• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨාභය ජනාධිපති මන්දිරේ ඇතුළේ බංකර් එකක ඉදන් ජනාධිපතිකමේ ඉන්න හදනවා! මොහු යන්නෙ නැත්නම් ජනතාව තවතවත් පාරට ඇවිත් පන්නා දමන්න ඕනේ! ජවිපෙ විප්ලවයකට සැරසෙයි! (VIDEO)

April 26, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
ගෝඨාභය ගෙදර පලයන් කියලා අනුර කුමාර ටවුන්හෝල් එකේදි කියපු සැර කතාව! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති පුටුවේ තබාගෙන යෝජනා කරන අන්තර්වාර පාලනයකට ජනතා විමුක්ති පෙරමුණ හෝ ජාතික ජන බලවේගය කිසිසේත්ම සම්බන්ධ නොවන බව ජනතා විමුක්ති පෙරමුණ අද (26) පැවති ප්‍රවෘත්ති සාක්ෂාවකදි එම පක්ෂයේ නායක අනුර දිසානායක අවධාරණය කළේය.

ඔහු මේ බව පැවසූවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද පෙරවරුවේ පැවති මෙම මාධ්‍ය හමුවේදී ප්‍රධාන කරුණු තුනක් ජනතාවගේ අවධානයට යොමු කරනු ලැබීය. එනම් ජනපති ඉවත්වීම, අගමැති ඉවත්වීම සහ අන්තර්පාලයක් ස්ථාපිත කර කෙටි කලකින් මහ මැතිවරණයක් පැවැත්වීම යන කරුණු අවධාරණය කෙරුණු අතර එහිදී ඔහු වැඩදිරටත් දැක්වූ අදහස් පහතින පල වේ…

“අද අපේ රටේ දේශපාලන අර්බුදය සහ ආර්ථික අර්බුදය ලෙස ප්‍රධාන අර්බුද දෙකක් තිබෙනවා. මේ අර්බුද දෙක සමනය වෙමින් ස්ථාවර වෙමින් ඉදිරියට යන බවක් පෙන්නේ නැහැ. පසුගිය අවුරුදු දෙකකට වඩා වැඩි කාලයක් තුළ රට ගමන් කරමින් තිබූ ආර්ථික අර්බුදය පිළිබඳ දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපත් මේ රටේ ආර්ථික විශේෂඥයනුත් කරුණු ඉදිරිපත් කළා. දීර්ඝ කාලයක් අනුගමනය කරමින් තිබුණු වැරදි ප්‍රතිපත්ති පසුගිය වසර දෙක තුළ තීව්‍ර වෙමින් මුළුමහත් සමාජ දේහයටම ඇති කරන බලපෑම් පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කළා. නමුත් මෙම ජනාධිපති, මුදල් ඇමති, මහ බැංකු අධිපති වගේම ආණ්ඩුවත් ඒ පිළිබඳ කිසිදු සැලකිල්ලක් නොදක්වා ඔවුන්ගේ තීන්දු තීරණ ක්‍රියාත්මක කරමින් අර්බුදය තීව්‍ර වෙන්න ඉඩ දුන්නා. අද ඒ සියල්ලේ ප්‍රතිවිපාකවලට අපේ රටේ පුරවැසියන් මුහුණ දෙමින් සිටිනවා.

