපා” නමින්ද හඳුන්වනු ලැබූ ජෙට්සුන් මිලාට ඒ වන විට චිත්ත බලයෙන් මහ වැසි මේඝ ගර්ජනා ආදී ගුප්ත දේ ඇතිකිරීමේ ශක්තිය (ඍද්ධි) තිබුණෙන් ආශ්‍රමයේ සෑම කෙනකුම ඔහු ඇමතුවේ ‘ඉන්ද්‍රජාලික අයියා’ නමිනි. (වජ්‍රයාන බුදුදහමේ ඉගැන්වෙන අන්දමට හෙතෙම ඒ ජීවිත කාලය තුළ සියලු පාපකර්ම ගෙවා බුද්ධත්වයට පත්වූවේය).

ධර්මඩොඩේතුමාට මාරක අනතුරක්

“න්ගමොවු ෂූල්” උත්සවයට ගොස් ආපසු එන ගමනේදී ධර්මඩොඩේතුමා හදිසි අනතුරකට මුහුණ පෑවේය.

“ඒ, අශ්වයා අනපේක්‍ෂිතව කුලප්පුවීමෙනි. සිහිසුන් ධර්මඩොඩේතුමා නිවෙසට කැටුව පැමිණි ජෙට්සුං මිලා සිය ආචාර්යවරයාගේ දෙපා වැඳ වැළපුණේය.

‘පුතාගෙ ඔළු කට්ට බිඳුණෙ කොයි හරියෙදිද? තාම පණ තියෙනව නේද?’ ඔහු දෙස සුළු වෙලාවක් බලා සිටි මර්පා ලොත්සාවාතුමා ඇසුවේය.

‘එහෙමයි, ෂේන් තැන්නෙදි’

ඔළුවෙ තුවාලෙ බැන්දෙ උර පටිය දිග අතට දෙකඩ ඉරල නේද?’ එතුමා කවුළුවෙන් පිටතට යොමු කළ හිස් බැල්මකින් යුතුව යළිත් ඇසුවේය.

“එහෙමයි”

“මා දුටු සොප්නයේ (සිහිනයක් බඳු දර්ශනය) හැටියට පුතාගෙ ඉරණම ඒ හැටියටම වෙලා තියෙනවා” මර්පා ලොත්සාවාතුමන් ඇසෙන නෑසෙන හඬින් තෙපලනු ජෙට්සුං මිලාට ඇසුණේය.

කවුළුවෙන් පිටත එක එල්ලේම දිස්වූයේ මන්දිරයේ අංගනයයි. (මිදුල) ඉන් ඔබ්බේ නගරාන්තර ප්‍රවේශ මාර්ගයයි. මාර්ගය හරහා ගමන් කළ විට වගා යායකි. වගා භූමිය කෙළවරින් ආරම්භ වූයේ සැතපුම් ගණනාවක් දුරට විහිදෙන ‘ට්‍රෝවෝ’ නිම්නයයි. ඉන් මත්තේ හිස් අභ්‍යාවකාශයයි.

ජෙට්සුං මිලාගේ විස්තරය

ජෙට්සුං මිලා අනතුර පිළිබඳ ආශ්‍රමයේදී කළ විස්තරය මෙසේය.

උත්සව ශාලාවට යන විටත් මහත් පිරිසක් රැස්ව උන්හ. එහෙත් ආචාර්යවරුන්ට වෙන්කර තිබූ කොටසේ හොඳටම ඉඩකඩ තිබිණි. ඉඳගැනීමේදී සිය මාතාවගේ කොන්දේසි සිහි කළ ධර්මඩොඩේතුමා සිය සගයන් බණවා සියල්ලන්ටම කෙළවර පසුපස ආසනවල ඉඳගත්තේය.

කිසියම් කණ්ඩායමක් පිටුපසින් වාඩිවූ බවක් දැනුණෙන් ඉදිරි අසුන්වල වූවෝ පසුපස බැලූහ. ‘ධර්ම ඩොඩේ ආචාර්යතුමා. මර්පා ලොත්සවාතුමාගෙ පුතා. එතුමාට ඉදිරියෙන් අපට ඉඳගෙන ඉන්න කොහෙත්ම හොඳනෑ. අපි යමු පස්සට’ සියලුම ආචාර්යවරු නැගිට අවුත් ධර්ම ඩොඩේතුමාට හිස නමා පසුපස ආසනවල වාඩිවූහ.

