• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

කුමාරවරුන්ගේ ඔටුනු ගලවපු ගැටවරයෝ! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

April 23, 2022
in Exclusive, Gurudawa
Reading Time: 4 mins read
A A
කුමාරවරුන්ගේ ඔටුනු ගලවපු ගැටවරයෝ! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

‘අපි ෆේස්බුක් එකේ පෝස්ට් එකක් දැම්මා තාප්පවල චිත්‍ර ඇඳල අපේ රට ලස්සන කරමු කියලා. අපි වොලන්ටියර්ස්ලාට මැසේජ් කළා. එහෙමයි මේ චිත්‍ර රැල්ල පටන්ගත්තේ. සමහරු අපෙන් ප්‍රශ්න කළා රට ලස්සන කරන්න ඕනා ආණ්ඩුව, ඇයි ඔයගොල්ලො වියදම් කරගෙන මහන්සි වෙන්නේ කියලා. මේ නෙගටිව් කමෙන්ට්ස්වලට අපි දෙන්නේ එක උත්තරයයි. මේක අපේ රට. මේ රට අපේ වගකීමක්. අපි විශ්වාස කරන්නේ අපිව. අපිම මේ වෙනස කරන්න ඕනෙ….’

මේ, 2019 ජනාධිපතිවරණ ප්‍රතිඵල ඇවිත් ගෝඨාගේ ජයග්‍රහණයට රතිඤ්ඤා පත්තු කරද්දී පාරට බැහැලා තාප්පවල චිත්‍ර ඇන්ද තරුණ තරුණියන් අතර සිටි එක් තරුණයෙක් ඩේලි නිවුස් පුවත්පතට කී කතාවය.

මේ චිත්‍ර රැල්ල රටම පුදුමයට පත් කළේ ලංකාවේ මැතිවරණ ජයග්‍රහණයකින් පසු කවදාවත් මෙහෙම රැල්ලක් නොදැකපු නිසාය. ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් මන්මත්වී සිටි ගෝඨාභයද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ තරුණ තරුණියන්ගේ නිර්මාණශීලීත්වය අගය කරමින් කීවේ රට හදන්න ඔවුන්ගේ සේවය අවශ්‍ය බවය. ගෝඨාගේ ජයග්‍රහණයට තමන්ගේ දායකත්වය මේ තරුණ තරුණියන් පෙන්නුවේ චිත්‍රවලින්ය. ගෝඨා දිනවන්න 2019 ජනාධිපතිවරණ සමයේ ඔවුහු සමාජ මාධ්‍ය තුළ ලොකු විප්ලවයක් කළහ. ඒ විප්ලවයට තමන්ගේ අයිතිය කියාපාන්න ඔවුන් සාම්ප්‍රදායික පාක්ෂිකයන් මෙන් රතිඤ්ඤා පත්තු කළේ නැත. පාරට ඇවිත් තමන්ගේ සල්ලිවලින් තීන්ත අරන් තාප්පවල චිත්‍ර ඇන්දේය.

හැබැයි ගෝඨාභය තමන්ට මේ ජයග්‍රහණය හිමිකර දුන්න තරුණ තරුණියන්ට ඔටුනු පැලඳවන්න ගියේ නැත. ඔහු ඔටුනු පලඳවන්න ගියේ තමාගේ පවුල වූ රාජපක්ෂ පවුලටය. ඔහු රාජපක්ෂ පවුලේ ඔටුන්න හිමි කුමාරයා නාමල් රාජපක්ෂට එක ඇමැතිකමක් නොව ඇමැතිකම් ගොඩක් දුන්නේය. අනෙක් අමාත්‍යාංශය අධීක්ෂණය කිරීමත් භාර දුන්නේය. එවිට ජොන්ස්ටන් ප්‍රනාන්දුලා කියන්න පටන් ගත්තේ නාමල් ජනාධිපති වෙන දිනය වැඩි ඈතක නැහැ කියාය. ගෝඨා අගමැති ධුරය සහ මුදල් ඇමැති ධුරය දුන්නේ අයියා මහින්දටය. 2020 මහ ඡන්දයට තරග නොකළ බැසිල්ට පාර්ලිමේන්තු එන්න ඔහු 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඇවිත් විදේශ පුරවැසියකුට මන්ත්‍රී වීමට ඇති බාධාව ඉවත් කළේය. මහින්දගේ මුදල් ඇමැති ධුරය බැසිල්ට දුන්නේ මුදල් ඇමැති ධුරය පවුලෙන් පිට නොදෙන බව කියාපාමින්ය. අයියා චමල්ට රාජ්‍ය ආරක්ෂක ඇමැති ධුරය දුන්නේ ආරක්ෂාවත් පවුලෙන් පිට නොදෙන බව කියාපාමින්ය. කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ධුරය චමල්ගේ පුත් ශෂීන්ද්‍රට දෙමින් ඔහුවත් රාජපක්ෂ පවුලේ ඔටුන්න හිමි කුමාරයෙක් බවට පත් කළේය. බැසිල් මුදල් ඇමැති ධුරයට පත්වීමෙන් පසු බැසිල්වාදී මන්ත්‍රීවරුන් කියන්න පටන් ගත්තේ බැසිල් ජනාධිපති වෙන දවස අත ළඟ බවය. අයවැයෙන් වැඩිම මුදල් වෙන් වූයේත් රාජපක්ෂ පවුලටය.