දරාගත නොහැකි තරම් භාණ්ඩ මිල ඉහළ යාම, අධික ලෙස මුදල් මුද්‍රණය කර වෙළඳපොළට නිකුත් කිරීම, ඩොලරයේ අගය පාලනය කිරීමට අසමත්වීම, ඉන්ධන මිල ඉහළ යාම වැනි කරුණු නිසා ආර්ථිකයේ සියලු ක්ෂේත්‍රවලට දැඩි බලපෑමක් ඇතිවී තිබෙනවා. කෘෂිකර්මාන්තය පිළිබඳව අනුගමනය කළ වැරදි තකතීරු ප්‍රතිපත්තිවලට විරුද්ධව ගොවි ජනතාව විශාල වශයෙන් උද්ඝෝෂණය කළා. ඒ පිළිබඳ කිසිදු තැකීමක් නොකිරීම නිසා මෙරට ආහාර මිල විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඩොලර් හිඟය නිසාම ආනයනික භාණ්ඩවල විශාල හිඟයක් තිබෙනවා. මෙම සමස්ත පසුබිම නිසා, ජනතාවගේ එදිනෙදා ආහාර වේල සහ අනිකුත් සේවාවන් ලබාදීමේ ආණ්ඩුවක මූලික වගකීම පවා අවම වශයෙන් සපයාදීමට වත්මන් ආණ්ඩුව අසමත් වී තිබෙනවා. මේ නිසා දේශපාලන ව්‍යාපාර ගණනාවක් මෙම පාලකයාට සහ ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝෂණවල යෙදී සිටිනවා. මෙතෙක් පාරට නොබැස්ස තරුණ ප්‍රජාව, මධ්‍යම පාංතිකයන් විශාල පිරිසක් මේ ආණ්ඩුවට සහ පාලකයාට ඉවත්වන ලෙස බලකරමින් සිටිනවා. හැබැයි ජනාධිපති, අගමැති ප්‍රමුඛ මේ ආණ්ඩුව විවිධ පන්නයේ සටකපටකම්වල යෙදෙමින් නැවත නැවතත් තමන්ගේ අතේ බලය පවත්වාගෙන යාමට උත්සාහ කරමින් සිටිනවා.

දේශපාලන අස්ථාවරභාවය සමනය කර නොගෙන ආර්ථික අර්බුදය විසඳා ගත නොහැකියි. දේශපාලන අස්ථාවරභාවය සමනය කර ගැනීමට විවිධ පාර්ශ්වයන් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර තිබුණේ අන්තර්වාර පාලනයක් ගොඩනැගිය යුත්තේ ඔහුගේ අගමැති ධුරය යටතේ බවයි. මේ අයියා, මලෝ, පුත්තු විසින් ගෙනයන පාලනය මොනතරම් මානසික වියවුලකින් වියරුවකින් කටයුතු කරනවාද යන්න ඔවුන්ගේ ප්‍රකාශවලින් ඉතා හොඳින් පැහැදිලි වෙනවා. මෙම අර්බුදය විසඳා ගැනීම කෙරෙහි මානසික තුලිතතාවයක්වත් නොමැති බවයි පැහැදිලි වන්නේ. මේ ජනාධිපතිවරයා ඉවත් වී ආණ්ඩුව ඉවත්වී කෙටිකාලීන අන්තර්වාර පාලනයක් ගොඩනැගිය යුතු බවට විශාල යෝජනා ප්‍රමාණයක් ඉදිරිපත් වී තිබෙනවා. කෙටි කාලයකින් පසු මහා මැතිවරණයක් පවත්වා ස්ථාවර පාලනයක් ගොඩනැගීමට අවස්ථාව ලබාදිය යුතුයි. බැලූ බැල්මට සාධාරණ විසඳුම් යෝජනාවලියක් ලෙස පෙනුනත් අන්තර්වාර පාලන ආණ්ඩු, සභාග, සර්වපාක්ෂික වශයෙන් ආණ්ඩු නැහැ. පිහිටවනු ලබන්නේ ආණ්ඩුයි. එකතුවෙන පාර්ශ්වයන් අතර, එකඟතාවයකින් ආණ්ඩුව පවත්වාගෙන යන අවුරුද්දක් හෝ මාස හයක් වැනි කාලයක් සඳහා සම්මුතියක් ඇතිකර ගන්නවා. ඒ එකතුවෙන පාර්ශ්වයන්ට ඒ සම්මුතිය ඕනෑම වෙලාවක බිඳින්න පුළුවන්.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය තිබෙන්නේ ජනාධිපතිවරයාට. පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයක් කර ගත්තත් විසුරුවා හැරීමේ බලය තිබෙන්නේ ජනාධිපතිට. සර්වපාක්ෂික ආණ්ඩු, අන්තර්වාර පාලන ආණ්ඩු, වශයෙන් නම්කරන හැම එකක්ම රඳාපවතින්නේ ජනාධිපතිවරයා මත. ඔහු විශ්වාස කළ හැකිද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක් අන්තර්වාර පාලන ආණ්ඩුවක් පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ එක්ක පසුගියදා සාකච්ඡා කළා. පසුවදාම ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයාට රාජ්‍ය ඇමතිකමක් දුන්නා. රාඝවන් මන්ත්‍රීවරයාටත් රාජ්‍ය ඇමතිකමක් දුන්නා. මේ ඉන්නේ එලෙස විශ්වාසය තැබිය නොහැකි වියරු විකෘති මනසක් සහිත ජනාධිපතිවරයෙකුයි. ඒ නිසා මෙම ජනාධිපතිවරයා මෙම පුටුවේ තබාගෙන යෝජනා කරනු ලබන අන්තර්වාර පාලනයකට අපි කිසිසේත්ම එකඟ වන්නේ නැහැ. ජනතාවගේ ප්‍රධානතම ඉල්ලීම බවට පත්වී තිබෙන්නේ ජනාධිපතිවරයා ඉවත්වීමයි. නමුත් රට මොනතරම් අස්ථාවර වුණත්, ජනතාව තුළ මොනතරම් වියවුලක් ඇතිවුණත්, ජනතාවට මොනතරම් ජීවත්වීමේ අපහසුකම් ඇති වුණත්, රාජ්‍ය යාන්ත්‍රණයම කඩා වැටුණත්, ගෝඨාභය රාජපක්ෂ කල්පනා කරමින් ඉන්නේ තමන්ගේ අතේම බලය පවත්වාගෙන යන්නයි. මුළු රටත්, ජනතාවත් මොනතරම් අනතුරකට මේ පාලකයන් විසින් හෙළා තිබුණත් තමන්ගේ බලය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඔවුන් ක්‍රියාකරනවා.

