• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගාමිණි ෆොන්සේකා ජීවත් වුණා නම් සුනිල් පෙරේරා සමුනොගත්තා නම් රන්ජන් රාමනායක එළියෙ හිටියා නම් අරගලය කොහෙට යයිද?

April 30, 2022
in Exclusive
Reading Time: 10 mins read
A A
ගාමිණි ෆොන්සේකා ජීවත් වුණා නම් සුනිල් පෙරේරා සමුනොගත්තා නම් රන්ජන් රාමනායක එළියෙ හිටියා නම් අරගලය කොහෙට යයිද?
Share on WhatsAppShare on Facebook

මුහුණු පොතෙහි මේ දිනවල නිතර පළවන එක් පෝස්ටුවක් වේ..,
දවසින් දවස හතර අතට ෂෙයාර් වෙමින් යන එම පෝස්ටුවෙයි.., මාංචු කුට්ටම සමග දෑත ඉහළට ඔසවා ගත් ප්‍රවීණ සිනමා නළු රන්ජන් රාමනායකගේ සේයාරුවක් සමග ඊට පසෙකින්,
‘අනේ රන්ජන් අද ඔබ සිර කූඩුවක නොසිටියා නම්…’ යන වචන පෙළ සටහන්ව තිබිණි.
තවත් තැනක රන්ජන් රාමනායකගේ එවැනිම වූ සේයාරුවක් සමග..,
‘ඔබ අප සමග නැති අඩුව විශාල පාඩුවකි..,’
යනුවෙන්ද සටහන්ව තිබිණි.

ඇත්තෙන්ම කියනවා නම් කොමඩිකාරයකු යැයි ඇතැමුන් රන්ජන් රාමනායකව උපහාසමය හැඟීමකින් සැහැල්ලුවට පත්කෙරුවද ‘රන්ජන් රාමනායක’ වැනි ජනප්‍රිය පුද්ගලයකු අද අරගලය සමග සිටියා නම් එය කලාකරුවනට විශාල හයියක් වන්නට තිබිණි. කලාකරුවනට විතරක් නෙවේය.., අයිතීන් ඉල්ලා හඬන පීඩිත පන්තියේ ජනතාවටද ඔහුගේ අත්වැල් බැඳගැනීම යම් ගැම්මක් වන්නට තිබිණි.

එයට ප්‍රධානම හේතුව වන්නේ නොබියව සහ හරි කෙළින් රාජපක්‍ෂ පවුල්වාදයට එරෙහිව පළමුව කතා කරපු එකම නළුවා රන්ජන් රාමනායක වීමය.

ප්‍රසිද්ධියේ තම නිර්මාණශීලීත්වය හරහාද උපහාසමය චිත්‍රපට හදමින් රන්ජන්, රාජපක්‍ෂලාට වගේම රටට වින කරන අනෙකුත් පක්‍ෂවලටද හොඳ හැටි ගැහුවේය..,

‘සුනාමි හොරා’ යන හොර නාමය හරහා මහින්දට පහර දෙන්නට රන්ජන් කවමදාකවත් බය වුණේ නැත. රාජපක්‍ෂලාට පමණක්ම නොව රටට වින කටින ඕනෑම දේශපාලකයකුටම රන්ජන් කියන්නට ඕනෑ දේ ලුණු ඇඹුල් ඇතිවම කීයේය.

බලාගෙන යනකොට මුං ඔක්කොම එකයි මල්ලි, මුං එකෙක්වත් හොරු අල්ලන්නෙ නැහැ, දන්නවද ඒ ඇයි කියලා… හොරු අල්ලන්න ආව උනුත් හොරු නිසා..,

‘මේ අහන්න මල්ලි.., සුපිරි දේශපාලකයෝ බොරුවට ප්‍රසිද්ධියේ එක එකාට බැණ අඬගහ ගත්තට එයාලා රෑට, රෑට එකට කනවා… එකට බොනවා… හොරු නඩේම රෑට, රෑට එලෙස සෙට් වුණාම හොරු ටික අල්ලන්න කියලා අසරණ ජනතාව ඡන්දය දීලා පත්කරපු එවුන් හොරුන් එක්ක එකට එකතු වෙලා ඩි්‍රන්ක් එක ගන්න කොට රිදුණේ අසරණ ඡන්ද දායකයට විතරයි.