ඒ සිද්ධියෙන් එතුමා නිරායාසයෙන්ම පළමු පේළියේ පළමුවැනියා වූවේය. ඒ අනුව ඔහු උත්සවයේ ප්‍රධාන ගරු කටයුතු ආරාධිතයාද වූයෙන් පිරිනැමුණු තෑගි භෝග පිළිගැනීමටද ආරාධිත කතාව කරන්නටද සිදුවිය. සභාවේදී සෙසු ආචාර්යවරුන් කිපදෙනකුම තමන් නොදන්නා ධර්ම කරුණු ගණනාවක්ම පැහැදිලි කරගැනීම සඳහා විමසුවෙන් ඒ සෑම කරුණක්ම හෙතෙම පහදා දුන්නේය. එම විස්තරය ධර්මානුශාසනාවකටද එහා ගියේය.

ධර්ම ගැටලු විසඳීමේ ගෞරවය පිරිනැමූ ආචාර්යවරු සියල්ලෝම චං (බීමකි. ආචාර ගෞරවය සඳහා පිරිනමයි) ස්වල්පය බැගින් පිරිනැමූහ. ඒ පිරිනැමීම් පිළිගැනීම කඩකළ නොහැකි චාරිත්‍රයකි.

කාලානුරූපව සියල්ල සිදුවූයෙන් වෙනත් කළ හැකි දෙයක් නොවූ තැන ජෙට්සුන් මිලා (ඉන්ද්‍රජාලික අයියා) මෙසේ කීවේය.

‘ගුරුතුමනි, මාතාව දුන් සෑම පොරොන්දුවක්ම කැඩිල. දැන්වත් පිටත්වෙමු?’

ඔහු ආපසු ඒමට ශාලාවෙන් එළියට පැමිණියත් ඒ අවස්ථාව එනතුරු අයෙක් බලා උන්හ. ඔහු උත්සවයේ සියලු බරපැන දැරූ ලොට්ට්‍රක් පළාතේ ධනවත්ම තැනැත්තා වූ ධර්ම ඩොඩේ ගේ මවගේ වැඩිමල් සොහොයුරාය. අසීමිත ධනයක් තිබුණත් ඔහුට දරු සම්පතක් නොවීය. ඔහු පැමිණ සිටියේ සිය වේගවත්ම ජවාධිකයා (අශ්වයා) වූ “යුද උරහිස් කාකයා” නමැති අශ්වයා රැගෙනය.

‘බෑණා, ඔබ කළ කී හැම දේකින්ම ඔබගේ ප්‍රඥාවේ තරම සියලු ප්‍රදේශවාසීන් අවබෝධ කරගත්තා. ඔබ මගේ මස්සිනාටත් වඩා (ධර්ම ඩොඩේගේ පියා) උත්තරීතරයි. ඒක මට මහත් ආඩම්බරයක්. ඔයාගේ තවත් එක හපන්කමක් මේ පිරිසට පෙන්වනතුරු මට නින්ද යන්නෙ නෑ. ඒ ඔබ දක්‍ෂ අශ්වාරෝහකයකු කියන එකයි”.

‘මාමෙ, මම ඒක වෙන වෙලාවක පෙන්වන්නං, මම එනකොට අම්මා දුන් පොරොන්දු ඔක්කොම කැඩිලා. මම අශ්වයකු පිටේ නැග්ගොත් ඉතුරු එකම එක පොරොන්දුවත් කැඩෙනවා. ඒ නිසා මම යන්නම්.’ ඔයාගෙ අම්මා මහ බලසම්පන්න කෙනෙක් තමයි. ඒත් එයා මගෙ බාල නංගි. මට ඔයාට යමක් කියන්න එයාටත් වැඩිය අයිතියක් තියෙනවා. මම ඔයාට තෑග්ගට ගෙනා මගේ හොඳම අශ්වයා පිටේ මේ අයට පේන්න රවුමක් යන්න’ යැයි තම ඇවැස්ස බෑණා අශ්වයා පිටට බලහත්කාරයෙන් නංවමින්ම හෙතෙම කීයේය.

