රටම ආර්ථික අර්බූදයක ගිලී පවතින මොහොතක පාඩු පිට මෙහෙයුම් පවත්වාගෙන යන ශ්‍රී ලන්කන් ගුවන් සේවය ගුවන් යානා 21ක් කල්බදු ක්‍රමය යටතේ ලබා ගැනීමට තීරණය කිරීම පසුගිය කාලයේ මහත් ආන්දෝලනාත්මක සිදුවීමක් විය.
ඒ සම්බන්ධයෙන් කෝප් කමිටුව පවා ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ ප්‍රධානීන් පාර්ලිමේන්තුවට කැදවා ප්‍රශ්න කිරීඹට පියවර ගත්තේය.
එම ප්‍රශ්න කිරීම් බොහොමයක් සිදුකළේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතාය.
එම අවස්ථාවට ගුවන් සේවයේ වත්මන් සභාපති අශෝක් පතිරගේ ප්‍රමුඛ පිරිසක්ද සහභාගී වී සිටියහ.
කෙසේවෙතත් අවසනායේදී පවතින අර්බූදය හමුවේ මෙම ගිවිසුම අත්හිටූවිමට ගුවන් සේවයේ ප්‍රධානීන් එකතගාව පළ කොට තිබිණ.