තවදුරටත් ගෙන යන මේ අයියා – මලෝ – පුතාලාගේ පාලනය මේ රටේ ජනතාව විසින් අවසන් කළ යුතුයි. ජනතාවගේ මූලික වුවමනා ඉටුකරන්නත්, රට ගොඩනගන්නත් මේ පාලකයන් අසමත් බව දිගින් දිගටම ඔප්පු කරමින් තිබෙනවා. මේ නිසා අපි අවධාරණය කරන්නේ මේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉවත් විය යුතුයි. අනතුරුව ඉතාමත් කෙටි කාලයකට පාර්ලිමේන්තුවේ යම් අන්තර්පාලනයක් ගොඩනඟා ඉතාමත් ඉක්මනින් මැතිවරණයකට යා යුතුයි. නව ජනවරමක් මගින් නව පාලනයක් ගොඩනගා ගැනීමට අවස්ථාව දීමෙන් පමණක් ස්ථාවර විසඳුම් ලබාදිය හැකියි. පාලකයන් ඉවත් නොවෙනවා නම්, ජනතාවගේ ජන බලය යොදවන්න ඕනෑ. ව්‍යවස්ථාවේ වගන්ති ඇතුළේ, ජනාධිපති මන්දිරයේ බංකරයක් ඇතුළේ හමුදාව දාගෙන පාලනය කරන්න ජනාධිපතිවරයා සූදානම් වෙනවා නම්, එය කිසිසේත් සාර්ථක පාලනයක් නොවෙයි. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ තවදුරටත් ව්‍යවස්ථාවේ වගන්ති තුළ හිරවෙලා බලය තහවුරු කරගැනීමට දරන ප්‍රයත්නය නතර කළ යුතුයි. රටක නායකයා බංකරයක් තුළ සිට රට පාලනය කරන්න යනවා නම් එයට ඉඩ නොදිය යුතුයි. මේ වන විටත් මොනරාගල, දඹුල්ල ප්‍රදේශවල සිට හමුදා අනුඛණ්ඩ කොළඹ ගෙනත් තිබෙනවා. විවිධ සන්නාහ සන්නද්ධ රථ රඳවාගෙන බංකරයක් තුළ සිට රට පාලනය කළ යුතුද? තවදුරටත් වියවුලකට පත්නොකර මේ ජනාධිපතිවරයා ඉවත් විය යුතුයි.