මාමා පමණක් නොව ඔහුගේ පවුලේ සියලු දෙනාත් ඥාති මිත්‍රයෝත් අසල් වැසියෝත් ගම්මු(නු)ත් පුල පුලා බලා උන්හ. තම නිවෙස ඉදිරියෙන් ගමන් ගත් අර මැහැලියන්ද ඒ අතර සිටිනු ඔහු විදුලියක් සේ දැක්කේය. කුදුගැසී උන් තිදෙනාම හැරමිටි වාරුවෙන් උන්හ. ඔහුගේ නෙත් ඔවුන්ගේ නෙත් සමග ගැටුණු කල ඔවුහු තිදෙනාම ලොඹු කටවල් පළල් කර සිනාසෙන්නට වූහ. අනතුරුව එක් අතක් වනා සතුට පළ කළහ. ඔවුන්ගේ අසාමාන්‍ය සිනාව ඔහුගේ කොඳු නාරටිය සීතල කරමින් දිව ගියේය. හෙතෙම විදුලි කොටන්නාක් මෙන් තමා අනුන්ට පෙනෙන නොපෙනෙන වේගයෙන් අසු ධාවනය කෙරෙව්වේය.

අනතුරුව සිය මාමා ළඟට ආවේය.

ඒ සමගම ඉතාම සංවේගී ස්වරයෙන් ජෙට්සුං මිලා මෙසේ කීවේය. ‘ගුරුතුමනි ඔබතුමාගේ මෑණියන් දුන් සියලුම පොරොන්දු කඩකර ඉවරයි. මිනිසුන් විසිර යන්නට පෙරවත් අපි පිටත්වෙමු’.
ඒ වචන ටිකෙන් නම් ධර්ම ඩොඩේ ගැස්සුණේය.

ඒ අවස්ථාවේ සියල්ලන්ම ඔහු ළඟට අවුත් වටිනා තෑගි බෝගද පිරි නැමුවේය. මාමණ්ඩිය ඇතුළු සියලු දෙනාට ආශීර්වාද කළ හෙතෙම සිය සගයන් සමග පිටත් වූවේය. ධර්ම ඩොඩේ තෑගි ලද අශ්වයා පිට නැග්ගේය. ජෙට්සුන් මිලා අශ්වයාගේ කට කලියාවෙන් අල්ලා ගත්තේය. මර්පා ගොලොක් සහ අනිත් තිදෙනා අශ්වයාගේ පිටුපසින් ආවෝය. ඔය අන්දමින් පස්දෙනා ටික දුරක් ගමන් ගත්හ.

‘මෙහෙම යන එක තේරුමක් නෑ, ඔය ඔය හතර දෙනා ටිකක් දුර යනතුරු මම මෙතන නැවතිලා ඉඳලා අශ්වයා පිටේ එන්නම්, හරිද?’ ධර්ම ඩොඩේ ඇසුවේය.

සිවුදෙනාම යෝජනාවට එකඟ වූහ. මාවත වැටී තිබුණේ කඳු බෑවුමක් හරහා බැවින් ප්‍රදේශය ගිරි දුර්ගයක් බඳු විය. සෑම තැනම පාහේ පොළොවෙන් අඩි දෙක තුනක් උඩට මතුවූ ගල් කුට්ටිය.

පහළින් ගලන fදාල අයිනේ මාවත දෙපස රූස්ස ගස් සහිත ලඳු කැලෑවය. නිහ`ඬ පරිසරයේ කුරුල්ලන් ගස්වල කූඩු බැඳ තිබුණේය. ඔන්න ඔය දේවල් බලමින් ඒ ඉසව්ව පසුකරන විට ඔහුට නොදැනීම පැයකටත් වඩා ගෙවී තිබුණේය. ගෝලයන් බොහෝ දුරක් යන්නට ඇතැයි සිතූ හෙතෙම සන්කර අසු මෙහෙව්වේය. පාර අයිනේ පර්වතයක් සමීපයේ ලොකු පඳුරක වටු කුරුලු කූඩුවක් තිබිණි. ජවාධිකයාගේ කුර හඬින් කලබල වූ කිරිල්ලිය සහ පැටව් වේගයෙන් තටු ගසා හඬතලමින් වහා ඉගිල ගියෝය.