මේ ක්‍රමය වෙනස් කරන්න නම්… උං අපට හොරා සෙට් වෙනවා වාගේ අපිත් සෙට් වෙන්න ඕනෑ… හැබැයි ඒ රෑට, රෑට හොරෙන් නොවෙයි… ප්‍රසිද්ධියේ මහ දවාලේ අපි එකට සෙට් වෙලා මුන්ට විරුද්ධව රැල්ලක් හදන්න ඕනෑ… අපි හැමෝම පාරට බහින්න ඕනෑ… අන්න එතකොට තමයි රාජපක්‍ෂලාගේ පවුල් වාදය මහ පුටුවලින් පාරට ඇදලා දාන්න පුළුවන්…’

සිරගතවී සතියක්, දෙකක් ඉක්ම ගිය තැනදී රන්ජන් ඉහත ආකාරයට කතා කරන ඒ වීඩියෝ පටය මුහුණු පොත හරහා සංගමයක් යැයි කියාගන්නා කණ්ඩායමක් විසින් මුහුණු පොතේ මුදාහැර තිබුණේය.

එයට පාමුලින් අද වාගේ ‘Gota Go Home’ යැයි පළ නොවුණාට රන්ජන්ගේ ප්‍රකාශය අනුමත කරන කමෙන්ටු ඕනෑ තරම් පළවී තිබිණි. සත්තකින්ම කියනවා නම්..,

‘අනේ රන්ජන් අද ඔබ අප සමග පෙළගැසුණා නම්…’

යන වගන්තිය ඔහු කළ ඉහත ප්‍රකාශයන් හරහා ඔහුට ප්‍රිය කරන රසිකයන් වෙතින් පළවීම අතිශයෝක්තියක් නොවන බව කිවයුතුය. ‘සික්ස් ෆැක්ස්’ පෙන්වමින් තමා ජිම් යන බොඩි එක පමණට වඩා පිම්බුවාට රන්ජන් කියන්නේ මෙවැනි අරගලයකදී කලාකරුවනට මෙන්ම සාමාන්‍ය ජනතාවටද මහ විශාල ශක්තියකි.

අරාබියේ ධන කුවේරයකුගේ බිරියගේ ලේ පිපාසය සංසිඳවීම සඳහා හිස දංගෙඩියට දුන් ‘රිසානා’ වෙනුවෙන්ද රන්ජන් තමාට පුළුවන් හරිය හොඳහැටි ඉටු කරපු ආකාරය කාටද අමතක.., රිසානා වෙනුවෙන් කතා කරන්නට රන්ජන් කාලය සහ ඉඩ ඉල්ලා සිටියේද ‘සුනාමි හොරා’ යැයි ඔහු විසින්ම විරුදාවලිය දුන් එවකට ජනාධිපතිව සිටි මහින්ද රාජපක්‍ෂගෙන්ය. තමාගේම හතුරකු කොට සැලකූ මහින්ද රාජපක්‍ෂ හමුවට ඔහු ගියේ හද්දා වන්නියක උපන් තමාට කිසිදු නෑකමක් නැති රිසානා වැනි මුස්ලිම් කෙල්ලක වෙනුවෙන්ය. මාධ්‍ය හරහාද රිසානාගේ මරණ තීන්දුව අසාධාරණ යැයි කියන හඬ නඟන්නට රන්ජන් පෙරමුණ ගත්තා මතකය.

