• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවුරුදු 27කට පසු සෙනසුරු කරන්න හදන විප්ලවය…

April 23, 2022
in Astrology, Exclusive, Kendaraya
Reading Time: 5 mins read
A A
අවුරුදු 27කට පසු සෙනසුරු කරන්න හදන විප්ලවය…
Share on WhatsAppShare on Facebook

වසර 27කට පසුව සෙනසුරු කුම්භ රාශිගත වීමක් 2022 අප්‍රේල් 29 දින සිදුවීමට නියමිතව තිබේ. මෙම සුවිශේෂ ග්‍රහ ගෝචරයෙන් පසුව රට තුළත් ලෝකය තුළත් සුවිශේෂ වෙනස්කම් රාශියක් සිදුවනු ඇති. එමෙන්ම මෙම ග්‍රහ තත්ත්වය මත උදාවන මැයි මාසයේ පටන් ලග්න වශයෙන් සියලුම ජන්මීන්ටත් විශේෂ වෙනස්කම් රාශියක් බලාපොරොත්තුව ජීවත් වන්නට සිදුවනු ඇත.

මුලින්ම මෙම ග්‍රහ තත්ත්වය ලෝකයට කෙසේ බලපානු ඇද්ද යන්න විමසීමේදී ඉදිරි කාලයේ ලෝකයේ සුප්‍රසිද්ධ නායකයකුට කිසිදා අමතක නොවන නොසිතූ විරූ අත්දැකීමකට මුහුණ දෙන්නට සිදුවේ. ඇතැම් විට ජීවිතය පිළිබඳ දෙගිඩියාවක් ඇතිකරවන සිදුවීමකට එවැනි ප්‍රබලයකුට මුහුණ දෙන්නට සිදුවේ. ප්‍රධාන පෙළේ රටකට තමන්ට වඩා දුබල යැයි සම්මත රටකට යටත් වන්නට හෝ දෙවැනි වන්නට සිදුවිය හැකිය. විශේෂයෙන්ම ගමන් බිමන් හෝ සෞඛ්‍ය අංශයට සම්බන්ධ ආයතනයක කඩාවැටීමක් විනාශ වීමක් හෝ හදිසි ගිනිගැනීම් තත්ත්වයක් ලෝකයම කම්පාවට පත්කරනු ඇත. ජලයෙන් සහ භූමියෙන් සිදුවන අනතුරක් ගැන අසන්නට ලැබේ. එයින් විශාල පිරිසක් අසීරුතාවට පත්වේ.

මෙරට තුළ මෙතෙක් පැවැති අවිනිශ්චිත තත්ත්වය දුරුවී යම් තරමක සාමකාමී බවක් පැතිර යයි. බොහෝ දුරට ආර්ථික තත්ත්වය යම් ස්ථාවර මට්ටමකට පැමිණෙනු ඇත. ජලයෙන් හෝ ගින්නෙන් සිදුවන වවිතක් කඳුකර ප්‍රදේශයකින් වාර්තා වේ. මෙතෙක් සිදු නොවූ හදිසි අනතුරු සිදුවන කාලයකි. මගී ප්‍රවාහන වාහන දුම්රිය සිය ආරක්ෂාව තහවුරු කරගෙන ගමන් යා යුතු කාලයකි.

විවිධ පිරිස් අතර මත ගැටුම් හා තර්ක විතර්ක ඇතිවීමේ ප්‍රවණතාව වැඩිවේ. මේ තත්ත්වය වටහාගෙන කටයුතු කිරීම ජනතාවට සුබදායී වේ. ජලයට සම්බන්ධ කාරණා කතාබහට ලක්වෙයි. එවැන්නන් හේතුවෙන් රට තුළ උණුසුම් තත්ත්වයක් ඇතිවනු ඇත. රටට ආදායමක් ලැබේ යැයි කියා සිතා සිටි මාර්ග අවහිර වීමත් බාධා පැමිණීමත් සිදුවෙද්දී නොසිතූ මාර්ගවලින් ආදායම් ගලා එයි.

