අලුත් අමාත්‍ය මණ්ඩලය දිව්රුම් දීමෙන් පසු පළමු වරට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට අගමැතිවරයා විසින් 20 වැනි සංශෝධනය අහෝසි කොට විධායකයේ බලතල සීමා කරන යෝජනාව රැගෙන විත් තිබේ.
කෙසේවෙතත් එම යෝජනාවට ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය එකගතාව පළ නොකිරීම විශේෂ සිදුවීමකි.
ඒ අනුව ජනාධිපතිවරයා පෙන්වා දී තිබුණේ 19 වැනි සංශෝධනයේ මෙන්ම 20 වැනි සංශෝධනයේද සාධනීය කරුණු ඇති බැවින් එම සාධනීය කරුණු සියල්ල එක්කොට 21 වැනි සංශෝධනය ඉදිරිපත් කළ යුතු බවකි.
එම යෝජනාවට අනුව ජනාධිපතිවරයා ඊට අමාත්‍ය අනු කමිටුවක්ද පත් කොට ඇත.
එම අමාත්‍ය අනුකමිටුවට අලි සබ්‍රී, ජී.එල්.පීරිස්, දිනේෂ් ගුණවර්ධන සහ රමේෂ් පතිරණ යන ඇමැතිවරුන් ඇතුළත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇත.
මෙම අනූකමිටුව විසින් සකස් කරන යෝජනාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ඉන් අනතුරුව එය තේරීම් කාරක සභාවක් වෙත යොමු කිරීමට නියමිතය.
ඒ අනුව මෙම නව ව්‍යවස්ථා සංශෝධනය මාස ගණනාවක් ඇදී යන එකක් වනු ඇති බව දේශපාලන විචාරකයන්ගේ මතය වි ඇත.