ඒ හඬින් තැතිගත් යුද උරහිස් කාකයා උඩ පැන්න විට ධර්ම ඩොඩේ අසු පිටින් විසිවී එක් පාදයක් සෑදලයේ පටියට හිර වූවේය. බිය වූ අශ්වයා නොනැවතීම වේගයෙන් දුවන්නට වූයෙන් පාදයෙන් රැඳී බිම දිගේ ඇදෙන ඔහුගේ හිස ගල් කුට්ටිවල නොකඩවා වැදෙන්නට විය. එයින් ඔළු කට්ට කීප පොළකින්ම බිඳී මොළ කෑලි එළියට පැන්නේය.

තම ආචාර්යතුමා තවත් ප්‍රමාද මන්දැයි හැරි හැරී බලමින් ඉදිරියට යන ජෙට්සුං මිලා (ඉන්ද්‍රජාලික අයියා) දුටුවේ අසරුවා නැතුව දුවගෙන එන අශ්වයා පමණි.

“ගුරුතුමා කෝ” යන සිතුවිල්ල ඇතිවූ වහාම අශ්වයා ළංවූවෙන් බිම දිගේ ලේ පෙරෙමින් ඇදෙන ගුරුතුමාද දක්නා ලද්දේය. හෙතෙම පැන්න ගමන් තෝන් ලණුව අල්ලා අශ්වයා මෙල්ල කර සිහිසුන් ගුරුතුමාගේ හිස ඔඩොක්කුවට ගත්තේය. හිස් කබල අට කඩකට පුපුරා කටු කැබැලි එළියට පැන තිබිණි.

ඒ වන විට අනිත් තිදෙනාද දිව ආවෝය. සිදුවී ඇති දේ දැක ළතෝනිදී වැළපුණෝය.

ඒ අතරේ සිහි ආ ධර්ම ඩොඩේ දෙනත් හැර ‘මහා ඉන්ද්‍රජාලික අයියා, මම අශ්වයා පල්ලෙ වැටුණා, දැන් මොකක්ද කරන්න හදන්නෙ.’

‘අපි ඔබතුමා ඔසවාගෙන යන්න මැස්සක් හදනවා…’

‘නෑ, නෑ මට අශ්වයා පිටේ යන්න පුළුවන්. මාව ඔසවලා තියන්න, ඊට ඉස්සර වෙලා මේ උර පටිය ගලවලා දිග අතට දෙකට ඉරලා මගේ “ෂර්වානිය” තද වෙන්න බඳින්න. ඊට පස්සෙ මාව අශ්වයා පිටේ තියන්න. ගොලෙක් මාමා (මර්පා ගොලෙක්) ඔයා තමයි මෙතන වැඩිමල්ම කෙනා නිසා ඔයා අශ්වයා අල්ලා ගෙන ඉස්සරහින් යන්න. ඉන්ද්‍රජාලික අයියා, මෙයත් එක්ක මගේ දෙපැත්තෙන් යමු. එක්කෙනෙක් පිටිපස්සෙන් එන්න’.

‘ඉන්ද්‍රජාලික අයියෙ, ඔයා අපේ ගෙදරට ගිහින් මට වෙච්චි ඇබැද්දිය ගැන අම්මයි තාත්තයි දැනුවත් කරන්න. අපි හිමින් එන්නං’.

ජෙට්සුං මිලා සියලු විස්තරය කියා නිම කෙළේය.

‘මර්පා ලොත්සවාතුමා කතාවට සවන් දෙන බවක් පෙනුණද, බැල්ම දුර පෙනෙන හිස් අවකාශය දෙසට වූවත් අධ්‍යාත්මය නම් එතැන රැඳී ඇති බවක් පෙනෙන්නට නොතිබූ බව ජෙට්සුං මිලාට හැඟුණේය.

එතෙක් පසඟ පිහිටුවා වැඳ වැටී සිටි ජෙට්සුං මිලා අර්ධකායෙන් නැගී මර්පාතුමා දෙස ගෞරවයෙන් බලා සිටියේය.

මියගිය පුත්‍රයාට යෝගී පියා විඥානය මුදා හරියි.

ටික වෙලාවක් නිහඬව දෙනෙත් පියා සිටි එතුමා මෙසේ කොඳුළේය.