ඉවත් නොවන්නේ නම් ජනතාව තව තවත් පාරට බැස උද්ඝෝෂණය කළ යුතුයි. අපේ වෘත්තිය සමිති ව්‍යාපාරය අනිකුත් වෘත්තීය සමිති එක්ව ක්‍රියාමාර්ග විශාල ප්‍රමාණයක් සූදානම් කර තිබෙනවා. 28වැනිදා සමස්ත මහා වැඩවර්ජනයක් කැඳවා තිබෙනවා. රට පුරා සෑම නගරයකම උද්ඝෝෂණ මාලාවක් සූදානම් කර තිබෙනවා. ජනතාවගේ බලය, ජනතාවගේ හයිය මේ වෙනුවෙන් උපයෝගී කර ගත යුතුයි. ඒ වගේම නව ජනවරමක් සඳහා ජනතාවට අවස්ථාව ලබාදිය යුතුයි. ඔවුන්ට 69 ලක්ෂයක ජනවරමක් තිබෙන බව කියනවා. ඒවා අයිති අතීතයට. වර්තමානයේ තිබෙන ජන වරම වහාම මැන බැලිය යුතුයි. ගෝඨාභය රාජපක්ෂත් රාජපක්ෂ පවුලත් මැතිවරණයකට තරග වදින්නේ නම් ඔවුනට ඉතිරිවී තිබෙන්නේ කෙතරම් අංශු මාත්‍රයක්දැයි මැන බැලිය හැකියි. ජනවරමක් ලබාගැනීම සඳහා වන ක්‍රියාමාර්ග වෙනුවෙන් අපි ඉදිරියේදී අවතීර්ණ වෙනවා. බලය තිබෙන්නේ බංකර ඇතුළේ නොවන බව මේ පාලකයන් විසින් තේරුම් ගත යුතුයි. බලය තිබෙන්නේ හමුදාව ඇතුළේ නොවන බව තේරුම් ගත යුතුයි. ජනතාවගේ පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වාතාවරණය සකස් කළ යුතුයි. ඒ වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණත්, ජාතික ජන බලවේගයත්, වෘත්තිය සමිති ව්‍යාපාරයත්, ගොවි ව්‍යාපාරයත්, තරුණ ව්‍යාපාරයත් යන සියල්ල උද්ඝෝෂණ සහ විරෝධතා රැලි විශාල ප්‍රමාණයක් ඉදිරියේදී පවත්වනවා.
මේ ආණ්ඩුව ජනතා පීඩනය ඉදිරියේ මට්ටු කළ යුතුයි. රට මුළුමනින්ම අස්ථාවරභාවයට පත්කර, වියවුලට පත්කර, ජනතාවට විශාල ආහාර හිඟයක් ඇතිකර, තවදුරටත් ගෙනයන අයියා – මලෝ නාඩගම ජනතාව විසින් ඉවසාගෙන බලාගෙන නොසිටිය යුතුයි. ජනතා බලයෙන් මේ පාලකයන් පලවා හැරීමට ඉදිරි ක්‍රියාමාර්ග රැසක් ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම්.”

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්….

ප්‍රශ්නය:- ෆයිල් එළියට දාන බව ඔබ කියා තිබුණා. ඒ සම්බන්ධයෙන් තත්වය මොකක්ද?

පිළිතුර:- “කළබල වෙන්න එපා. ඉතාමත් ඉක්මනින්, ඉතාමත් කෙටි කාලයක් තුළ ෆයිල් විශාල ප්‍රමාණයක් එළියට දානවා. මේ වන විට සමහර ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාවේ, නීතිපති දෙපාර්තමේන්තුවේ, අධිකරණයේ සහ තවත් ස්ථානවල තිබෙනවා. තව සමහර ෆයිල් අපි ළඟ විතරක් තිබෙනවා. ජනාධිපතිවරයාගේ සිට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයා දක්වාත් ඉහළම රාජ්‍ය නිලධාරියාගේ සිට යම් රාජ්‍ය නිලධාරීන්ද යම් ව්‍යාපාරිකයන්ද සම්බන්ධ විස්තර තිබෙනවා. ඒවා තෝරලා බේරලා නියමිත පරිදි එළි දක්වන්නම්. බොහෝ අය ෆයිල් ඉල්ලනවා. තියාගෙන ඉන්නේ ඇයි කියලා අහනවා. ඉස්සර රාජපක්ෂ පවුල දොහොත් මුදුන් තියා මල් පූජා කළ යුතු පවුලක් හැටියටයි හිතාගෙන හිටියේ. ඒ සියලු දෙනා, මේ පවුල හොර නඩයක් බව අද පිළිගෙන තිබෙනවා. ඒ ගැන සතුටුයි. ඒ තොරතුරු අපි ඔබ හමුවේ ඉදිරිපත් කරන්නම්. නිදොස් කොට නිදහස් කිරීම, අල්ලස් කොමිසමෙන් ඉල්ලා අස්කර ගැනීම, නීතිපති දෙපාර්තමේන්තුවේ චෝදනා වෙනස් කිරීම ආදී ගණනාවක් තිබෙනවා.”