ඉතින්… එහෙව් රන්ජා, රාජපක්‍ෂ කට්ටුවෙහි පරම හතුරකු ලෙස ප්‍රසිද්ධියේ කෑගහපු රන්ජා අද ‘Gota Go Home’ කියන ස්ලෝගන් එක මුල්කර ගත් ජන අරගලය සමග සිටියා නම් අර කිව්වත් වාගේ එහි වටිනාකම කියන්නට බැරිය. එහෙනම් ඉතින් ඉන්තේරුවෙන්ම තවමත් අරගලයට බැස්සේ නැති කලාකරුවන්වද ඔහු ගෙදරටම ගිහින් අඬගහගෙන එනවා නොඅනුමානය. ඔහුව ප්‍රිය කරන කොල්ලො කුරුට්ටන් සහ රසිකයන්ද ඔහු සමග තව තව පෙළගැසෙනවා නොඅනුමානය.

ඉතින් ඒ කීවේ රන්ජන් රාමනායක අරගලයට එක්කර ගත නොහැකි අඩුපාඩුව ගැනය.

මෙවැනි අරගලයකට ප්‍රිය කළ… පාට, පක්‍ෂ හෝ අල්ලස් නැති මෙවැනි පෙළගැස්මකට ආසාවෙන් හිටපු… නිතර මෙවැනි අරගලයක් ගැන හීන දැකපු තවත් කලාකරුවන් අප අතර සිටියේය. ‘සිටියේය’ යන වචනය යෙදුණේ ඔවුන් රන්ජන් රාමනායක වාගේ හිරකූඩුවක ළගින නිසා නම් නොවේය..,

පාට, පක්‍ෂ නැති අරගලයක හීන දැකපු ආණ්ඩු පක්‍ෂයට විරුද්ධව නිදහස් අදහස් සමග පිරිසුදු සිතින් මහ ජනතාව පාරට බහින දවසක් ගැන, බය නැතුව ඔවුනට ඇඟිල්ල දිගු කරන දවසක් ගැන හීන දැකපු ඒ අද්විතීයන්, කලාකරුවන් අතර සිනමා සක්විති ගාමිණී ෂෙල්ටන් ෆොන්සේකා සහ සංගීත ලෝකයේ කිසිදා මියනොයන නාමයක් තැබූ ‘ජිප්සීස්’හි සුනිල් පෙරේරා ඉතාම සුවිශේෂ පුද්ගලයන් දෙදෙනකු විය.

ආගම සහ ජාතිය යන විෂයට කිසි විටෙක බෙදීමක් නොදුන් සුනිල් පෙරේරා හැමදාමත් තම දේශපාලන සටන ගෙනගියේ ගීතයෙන්, විවිධ සංදර්ශන තුළිනි. රූපවාහිනී සාකච්ඡාවකට ආවත් සුනිල් ඕනෑම ආණ්ඩුවක් විවේචනය කරන්න බය වුණේ නැත. ඕනෑම රජයකට පල නොකියා පලා බෙදන්නට බය වුණේ නැත. කියන්නට කියන දේ ශුද්ධ සිංහලෙන් හෝ ඔහු කියා දැමුවේ හැමදාමත් ඔහුගේ රිද්මයෙන් තැනූ චේන් පොටෙහි වූයේ හැම ආගමකම සලකුණය. මිනිසුනට තියා දෙවියන්ටවත් බය නැතිව කියන්නට වුවමනා දේ කියන සුනිල් ආගම මුවාවෙන් බැතිමතුන්ව පෙළන ආගමික නායකයන්ට වුවද හීනියට පහර ගැසුවේය.