පාලන තන්ත්‍රයේ විවිධ වෙනස්කම් සිදුවනු ඇත. ජනතාව තුළ වෙනදා නොවූ සන්සුන් බවක් වර්ධනය කෙරුණද නිතර නිතර අවිනිශ්චිත ස්වභාවයෙන් කටයුතු කරන තත්ත්වයක් පෙන්නුම් කෙරේ. රට තුළ තත්ත්වය එසේ වෙද්දී මෙම සෙනසුරු මාරුව ලග්න වශයෙන් ඔබටත් සුවිශේෂ බලපෑම් කරනු ඇත.

මේෂ – සිහින සැබෑවේ
ඔබගේ 11 වැන්නට පැමිණෙන ශනි ඔබට ඉතා වාසනාවන්ත කාලයක් උදාකරනු ඇත. ඉඩකඩම් යාන වාහන ගැන තිබූ බලාපොරොත්තු ඉටුවීමෙන් සිතට සතුට ගෙනදේ. අන් අය ඔබගේ මතයට එකඟ වන කාලයකි. විවිධ කටයුතුවලින් සාර්ථකත්වය හිමිවේ. බලාපොරොත්තු නොවූ මාර්ගවලින් විශේෂ ලාභ ලැබෙනු ඇත. අවශ්‍ය පරිදි මුදල් ලැබීමෙන් තැන්පත් ධනය වර්ධනය වේ. පවුලේ අය අතර සමගිය වර්ධනය වෙයි. දරුවන් අපේක්ෂා කළ අයට වාසනාවන්ත දරුපල ලැබෙන කාලයකි. අලුත් මිත්‍රයන් අලුත් රැකියා තනතුරු ලැබෙන කාලයකි. විශේෂ අයගෙන් උදව් ලබාගන්නට ඉතා හොඳ කාලයකි. නව ව්‍යාපාර ආරම්භ කිරීමට හවුල්කරුවන් සමග කටයුතු කිරීමට ඉතා හොඳයි. විශේෂයෙන් ආදර සබඳතා තරවේ. රාගාධික ඇසුරු ඇතිවේ. වගා කටයුතු සාර්ථක වේ. භූමිය ආශ්‍රිත විශේෂ දියුණුවක් ලැබෙන වාසනාවන්ත කාලයකි. විවාහක පිරිස් අනියම් කම්සැපට යොමුවන කාලයකි. නිතර නිතර නව සිතුවිලි පහළවේ. එයින් වාසි අත්වේ.

වෘෂභ – කල්පනාවෙන් ඉන්න
ඔබගේ දහවැන්නට සෙනසුරු පැමිණීමෙන් මෙතෙක් කලක් පැවැති ස්වභාවය යම් වෙනසකට ලක්වීමට හේතු යෙදෙනු ඇත. ඉතා ඉවසීමෙන් කටයුතු කළහොත් ජීවිතය සාර්ථක කරගැනීමට අපහසු නොවේ. මුදල් හානි වෙතැයි සිතෙන ගනුදෙනු කිරීම නවතාදැමිය යුතුය. අව්වෙන් වැස්සෙන් සහ ශරීරය තුළ මේදය ඇතිකරන ආහාර සුදුසු නොවේ. ඉගෙනීමේ කටයුතු ගැන ඉතා හොඳ අවධානයක් යොමුකළ යුතුය. රැකියා කරන අයට නව තනතුරු ස්ථාන මාරු ආදිය ඉල්ලීම එතරම් සුබ නොවේ. අංශ ප්‍රධානීන් හා ආයතන ප්‍රධානීන් සමග වෙනදාට වඩා සුහදව කටයුතු කරන්න. නව රැකියා බලාපොරොත්තු ඉටුවේ. එමෙන්ම තමාට නොගැළපෙන අය ආශ්‍රයට යාම සුදුසු නොවේ. ඉතා බුද්ධිමත්ව කටයුතු කළහොත් විශේෂ වාසි අත්කර ගන්නට සැප්තැම්බර් මාසයෙන් පසුව අවස්ථාව හිමිවේ.