ප්‍රශ්නය:- විපක්ෂයේ පක්ෂ මූලික වී අන්තර් පාලනයක් පිහිටුවීම ගැන තිබෙන සාකච්ඡාව ගැන ජනතා විමුක්ති පෙරමුණේ මතය මොකක්ද?

පිළිතුර :- “කවර පාලනයක් ගැන හෝ කල්පනා කළ යුතු වන්නේ පළමු කොටම ජනාධිපතිවරයාත්, මේ ආණ්ඩුවත් ඉවත් වීමෙන් අනතුරුවයි. මේ ජනාධිපතිවරයාත්, මේ ආණ්ඩුවත් තබාගෙන සාකච්ඡා කිරීමෙන් පලක් නැහැ. ඔවුන් ඉවත් වූ පසු අන්තර් පාලනයේ ව්‍යුහය මොකක්ද, ගමන් කරන්නේ මොන දිසාවටද ආදිය සාකච්ඡා කළ හැකියි. අද වන විට මේ පාර්ලිමේනතුවේ කිසිදු පාර්ශ්වයකට බහුතරයක් නැහැ. පාර්ශ්වයන් පහක් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. ආණ්ඩුවේ ඉතිරි වූ කොටස, ආණ්ඩුවෙන් ඉවත්වී ස්වාධීන වූ කොටස, සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම, අපේ කණ්ඩායම සහ දෙමළ ජාතික සන්ධානය ප්‍රමුඛ කණ්ඩායම වශයෙන්. මේ කණ්ඩායම් පහේ පොදු එකඟතාවයකින් ආණ්ඩුවක් හදනවා නම්, අපි තුන්දෙනෙක් ඉන්න අතර, අනික් අය 222ක් ඉන්නවා. හැදෙන ඕනෑම ආණ්ඩුවක් ඇතුළේ අපි කුඩා කණ්ඩායමක්. සකස් වෙන ඕනෑම ආණ්ඩුවක් අපෙන් පිටස්තර බල කණ්ඩායම්වල වුවමනාවන් අනුව හැදෙන ආණ්ඩුවක්. එවැනි ආණ්ඩුවකට අපි ඇතුළත් වෙනවාද නැද්ද කියලා වෙනම තීරණයක් ගන්න ඕනෑ. ඒ සියල්ල සාකච්ඡා කළ හැකි වන්නේ ජනාධිපතිවරයාත්, මේ ආණ්ඩුවත් ඉවත්වීමෙන් පමණයි. ඒ කිසිවක් සිදුනොවී කරන සාකච්ඡා කල්මැරීම සඳහා කරන ප්‍රයෝගයක් පමණයි. එවැනි සාකච්ඡාවලට අප සම්බන්ධ වන්නේ නැහැ.”

ප්‍රශ්නය:- රටේ පවතින ආර්ථික තත්ත්වය එක්ක මැතිවරණයකට යන්න සල්ලි තියෙනවාද?