තාප්පවල චිත්‍ර ඇන්ද තරුණ තරුණියෝ මේ දිහා බලා සිටියේ පිළිකුලෙනි. ඔවුහු ටිකෙන් ටික ගෝඨාත් රාජපක්ෂ පවුලත් සමාජ මාධ්‍ය හරහා විවේචනය කරන්න පටන් ගත්හ. ඊළඟට පටන් ගත්තේ රාජපක්ෂ පවුලට සහ පවුලට හිතවත් මැති ඇමැතිවරුන්ට එරෙහිව මෛත්‍රි-රනිල් ආණ්ඩුව පවරා තිබූ දූෂණ නඩුවලින් ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමය. චිත්‍ර ඇන්ද තරුණ තරුණියන්ගේ ඉවසීමේ රතු කට්ට පැන්නේ එතැනදීය. ඔවුන් සමාජ මාධ්‍යවලින් ගෝඨාට විරෝධය පළකරද්දී ඔහු එය තේරුම් ගත්තේ වෙන විදියකටය. ඔහු කිව්වේ විපක්ෂය සමාජ මාධ්‍ය හරහා ඔහුට මඩ ගහන බවය. එන්.ජී.ඕ.කාරයෝ තම ප්‍රතිරූපය විනාශ කරන්න කුමන්ත්‍රණ කරන බවය.

2019 දෙසැම්බර් 02 ගෝඨා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් තාප්පවල චිත්‍ර ඇන්ද තරුණ තරුණියන් ගැන මෙහෙම කීවේය.

‘අපගේ අනාගතය වෙනස් කරන්න අපේ තරුණ තරුණියන් ශක්තිමත් පදනමක් දමා තිබේ. ඔවුන්ගේ නායකත්වය, ඔවුන්ගේ උත්සාහය, ඔවුන්ගේ කණ්ඩායම් හැඟීම එම පදනම තුළ තිබේ. එයට නිර්මාණශීලීත්වයද එකතු රකමින් ධනාත්මක බලවේගයක් නැගී එමින් තිබේ. මම මේ තරුණ තරුණියන් ගැන ආඩම්බර වෙමි…’

මෙහෙම කිව්ව ගෝඨාභය තරුණ තරුණියන් තමන්ට පලඳවපු ඔටුන්න රාජපක්ෂ පවුලට පලඳවන්න ගිහින් තරුණ තරුණියන් ඔහුට ඔටුනු පලඳවපු සමාජ මාධ්‍ය හරහාම ඔහුගේ ඔටුන්න ගලවන්න ගිය විට ඔහු කුරුණෑගල අධිවේගී මාර්ගය විවෘත කරමින් අපූරු කතාවක් කළේය.

‘ජොන්ස්ටන් කතා කරන කොට මගේ ලේ රත්වෙනවා…’

ජොන්ස්ටන් කියන්නේ රාජපක්ෂ පවුලේ ආරක්ෂකයෙකි. නාමල් රාජපක්ෂට ඔටුනු පලඳවන්න දරදිය අදින අයෙකි. ගෝඨාව ජනාධිපති කරන්න තරුණ තරුණියන් ලේ රත් කරගෙන සමාජ මාධ්‍ය හරහා කළ විප්ලවයට වඩා කාක්කෝ බයකරන්න කාක්කෙක් මරල තට්ට එල්ලන්න ඕනා කියන ජොනීලාගේ කතාවට ගෝඨාගේ ලේ රත් විය. ගෝඨාට වැරැදුණේ එතැනය. හැබැයි ගෝඨාට ඔටුනු පලඳවලා තාප්පවල චිත්‍ර ඇන්ද තරුණ තරුණියන්ට වැරැදුණේ නැත.

