ඉන්ධන ප්‍රවාහන කටයුතු වල නිරත ටැංකි රථ හිමියන් අද (30) රාත්‍රියේ සිට වර්ජනයක නිරත වන බව එම සංගමය පවසයි.
පෞද්ගලික ඉන්ධන ටැංකි රථ හිමියන් ඉල්ලා සිිටි සියයට 60ක ගාස්තු වැඩිවීම සම්බන්ධ අද (30) පස්වරුවේ අමාත්‍යවරයා සමග පැවැත්වූ සාකච්ඡාව අසාර්ථක වීම හේතුවෙන් ඔවුන් අද මධ්‍යම රාත්‍රියේ සිට මේක නිරත වන බව පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා පැවසීය.
ඉන්ධන, අමතර කොටස්, රක්ෂණ ගාස්තු සියයට 150කින් ඉහළ යෑම හේතුවෙන් තමන්ද සියයට 60ක මුදල් වැඩිවීමක් ඉල්ලා සිටි බවත් සංගමය අමාත්‍යවරයා සමග ඊයේ (29) පැවැත්වූ විශේෂ සාකච්ඡාවක දී අමාත්‍යවරයා සිය ඉල්ලීම් වලට එකඟ නොවීම නිසා එකගතාවයකින් තොරව සාකච්ඡාව නිමා වූ බව ද හෙතෙම කීය
ඒ අනුව තම සංගමය ඔවුන්ගේ ඉල්ලීම් ලැබෙන තෙක් අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක නිරත වීමට තීරණය කළ බවද හෙතෙම කීය .
පුද්ගලික ටැංකි රථ 600 ක් දිවයින පුරා තෙල් බෙදා බෙදාහැරීමේ කටයුතුවල නිරත වන වන බවද හෙතෙම සඳහන් කළේය .
වර්ජනය හේතුවෙන් කිසිදු ටැංකි රථයක් ඉන්ධන ප්‍රවාහන කටයුතු සඳහා යොදා නොගන්නා බවද හෙතෙම කීය.
රජය තම ඉල්ලීම් ලැබෙන තෙක් අඛණ්ඩව වර්ජනය නිරත වන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ මෙම වර්ජනය හේතුවෙන් රට තුළ යළිත් ඉන්ධන අර්බුදයක ඇති විය හැකි.