පිළිතුර:- “ඡන්දයක් පවත්වන්න වියදම් වන්නේ රුපියල් බිලියන 13යි. පසුගිය ජනවාරි 05වැනිදා බැසිල් රාජපක්ෂ හඳුන්වාදුන් පැකේජ් එකට රුපියල් බිලියන 239ක් යනවා. මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරීන් වැටුප් නැතිව වැඩකරන්න ලැහැස්ති බව කියා තිබුණා. අඩුම තරමින් මේ තත්වය සති හයක් තුළ වත් විසඳෙන්න ඕනෑ. අප්‍රේල් මස මුල පාර්ලිමේන්තුව රැස්වුණාම විසඳෙයි කියලා ජනතාව බලාගෙන හිටියා. ඒක ඇතුළේ විසඳෙන්නේ නැහැ. ඊළඟ පාර්ලිමේන්තු වාරයේ විසඳෙයි කියලත් බලාගෙන හිටියා. ඒත් නැහැ. ඊළඟ වාරය පටන් ගන්නේ මැයි හතර වැනිදා. එතකොටත් මාසයකට වැඩි කාලයක් ගත වෙනවා. ඒත් විසඳෙන්නේ නැහැ. පවතින අස්ථාවරභාවය ස්ථිර ලෙස ස්ථාවරභාවයකට ගෙන එන්න නම්, ජනතාවගේ කැමැත්තෙන් නව පාලනයක් ගොඩනගා ගත යුතුයි. ඒ ගොඩනැගෙන පාලනයට අනිවාර්ය ලෙස අවුරුදු එකහමාරක පමණ කාලයක් ප්‍රශ්න විසඳීම සඳහා ජනතාව අවස්ථාව ලබාදෙනවා. මේ පාර්ලිමේන්තුවෙන් මොන ආණ්ඩුවක් හැදුවත් පසුවදාම විසඳුම් ලැබෙයි කියලා ජනතාව බලාපොරාත්තු වෙනවා. ප්‍රශ්න විසඳීම සඳහා නව පාලනයකට ජනවරමක් ලබාදෙනවා නම් ඒ වෙනුවෙන් අවුරුදු එකහමාරක පමණ විරාම කාලයක් ලැබෙනවා. මේ ආර්ථික අර්බුදය විසඳීමේ දිසාවට යා හැකි වන්නේ අන්න ඒ විරාම කාලය තුළයි. අපි කැමති වුණත් අකමැති වුණත් දේශපාලන අස්ථාවරභාවය ස්ථිර ලෙස අවසන් කොට දේශපාලන ස්ථාවරභාවයක් නිර්මාණය කළ හැකි වන්නේ ජනතා කැමැත්තෙන් නව පාලනයක් සඳහා අවස්ථාව ලබාදීමෙන් විතරයි. මේ පාර්ලිමේන්තුවේ ඉන්න අය අයින් කරලා වෙන අය පත්කරන පාලනයක් ජනතාව පිළිගනීවිද? හිටපු කැබිනට් මණ්ඩලය ඉවත්කර අලුතින් පත්කළ කැබිනට් කැබිනට් මණ්ඩලය ජනතාව පිළිගෙන නැහැ. මේ අගමැති ඉවත්කර, වෙන අගමැති කෙනෙක් පත්කළාම පිළිගනීවිද? තවදුරටත් මේ පාර්ලිමේන්තුව තුළ විසඳුම් සෙවීම කල්මැරීමක් විතරයි. පාර්ලිමේන්තු මැතිවරණයකින් ලැබෙන ජනවරමක් තුළම ගෝඨාභය රාජපක්ෂගේ තටුකැපිලා ඉවරයි. ඒ ජනතා බලයෙන්ම තමයි ගෝඨාභය රාජපක්ෂගේ තටු කපන්න හැකිවන්නේ. ඒ වෙනුවෙන් යම් කාලයක් ගත වෙනවා නම්, ඒ කාලයට නිශ්චිත වශයෙන්ම ගැලපෙන යම් ආකෘතියක් අපි යෝජනා කරමු.”

https://fb.watch/cDMJNU8nzs/

SendShareShare
Previous Post

වරාය බාරගෙන සතියයි! ඉතිහාසයේ කිසිම ඇමැති කෙනෙක් නොකරපු වැඩක් ප්‍රමිත කරයි!

Next Post

චීනා ලාමාවරුන්ගේ කිරිපල්ලත් අතගායි

MORE NEWS

පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වත්මන් ආණ්ඩුව විසින්ද පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා තබා තිබූ සටහනක් මෙසේය.Sri Lanka Latest...

Read more
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.