උනුත් එකයි මුනුත් එකයි යන සංකල්පය සමගි ජන බලවේගය ට අදාළ නොවන බවත්, සම්ප්‍රදායික විපක්ෂයක කාර්යභාරය වෙනුවට නූතන දේශපාලන ව්‍යාපාරයක කාර්යභාරය සමගි ජන බලවේගය විසින් ඉටුකරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඇතැමුන් 225ම ගෙදර යා යුතු බව පැවසුවත් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දෙනා සම්බන්ධයෙන් ඒ ප්‍රකාශය නිවැරදි නොවන බවත් විපක්ෂ නායකතුමා පැවසීය.
පියවරක් 50 ක් ඔස්සේ සමගි ජන බලවේගය හුස්මක් යටතේ රෝහල් සඳහා අත්‍යාවශ්‍ය උපකරණ ලබාදීමට විපක්ෂයක් ලෙස කටයුතු කළ බව පැවසූ විපක්ෂ නායකතුමා, සමහරු මේ සත් කාර්යය පවා ” වැඩක් නැති එකත් සේ සලකන බව ද” පැවසීය.
රට ගොඩනැඟිය යුත්තේ දත්ත මත සහ විද්‍යාත්මක හේතු මත පදනම් වූ පැහැදිලි වැඩ පිළිවෙලකින් බව පැවසූ විපක්ෂ නායකතුමා ඒ වැඩ පිළිවෙළ ය සමගි ජන බලවේගය සතු බවද පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක “සමගි ජන බලවේගයෙන් හුස්මක්” වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 50වන පියවර ලෙස රුපියල් හැටනව ලක්ෂ පනස්දහසක් (රු. 6,950,000) වටිනා අත්‍යවශ්‍ය රෝහල් උපකරණ රත්නපුර ශික්ෂණ රෝහල වෙත පරිත්‍යාග කරනු ලැබීය.ඒ අනුව,
රුපියල් 6,950,000 වටිනා ICU Ventilator යන්ත්‍රයක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පරිත්‍යාග කරනු ලැබීය.
කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන පීඩාවට පත් ජනතාවට සෞඛ්‍යමය සහන සලසනු වස් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, සාමාජිකයින්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා, දෙස් විදෙස් ආධාරකරුවන් සහ “ජනසුවය” ව්‍යාපෘතිය එක්ව “සමගි ජන බලවේගයෙන් හුස්මක්” වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
මීට පෙර වට 49ක් තුල ලක්ෂ 1316ක (රුපියල් 131,650,900) රෝහල් උපකරණ ලබාදීමට සමගි ජන බලවේගය කටයුතු කරනු ලැබීය.
