සුනිල් පෙරේරා හැමදාමත් ආරම්භ කළේ පවතින කුමක් හෝ රජයක් ගැන සිය නිදහස් අදහස් ප්‍රකාශ කරමින්ය. හැමදාමත් වාගේ ‘ජිප්සීස්’ ප්‍රමුඛ ෂෝ එකකදී අමතක නොකර ගායනය කළ ගීතයක් විය. ඒ.. ‘ඉස්සර මුතුන් මිත්තන් කළ කී දේවල් ගැන පම්පෝරි ගහල පලක් නෑ…’ යන බයිලාවය. හැමදාමත් සුනිල් කීයේ.., ‘සුද්දා හිටියා නම් ලංකාවට මෙහෙම වෙන්නෙ නැහැ කියලාය.’ සින්දුවෙන් බයිලාවෙන් වාගෙම රූපවාහිනී සාකච්ඡාවකට ආවත් සුනිල් පෙරේරා ඒ ටික කීවේය. කලින් කලට ආ හැම රජයක්ම රටට කළ කිසිවක් නැති බව සුනිල් පුන පුනා කීයේ උපහාසය සහ ප්‍රහසනයෙන් වුවද මිනිසුන්ගේ බොක්කටම එය වැදුණේය.

‘සුද්දා හිටිය නම් ටොප්’ නේදැයි කියා සුනිල් පරසක්වල ගැහුවේ කෝට්බෑයට, කලිසමට හෝ තොප්පියට තියෙන කැමැත්තටද..? නැහැ… ඔහු එය කීයේ අවංකවම බොක්කෙන්මය. සුවහසක් රසික පිරිස් ඔහුගේ කියමන් බොක්කටම ගත්තේද ඒ ගැම්මටය. ටිකක් හිතල බලන්න. ජනතාව ගැන මොන තරම් ප්‍රබුද්ධ ගායක ගායිකාවෝ සින්දු කිව්වත්, සුනිල් පෙරේරා කී ඇත්ත කතාව ගැන කිසිවකු සින්දුවකින් කිව්වේ නැත. එහෙම වුණේ ඒ ඇත්ත තුළ වීර පුරන්අප්පුලාට වෙඩි තැබූ සුද්දගේ නම තිබුණු නිසාය. සුනිල් ‘පරසුද්දා’ කියන නාමයට ‘හොඳ නමක්’ හීනියට වාගේ දුන්නේ, ලංකාවේ ඊනියා දේශපාලනය ගැන තිබුණු ‘පට්ට කලකිරීම’ නිසාය. දේශපාලකයන් ඕඩියන්ස් එකේ ඉස්සරහම අසුන් පෙළේ, සිටියදිත් සුනිල් ඔවුනට පහර ගසමින් කතා කළේ සින්දු කීවේ ඒ පට්ට කලකිරීම නිසාමය. චන්ද්‍රිකා කුමාරණතුංගලා වාගේම මහින්ද රාජපක්‍ෂලා ප්‍රධාන අමුත්තන් ලෙස පැමිණි උත්සවවලදීද සුනිල් පෙරේරා ආණ්ඩුවට මදි නොකියන්න පහර දුන්නේය.

එහෙම නොබියව පහර දුන්න සුනිල් අද ජීවත්ව සිටියා නම් ‘ගාලුමුවදොර අරගලයට’ ඔහු පිරිවර පිටින් එනවා නිසැකමය. සුනිල්ට බොහෝ ප්‍රිය කරන සරල මිනිසුන් සුනිල් පසුපස වැලනොකැඩී එන්නට තිබුණා නොවේද..? සුද්දාගේ සින්දුව අරගලය මැද කියන්නට ගත්තා නම් එයට තාල අල්ලන්න තව තව කලාකරුවන් සුනිල් සමග පෙළගැසෙන්නට තිබුණා නොවේද..? හැමදාමත් වාගේ හැම කතිකාවකදීම දේශපාලන අප්‍රසන්න මාතෘකාවක් කරගත්ත සුනිල් පෙරේරා… පාට, පක්‍ෂ නැති පාරට බැසීම් ගැන අරගල ගැන මොන තරම් නම් කියෙව්වද..?

