ශ්‍රී ලංකාවේ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරනියක පැහැර ගැනීමක් පිළිබද එරට තානාපතිවරයා නිල වශයෙන් ආණ්ඩුවට පැමිණිලි කර තිබුණද එම සිද්ධිය මේ වනවිට එකිනෙකට නොගැලපෙන සිදුවීම් සමුදායකින් යුක්ත වූවක් බව වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ සිදුකරන ලද විමර්ශනවලදී CCTV දර්ශන, Uber ගමන් බිමන් හා අනෙකුත් සාක්ෂි පිළිබද සොයා බැලීමක් කළද තවමත් එවැනි සිදුවීමක තොරතුරක් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත්ව නැත.
මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය දැනුවත් කර ඇති අතර පරීක්ෂණ සදහා සහාය ලබා දෙන ලෙසද ඉල්ලීමක් කර තිබේ.
මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනය මෙසේය.











