පීඩාවට පත්ව සිටින ලංකාවේ ජනතාවට අත්‍යවශ්‍ය කෑම බීම සහ ඖෂධ ලබා ගැනීම සදහා ඉන්දියාවෙන් ලබා දුන් ඩොලර් බිලියනයක ණය මුදලින් යකඩ මිලදී ගැනීම සදහා ඊට අදාළ අමාත්‍ය කමිටුව කටයුතු සැලසුම් කර ඇති බව වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් දැනටමත් පාර්ශ්වයන් රැසකගෙන් විරෝධය පළවී ඇති බව දැනගන්නට තිබේ.
මෙම ගනුදෙනුව පසුපස ආණ්ඩුවට හිතවත් කිහිප දෙනකුම සිටින බවද දැනගන්නට ඇත.
දැනටමත් මෙම ණය මුදලෙන් ඩොලර් මිලියන 250ක මුදලක් වැය කොට ඇති අතර තවත් ඉතිරිව ඇත්තේ ඩොලර් මිලියන 750ක් පමණි.