මිථුන – අලුත් වෙනසක්
මේ කාලය මිථුන ලග්න හිමි ඔබට වෙනස් අත්දැකීම්වලට මුහුණ දෙන්නට සිදුවේ. විශේෂයෙන්ම රැකියාවේ හෝ පදිංචියේ වෙනස්කම් සිදුවිය හැකිය. සතුරන් නිසා විවිධ ප්‍රශ්න කරදර ඇතිවිය හැකි බැවින් ඒ ගැන අවධානයෙන් ඉන්න. අවශ්‍ය තරම් මුදල් ලැබේ. එහෙත් වියදම් අධික වේ. රෝගාබාධ ඇතිවන ආකාරයේ කටයුතු සුබ නැත. තමාගේ දෛනික කාලසටහන වෙනස් කරන්නට සිදුවනු ඇත. විශේෂ හිතවතුන් ඔබට උදව් කරන්නට පෙලඹෙනු ඇත. රාජ්‍ය අංශයේ රැකියා සිහින සැබෑවේ. විභාගවලට ඉල්ලීම් කිරීම ප්‍රමාද කරන්න. විවාහක අයට වාද විවාද සුදුසු නැත. අවිවාහක අයට මංගල යෝග උදාවේ. ගමන් බිමන්වලදී ප්‍රවේශම ඉතා වැදගත්ය.

කටක – උනන්දුවට වාසි
ඔබ ඉතා උනන්දුවෙන් කටයුතු කළ යුතුය. එසේ කිරීමෙන් ශනිගේ අටවැන්නට පැමිණීමේ වාසිය වැඩි කරගත හැකි වේ. නැතහොත් තිබූ තත්ත්වයෙන් පහළට වැටීමට ඉඩ තිබේ. තමාට නොගැළපෙන අය ආශ්‍රයට සිදුවිය හැකි බැවින් ඒ ගැන සිතා කටයුතු කරන්න. රාගාධික දේ අන් අය සමග පැවසීම සුදුසු නැත. දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන උනන්දු විය යුතුය. තනියම හෝ හුදෙකලාවේ සිටීමට සිතෙනු ඇත. වෙනත් අයගේ කේළාම්වලට හසුවීම, ඒවා විශ්වාස කිරීම සුදුසු නැත. වසරේ අග භාගය තුළ මේ තත්ත්වය වෙනස් වනු ඇත. විවිධ ක්‍රමවලින් මුදල් ලැබීමට නියමිත අතර ඇතැම් විට තමාගේ වැඩක් ගැන විශේෂ පැහැදීමක් ඇතිවීමෙන් රජයෙන් ආර්ථික වාසි ලැබේ.

සිංහ – රහස් සබඳතා
නිතරම රහසිගත ගමන් සහ රහසිගත සාකච්ඡා කිරීමට සිදුවේ. කලක් තිස්සේ සිතා සිටි දෙයක් ඉටුකර ගන්නට නව මඟක් පෑදෙනු ඇත. ගමන් බිමන්වලින් විශේෂ වාසි අත්වන කාලයකි. පුරුෂයන්ට ස්ත්‍රීන් සමගද, ස්ත්‍රීන්ට පුරුෂයන් සමගද රහසිගත සබඳතා ඇතිවෙයි. ඇතැම් විට තමන්ගේ අදහස් වැරැදීමෙන් විවිධ ගැටලුවලට පැටලෙන්නට සිදුවන බැවින් කල්පනාකාරී වන්න. තමාට තිබූ රෝගාබාධ ගැන යම් උනන්දුවකින් කටයුතු කිරීම වැදගත් වේ. අතපය හිරිවැටීම වැනි රෝග ඇතිවිය හැකි කාලයකි. මේ කාලයේ නඩුහබ ආදියට සම්බන්ධ නොවී සිටිය හැකි නම් ඉතා සුබවේ. නිතර නිතර දුර ගමන් යෙදෙනු ඇත. විවේකය අඩු කාලයකි. පවුලේ අය ඔබ ගැන සැකයෙන් බලන කාලයකි. එනිසා සැක සහිත දේ කිරීම සුදුසු නැත.

