පවතින අර්බූදය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා මේ වනවිට කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් ආරම්භ වී ඇත.
ඊට ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් ජී.එල්. පීරිස්, දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් මෙන්ම මුදල් අමාත්‍ය අලි සබ්‍රි, විදුලිබල අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සහ ඛනිජ තෙල් අමාත්‍ය කංචන විජේසේකර යන මහත්වරුන් සහභාගී වී ඇත.
කෙසේවෙතත් පක්ෂ නායක රැස්වීමට විපක්ෂය නියෝජනය කරමින් සහභාගී වී ඇත්තේ ලක්ෂ්මන් කිරිඇල්ල සහ එම්.ඒ. සුමන්තිරන් යන මහත්වරුන් පමණි.
ජනතා විමුක්ති පෙරමුණේ කිසිදු සාමාජිකයකු ඊට සහභාගී වී නැත.










