රනිල් වික්‍රමසිංහ මහතා අද (02) සිය මන්ත්‍රී කණ්ඩායම සිරිකොත පක්ෂ මූලස්ථානයට කැදවීමට පියවර ගෙන ඇත.
මන්ත්‍රීවරුන් 57 දෙනකු අත්සන් තබමින් සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂනායවරයා ලෙස පත් කළ යුතු බව කියමින් දැනටමත් කතානායකවරයා වෙත ලිපියක් යොමු කර ඇති බැවින් මෙම රැස්වීම උණුසුම් මුහුණුවරක් ගනු ඇති බව පැවසේ.
කෙසේවෙතත් ඉකුත් සිකුරාදා රනිල්-සජිත්-කරු යන තිදෙනාම එක්ව පැවැති සාකච්ජාවේදී විපක්ෂ නායක ධූරය පමණක් නොව පක්ෂ නායකත්වය පවා බාරදීමට වික්‍රමසිංහ මහතා එකගතාව පළ කර තිබිණ.
ඒ අනුව අද දිනයේදී වික්‍රමසිංහ මහතා තීරණාත්මක තීන්දු තීරණ කිහිපයක්ම සිය මන්ත්‍රී කණ්ඩායම හමුවේ ප්‍රකාශයට පත් කරනු ඇති බව පැවසේ.