‘ඉරණමේ ලියවිලා තියෙන හැටියට හැම දෙයක්ම වෙලා තියෙනවා. උර පටිය දිග අතට දෙකට ඉරුවා කියන්නෙ, තාත්තයි පුතයි වෙන් වෙන්න කාලෙ ආවා කියන එකයි’ යන්න තමන්ටම මුමුණාගත් යෝගී මහාචාර්යතුමා අනතුරුව ‘ඊයෙ රෑ මම හීනයක් දැක්කා යැයි පවසා ‘පුතාට තවම පණ තියෙනවා. මට තව කරන්න වැඩ ටිකකුත් තියෙනවා’ යනුවෙන්ද කීවේය.

මේ වන විට ධර්ම ඩොඩේ ආචාර්යවරයා කැටුව ගෝලයන් තිදෙනා මිදුලට අවුත් සිටියහ. මර්පාතුමා වහා තම පුතු දක්නට ගියේය.

‘තාත්තේ මම අද උදේ පොළ උත්සවයට ගියා. එනකොට මගදි මම අශ්වයා පිටෙන් වැටුණා. ඔළු කට්ට බිඳුණා. බලන්න තාත්තේ හුඟක් තුවාලද කියලා. ’තම පියා දුටු හැටියේම ධර්ම ඩොඩේ කීවේය. මර්පාතුමා පුතාගේ හිස උකුලට ගෙන පරීක්‍ෂා කෙළේය.

හිස් කබල අට පොළකින් බිඳී මොළ කැබැලි එළියට අවුත් තිබිණි.

‘මගේ පුතා ඒතරම් වේලාවක් ජීවත් වෙන එකක් නෑ’ මර්පා ලොත්සවාතුමා සිතාගත්තේය. ඒ සමගම ධර්ම ඩොඩේට සිහි නැති විය.

මර්පාතුමා පුතාගේ හිස උකුල මතම තබාගෙන ඔහුගේ සිරුර දකුණතට හරවා ඔහුගේ කනට සිය මුව ළං කෙළේය.

අනතුරුව විඥානය මුදාහැරීමේ ස්තෝත්‍රයක් ගයන්නට සිතුවේය. ඊට පෙර ජෙට්සුං මිලා ඇතුළු ශිෂ්‍යයන් තිදෙනාට මෙසේ කීවේය.

’මම හීනෙන් දැක්කෙ කළු පාට උස මනුස්සයෙක්. එයා මගෙ ගුරුතුමා වන නාරෝපා තුමාගේ පණිවිඩයක් අරන් ඇවිල්ල තිබුණෙ. ඒක පණිවුඩයක් නෙමෙයි අණකිරීමක්. ඒ පණිවුඩෙන් කියල තිබුණෙ, මගෙ හදවත ඉල්ලගෙන යන්න කියලා. මම ගුරුතුමාගෙ අණට කීකරු වෙලා හදවත ගලවලා පණිවුඩකාරයාගෙ අතට දුන්නා. ඔහු මගේ හදවත එක අතකින් අරගෙන අනිත් අතේ තිබුණු පාත්‍රයට දාගත්තා. ඒ පාත්‍රය හදල තිබුණෙ මිනී ඔළුවකින්. ඒ මිනී ඔළු පාත්‍රය කොකු පිහියකින් වසාගෙන ඔහු යන්න පිටත් වුණා. ඒ පාත්‍රයෙ පොඩි සිදුරක් තියෙනවා මම දැක්කා. මම ඒ සිදුර දිහා බලාගෙන හිටියා. පණිවුඩකාරයා ඉස්සරහට යන්න යන්න අර සිදුරත් ටිකෙන් ටික ලොකු වුණා. ඒ සමගම මම දැක්කා, අහසේ ඉරයි හඳයි දෙකම එකට පායලා තියෙනවා. මම ඒ දිහා බලාගෙන ඉන්න කොට දැක්කා ඒ දෙකම ටිකෙන් ටික දියවෙලා නොපෙනී යනවා. ලේ විලක් වේළිලා යන හැටිත් දැක්කා.’

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

මරික්කාර් සෙනගත් එක්ක ඇවිත් වැලිකඩ ඉස්සරහා රන්ජන් ඉල්ලලා සෙල්ලම් දාපු හැටි බලන්න! (VIDEO)

Next Post

විමල් සුපුරුදු අධිරාජ්‍යවාදී කාඩ් එක එළියට අදී! කොල්ලො කෙල්ලන්ගේ අරගලයටත් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ලේබල් එක ගහයි! ගෝඨාව බේරයි! අන්තර්වාර වැඩේට ලෑස්ති වෙයි!

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.