2019 නොවැම්බරයේ තාප්පවල චිත්‍ර අඳින්න එන්න යැයි සමාජ මාධ්‍ය හරහා තරුණ තරුණියන්ට ආරාධනා කළ තරුණ තරුණියන්ම මේ බක්මහේ ගෝඨා සහ රාජපක්ෂ කියන නාමය මකන්න පාරට එන්න යැයි තරුණ තරුණියන්ට ආරාධනා කළහ. දස දහස් ගණනින් තරුණ තරුණියන් ගෝල්ෆේස් ආවේ තමන් ගෝඨාට පලඳවපු ඔටුන්නට හිමිකම් කියන්නටය. ගෝඨාභය මුලින්ම ඒකවත් තේරුම් ගත්තේ නැත. ඔහු මිරිහානේ තම නිවෙසට ආ තරුණ තරුණියන්ට පහර දුන්නේය. හිරේ විලංගුවේ දැම්මේය. ඔවුන්ගේ එකම මාධ්‍ය වූ සමාජ මාධ්‍ය තහනම් කළේය. ලංකාවේ විපක්ෂ දේශපාලනඥයෙක් ජනාධිපතිට හෝ ආණ්ඩුවට ගහගෙන එනවා නම් ඔහුව බයකරන්න නඩු දැමීම සහ හිරේට දැමීම සම්ප්‍රදායකි. එවිට විපක්ෂ දේශපාලනඥයන් බයවෙයි. ලංකාවේ මාධ්‍යයක් ජනාධිපතිව හෝ ආණ්ඩුව විවේචනය කරනවා නම් එම මාධ්‍ය ආයතනයට රජයේ දැන්වීම නතර කිරීම සහ මාධ්‍ය හිමිකරුවන් බයකිරීම සම්ප්‍රදායය. ගෝඨා තරුණ තරුණියන්ට මේ දෙකම කළේය. ඒ මිරිහානට ආ තරුණයන්ට පහරදී අත්අඩංගුවට ගැනීම සහ සමාජ මාධ්‍ය තහනම් කිරීමෙන්ය. ඒත් මේ තරුණ තරුණියන් විපක්ෂ දේශපාලනඥයන් මෙන් මාධ්‍ය හිමිකරුවන් මෙන් බය වුණේ නැත. ඔවුන් ගෝඨාව ගෙදර යවන්න ගෝල්ෆේස් පිටියට එක්රොක් විය.

ගෝඨා එවිට බය විරාන්ත විය. ඔහු තම ජනාධිපති ධුරය රැකගන්න මහින්දව අගමැති පුටුවේ තියා රාජපක්ෂ පවුලම ඇමැති මණ්ඩලයෙන් ඉවත් කළේය. කතා කරන කොට ලේ රත්වෙනවා කීව ජොන්ස්ටන්වද ඉවත් කළේය. රාජපක්ෂ පවුලේ ඔටුන්න හිමි කුමාරයා නාමල්ට ඇමැති ධුරය අහිමි වූවා පමණක් නොව ඔහු සිය බිරිය සහ පවුල විදේශ රටකට යැව්වේ බය වෙලාය. ජනාධිපති වෙනවා යැයි අනාවැකි කී බැසිල් රෝහල්ගත විය. තවත් රාජපක්ෂ පවුලේ සාමාජිකයන් හෝටල්වල හැංගුණි. වෙනදා සිංහල අලුත් අවුරුද්ද ජයට සමරන රාජපක්ෂ පවුල මෙවර අවුරුද්ද සැමරුවේ නැත.

ගෝල්ෆේස්හි තරුණ තරුණියන් රාජපක්ෂලා සහ රාජපක්ෂලාට කඩේ යන මැති ඇමැතිවරු බයකළේ ටී56 තුවක්කුවෙන් හෝ ඡන්දයකින්වත් නොවේ. ෆෝන් එකේ වට්ස්ඇප් මැසේජ් එකකිනි. ටී56 වෙනුවට වට්ස්ඇප්වලින් විප්ලව කරන තරුණ තරුණියන්ට ටී56න් වෙඩි තියන්න ගිහින් අද රාජපක්ෂලා තරුණ තරුණියන්ට නොකියා කියන්නේ උඹලත් ටී56 අතට ගනිල්ලා කියලාය. රඹුක්කන තරුණයාට වෙඩි තියලා රාජපක්ෂලා ගෝල්ෆේස් තරුණ තරුණියන්ට දුන්න පණිවුඩය ඒකය.