කන්‍යා – ජයෙන් ජය
ඔබගේ හයවැන්නට ශනිගේ පැමිණීමෙන් ඉදිරි කාලය තුළ නොසිතූ නොපැතූ වාසි අත්වනු ඇත. සතුරන් පරදා විශේෂ අරමුණු ඉටුකරගත හැකි කාලයකි. දියුණුවට අවශ්‍ය මඟ පෑදෙන අතර ශරීරයේ පෙනුම සහ බර වැඩිවේ. සැපයට හේතු යෙදේ. විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණය ලැබේ. රසබර ආහාර සහ ශරීර සැපය ඉහළින්ම ලැබේ. ව්‍යාපාරවලින් සිතු පැතූ ආර්ථික වාසි අත්වේ. ඔබට ලැබෙන්නට තිබූ එහෙත් මෙතෙක් කලක් නොලැබුණු දේ ලැබෙන කාලයකි. ඒ නිසා එවැනි දේ ගැන උනන්දු වන්න. රැකියා කරන අයගේ අරමුණු ඉටුවේ. උසස්වීම් තනතුරු ආදිය ලැබෙනු ඇත. අසනීප තිබුණේ නම් සුවය ලැබෙන අතර හදිසි අවශ්‍යතා ඉටුකර ගන්නට හදිසි ධන ලාභද ලැබේ. විශේෂයෙන් නොසිතූ ධනයක් හිමිවන්නට ඉඩ ඇති කාලයකි.

තුලා – නොසිතූ සිදුවීම්
ඔබට මෙම කාලය තුළ යම් යම් වෙනස්කම් කරන්නට සිතෙනු ඇත. විශේෂයෙන්ම ඇතැම් පොරොන්දු ගිවිසුම් ආදිය වෙනස් කරන්නට සිදුවේ. එවැනි ඇතැම් තීන්දු තීරණ නිසා පාඩු සිදුවනු ඇත. මේ කාලයේ අභියෝගාත්මක වැඩ භාර නොගන්නා තරමට සුබ වේ. තමා වාසය කරන ප්‍රදේශය වෙනස් කරන්නට සිතුණද එය නොකළ යුතුය. රැකියා ආදියෙන් අමතර ලාභ ලැබීමට සිතීම සුදුසු නැත. ඉගෙන ගන්නා අයට අලුත් දේ ඉගෙනීමට හොඳ කාලයකි. විදෙස්ගත වීමට සිතා සිටින අයට හොඳ කාලයකි. තරගකාරී කටයුතු ආදියෙන් නොසිතූ ප්‍රතිඵල ගෙනදේ. අවිවාහක අයගේ සිතුම්පැතුම් ඉටුවේ. වැඩිහිටි කැමැත්ත ලැබේ. විශේෂ අයගෙන් උදව් උපකාර මෙන්ම එවැනි අයට උපකාර කරන්නටද සිදුවිය හැකිය.

වෘශ්චික – බුද්ධියෙන් වාසි
ඉතා අවධානයෙන් සහ අවබෝධයකින් දුරදිග සිතාබලා සියලු කටයුතු කළයුතු කාලයකි. නැතහොත් අනවශ්‍ය ප්‍රශ්න ඇතිවිය හැකිය. තමා බලාපොරොත්තු වූ කටයුත්තකින් වාසි ලබාගත හැකිය. එහෙත් වියදම් අධික වේ. ඇතැම් වියදම් පසුකාලීනව වාසි ගෙනදේ. අන්සතු දේපල මිල මුදල් ආදිය ලැබීමට ඉඩ තිබේ. පවුලේ සතුට සමගිය වර්ධනයට හේතු යෙදේ. නිශ්ඵල දේට වියදම් කිරීම නොගැළපේ. තමාට නුසුදුසු අය සමග ආශ්‍රයට හේතු යෙදේ. රැකියා කරන අයට විශේෂ වාසි අත්කර ගන්නට අවස්ථාව පෑදේ. ස්ථාන මාරු ආදිය සුදුසු නොවේ. ඉගෙනගන්නා අයට යම් යම් දෝෂාරෝපණ අසන්නට සිදුවන කාලයකි. වැඩිහිටියන්ගෙන් ගුරුවරුන්ගෙන් විශේෂ වාසි ලබාගත හැකි කාලයකි.

