ජාත්‍යන්තර කම්කරු දිනය යෙදී ඇති හෙට දිනයේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ලක්ෂ ගණනක ජනතාවක් සමග කොළඹදී දැවැන්ත මැයි රැලියක් පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදනාම් කොට ඇත.
මෙය මෙතෙක් ලංකා ඉතිහාසයේ පැවැති දැවැන්තම මැයි රැලිය වනු ඇති බවට බොහෝ දෙනෙක් මත පළ කොට තිබේ.
ඒ අනුව අද දිනයේ දැවැන්ත ජනතාවක් සමග කොළඹට ඇතුල් වීමට විපක්ෂනායකවරයා සැලසුම් කොට ඇති බවද දැනගන්නට ඇත.
මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙවර පාලක පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය මැයි රැලි නොපැවැත්වීමට තීරණය කොට තිබීමය.
ජනතා විමුක්ති පෙරමුණද ප්‍රධාන නගර කිහිපයක මැයි රැලි පැවැත්වීමට සැලසුම් කර ඇති බැවින් කොළඹට විශාල ජනතාවක් ගෙන නොඑනු ඇති බවට මත පළ වී ඇත.