‘මිනිස්සු එකා වාගේ පාරට බහින්න ඕනෑ… රැල්ලක් හදන්න ඕනෑ… එතකොටයි උන්ට දැනෙන්නේ…’
දබරැඟිල්ල සොලවමින් මින් සුනිල් ඒ විදියට කළ ගෝරනාඩුවට අද මහ ජනතාව උත්තරය දී ඇත. හිතුවාට වඩා ලස්සනට දී ඇත. කොරෝනාව විසින් බිලිගත් ඒ ජනප්‍රිය හඬ සිහියට එන විට අපිට නොහිතෙන්නෙ කොහොමද..?

‘අනේ සුනිල්… අද ඔබ අපි එක්ක උන්නා නම්…’

සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා කියන්නේ ඉහත සඳහන් කළ කලාකරුවන් දෙපළට වැඩිය හාත්පසින්ම වෙනස් චරිතයකි.

බොහෝ මාධ්‍යකරුවන් සහ කලාකරුවන් කියන තාලයට ගාමිණී ෆොන්සේකා ටිකක් අහංකාරය… ප්‍රසිද්ධ කතාබහට එන්නට අකැමැතිය. ටිකක් විතර ශෝභන ගති ඇත්තෙකි..,

‘හැබැයි…’

රන්ජන් සහ සුනිල් වාගෙම කෙළින් කතාකරන නිර්භීතකම ඔහුටත් තිබිණි. ඒ හින්දාම ‘අරගලයට, සිටියා නම් හොඳයි කියන සිතෙන නමුත් අරගලයට එන්න බැරි වූ කලාකරුවන්ගේ කතාවට අපි සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාවද එකතු කර ගත්තෙමු.

මාධ්‍යවලට එතරම් මුහුණ දෙන්නට කැමැත්තක් නොදැක්වුවද කතාබහට සෙට්වුවහොත් ගාමිණී ෆොන්සේකා ‘හරි කෙළින් කතා කරන නිර්භය කලාකරුවකු විය. වරෙක යූ.ඇන්.පී.යේ නිලතල දැරූ ගාමිණී එම ආණ්ඩුවේම වැරැදි ක්‍රියාකලාපයන් කිහිප විටක්ම විවේචනය කළේද ඒ කෙළින් කතා කරන ස්වභාවය නිසාමය. දේශපාලනය මාතෘකා කරගනිමින් ඍජුව, නිර්භයව කතා කරපු අවස්ථා කිහිපයකදීම ගාමිණී ෆොන්සේකා ඉහළ පුටුවල සිටින, බලය අත්තනෝමතික ලෙස භාවිතයට ගන්නා දේශපාලකයන්ගේ උදහසටද ලක්විය. ඔහු එදා පළකළ බොහෝ අදහස් එදා වාගේ අදටද ගැළපෙන්නේය. සරලවම කියනවා නම්… රාජපක්‍ෂ පාලනයට විරුද්ධව නැඟී සිටින අරගලවලට සහ උද්ඝෝෂණයට අලළා ගත්කල ඒ අදහස් නියමෙට ගැළපෙන්නේය.

මිනිසුන් ඡන්ද ව්‍යාපාරයේදී මුලාවන තැන සිට ජීවිතේ ගැටගහ ගන්නට බැරිව කරන අරගලය දක්වාම ගාමිණී මාධ්‍යවලදී කතාබහ කළේය. කවදත් ඔහුගේ අදහස් සර්වකාලීන විය.
ශ්‍රී ලංකාවේ ඊනියා දේශපාලනය මේ රටට කරපු සෙත මොකක්ද..? ඡන්දයකදී මිනිසුන්ව රවට්ටනවා… ඡන්දයෙන් පස්සෙත් රවට්ටනවා. එයාලට විරුද්ධව කතා කළොත් හිරේ දමනවා. හතරවැනි තට්ටුවට ගෙනියනවා. මමත් හතර වැනි තට්ටුවට ගිය මිනිහෙක්… ගියා නෙවෙයි බලෙන් අරන් ගියා. හතරවැනි තට්ටුවට එකපාරක් නෙවෙයි තුන්හතර පාරක් මාව අරන් ගියා..,