2011 ලිබියාවේ රාජපක්ෂලාගේ මිත්‍ර ගඩාෆිට එරෙහිව ආ සමාජ මාධ්‍ය විප්ලවයත් ආයුධ අතට ගත්තේ ගඩාෆි මේ සෙල්ලම කරන්න ගිය නිසාය. අන්තිමේදී ගඩාෆිට හැංගෙන්න තැනක් නැති විය. ගඩාෆිව සොයා ආයුධ අතට ගත් තරුණ තරුණියෝ මන්දිර, තරු පහේ හෝටල් පීරන විට ගඩාෆි සැඟවුණේ අත්හැර දමන ලද පාළු ගොඩනැගිලිවලය. ටී.වී. නැතුව, ඒ.සී. නැතුව, ටෙලිෆෝන් නැතුව ඉන්න බැහැ යැයි ගඩාෆි බෙරිහන් දෙද්දී ඔහුගේ ආරක්ෂකයන් ඔහුට සුවපහසු තැන් සොයා ඔහුව සඟවාගෙන යද්දී තරුණයන් පිරිසකට ඔහුව හසුවිය. ආරක්ෂකයෝ පැන දිව්හ. ගඩාෆි ඒ අසල සිමෙන්තියෙන් සාදන ලද නළයක් ඇතුළේ සැඟවී සිටියේය. තරුණයන් ඔහුව එළියට ඇද ගල්වලින් ගසා මැරුවේය.

‘මට මෙහෙම කරන්න
මම කරපු වරද කුමක්ද…?’

මේ ගඩාෆි ගල් පහරින් මැරුම්කද්දී ලේ පෙරෙමින් තොල් වෙව්ල වෙව්ලා කටින් පිටකරපු අන්තිම වචනයය.

ඒ දවස්වල මහින්ද ලිබියා ගොස් ගඩාෆිගේ කරේ අත තියාගෙන හමුදා පෙළපාළි බැලුවේය. නාමල් ලිබියාවට ගොස් ගඩාෆිව සිප වැලඳගත්තේය. ගඩාෆිව ගල් ගහල මරනකොටත් රාජපක්ෂලා හිටියේ ඔටුනු පලන් කුමාරයන් වගේ රජ ගෙදරය. එදත් රාජපක්ෂලා පාඩම් ඉගෙන ගත්තේ නැත. 2015 පරාජයෙන් ඉගෙන ගත්තේත් නැත. ශ්‍රී ලාංකික රාජ්‍යයේ ඔටුන්න හිමි කුමර කුමරියන් ගෝල්ෆේස් ඇවිත් ඉන්නේ රාජපක්ෂලාට ඒ පාඩම උගන්වන්නටය.

මේ ගෝල්ෆේස් තරුණ තරුණියන් 2011 ටියුනීසියාවේ, ඊජිප්තුවේ, ලිබියාවේ සමාජ මාධ්‍ය විප්ලවය සිදුවන විට පාසල් යන වයසේ සිටි ළමුන්ය. ඔවුන් අතට ෆෝන් ලැබුණේ 2018 හෝ 2019දීය. ඔවුන් 2019 ජනාධිපතිවරණයේදී ගෝඨා වෙනුවෙන් සමාජ මාධ්‍ය විප්ලවය කළේ ජනතා විමුක්ති පෙරමුණේ තරුණ තරුණියන් 1970 මහ මැතිවරණයේදී සමගි පෙරමුණ දිනවන්න වැඩ කළා වගේය. වැඩි කලක් යන්න කලින් තමන් රැවටුණු බව ජවිපෙ තරුණ තරුණියන්ට තේරිණි. 1971 කැරැල්ල එහි ප්‍රතිඵලයය. ඒ බක්මහේ කැරැල්ලකි. අද ගෝල්ෆ්ස් තරුණ තරුණියන් වට්ස්ඇප්වලින් ගහන්නේත් බක්මහේ කැරැල්ලකි. ඒ 2019 රාජපක්ෂවරු තමන්ව රවටපු නිසාය. ඉතිහාසයේ එකම සිදුවීම දෙවරක් එලෙසට සිදුවන්නේ නැත. ගෝල්ෆේස් තරුණ කැරැල්ලට 1971 ජවිපෙට වෙච්ච දේ නොවන බව නම් සිකුරුය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

පොලිස්පතිට කෑ ගහයි! ගෝ හෝම් කියයි! හූ තියනවා ව‌‌ගෙත් ඇහෙනවා! (VIDEO)

Next Post

බලය ගන්න ඇමැති කෙනෙක් කාහිංගල පුදබිමේ පූජාවක් කරලා!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.