හැබැයි, ඒ ගියා වාගෙම… පඩිපෙළ බැහැලා එන්න පුළුවන් වුණා… එහෙම ආපු අතළොස්ස අතර මාත් එක්කෙනෙක් වෙච්චි එක භාග්‍යයක් වුණා… නැත්තං හතරවැනි තට්ටුවට ගිය හුඟදෙනෙක් අතුරුදන් වුණා මිසක් වෙච්ච දෙයක් අදටවත් නැහැ.

මේ රැවටීමට… මේ මර්දනයට… මේ වැරැදි ක්‍රමවේදයට පිළිතුරු දෙන්න ඕනෑ අරගලයෙන්මයි. පාට, පක්‍ෂ, ආගම් බේද නැති අරගලයක් හරහා මිනිස්සු පාරට බහින්න ඕනෑ… හොඳ ශක්තිමත් රැල්ලක් හදන්න ඕනෑ..,

හැබැයි ඒ රැල්ල වතුර බවුසරයට, කඳුළු ගෑස්වලට, වෙඩි උණ්ඩයට බය නැති රැල්ලක් වෙන්න ඕනෑ… අන්න එදාට දේශපාලකයා පාඩමක් ඉගෙනගනියි..,

ගාමිණී ෆොන්සේකා ‘ගී’ ටීවී වෙත පැමිණ මීට වසර ගණනාවකට පළමුව කළ කතාබහක එලෙස ඔහුගේ නිර්භීත හඬ වචනවලට ගොනු විය.

ගාමිණී ෆොන්සේකා අද හිටියා නම්..,

ශත්තකින්ම අරගලයකට මැදිව ‘කට්ට කන වයසක’ නොසිටියත් තමා පැතූ තම බලාපොරොත්තු වූ අරගලය දියත්ව ඇති බව දැන අභිමානයට, උද්දාමයට පත්වනු ඇත.

‘හරියට හරි අයියේ..,’

ඔය ටික තමයි වෙන්න ඕනේ..,’

මාධ්‍ය හමුවකට මැදිවුණා නම් ආඩම්බර ලීලාවෙන් ඔහු එලෙසද කියන්නට බැරි නැත.

කොහොම වුණත් ගාමිණී ෆොන්සේකා හදිසියේම යන්න ගියේය. සුනිල් පෙරේරාද කොරෝනාව සමග සටන්කර යන්නට ගියේය.

රන්ජන් නම් තවම පොළොවේ පය ගසා සජීවීව සිටියි..,

නමුත්..,

ඔහුගේ දෑත දෙපයට යදම් වැටී ඇත. එන්නට පුළුවන් තැනක හිටියා නම්..,

‘රන්ජන්… ටිකකට හරි ඇවිත් ගියා නම් හොඳයි…’

කියා කලාකරුවන් ඔහුට කියනු ඇත.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ජනාධිපතියි රාජපක්ෂ ආණ්ඩුවයි දෙකම ගෙදර යවන විශ්වාසභංගය ලබන සතියෙ පාර්ලිමේන්තුවට ගේනවා! විපක්ෂ නායක ප්‍රකාශයට පත්කරයි! (VIDEO)

Next Post

අගමැතිතුමා පිරිත අවභාවිත කරලා! අප්‍රසන්න කරලා! ආයුධයක් බවට පත් කරලා! බාධාවක් කරලා! මහාචාර්ය අගලකඩ හිමියෝ මහින්දට විරෝධය පළ කරයි!

MORE NEWS

පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වත්මන් ආණ්ඩුව විසින්ද පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා තබා තිබූ සටහනක් මෙසේය.Sri Lanka Latest...

Read more
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.