ධනු – වාසිපිට වාසි
ඔබට ඉතා සුබදායී කාලයකි. සෑම අංශයකින්ම දියුණුවට කරුණු යෙදේ. විශේෂ මිතුරන් මෙන්ම ඔබේ දියුණුවට උදව් කරන්නන් හමුවන කාලයකි. අලුතින් සිතාබලා ආරම්භ කරන කටයුතු ආදියෙන් විශේෂ වාසි අත්වේ. සතුරන් පරාජයට පත්කර තම අරමුණු ජයගන්නට අවශ්‍ය ශක්තිය ලැබේ. නොසිතූ විරූ ආදායම් සහ විශාල ධන ලාභ ආදිය යෙදේ. ලොතරැයි දිනුම් ලැබීමටද ඉඩ තිබේ. විරුද්ධ ලිංගිකයන්ගේ ආදරය වැඩිපුර ලැබෙන කාලයකි. රැකියා කරන අයට උසස්වීම් සහ තනතුරු ලැබේ. තමාට අවශ්‍ය විවිධ කාරණා සඳහා ඉල්ලීම් කිරීමට හොඳ කාලයකි. දරුවන් ගැන සිහින සැබෑ වේ. විශේෂ අමුත්තන් හමුවන ඔවුන්ගෙන් වාසි ලැබෙන කාලයකි. නිවාස සහ ඉඩකඩම් පිළිබඳ විශේෂ ලැබීම් සහිත කාලයකි.

මකර – සටනට සිත
නිතරම තරගයට සටනට සිත ඇදී යන ස්වභාවයක් පෙන්නුම් කළද එවැනි දේට යොමු නොවී සිටීමට සිතට ගත යුතුය. අනතුරු සහිත කටයුතුවල නියුතු වන අය ඉතා ප්‍රවේශම් විය යුතුය. අන් සතු ධනය ඔබට හිමිවන කාලයකි. එවැනි දේ ගැන අවධානයද වැඩි කෙරේ. පවුලේ අය වෙනුවෙන් මුදලක් වැයවනු ඇත. මුඛය ආශ්‍රිත රෝගයක් නිසා කාලයත් ශ්‍රමයත් වැයවනු ඇත. විරුද්ධ ලිංගිකයන් නිසා විවිධ කරදර බාධා ඇතිවනු ඇත. ඉගෙනගන්නා දරුවන් තරමක් මුරණ්ඩු වනු ඇත. තමන් සතු දෙයක් අස්ථානගත වීමට හෝ නැතිවීමට ඉඩ තිබේ. යාන වාහන ආදියේ ගමන් කරන විට ප්‍රවේශම් විය යුතුය. ව්‍යාපාර කරන අයට නව ව්‍යාපාර සඳහා අදහස් පහළවේ. එහෙත් මේ වසරේ අග භාගය තෙක් ඒවා සුදුසු නැත.

කුම්භ – වැඩිහිටි උදව්
සෙනසුරු ඔබගේ ලග්නය තුළ ගමන් කරන මේ කාලය තුළ ඔබට විශේෂ වැඩ රාජකාරි යෙදෙන්නට ඉඩ තිබේ. එමෙන්ම උපන් ගමෙන් පිට ගොස් කරන කටයුත්තකින් අර්ථික වාසි ගෙනදේ. දුර බැහැර අයගෙන් මුදල් සහ අමතර වාසි අත්වේ. තමා දන්නා කියන ස්ත්‍රියකගෙන් වාසියක් හෝ අවාසියක් සිදුවේ. රහසිගත සබඳතා ඇතිවන අතර විවාහක අය අනිසි සබඳතා කෙරෙහි යොමුවන කාලයකි. රැකියා කරන අයගේ අරමුණු බලාපොරොත්තු තරමක් පසුපසට දමන්නට සිදුවනු ඇත. එහෙත් ඉගෙනගන්නා අයට සුබදායී ප්‍රතිඵල ලබාගත හැකිය. පෙනුම වයසට වඩා මුහුකුරා ගිය ස්වභාවයක් ගනී. ඇතැම් විට මැදිවියේ කෙනකු ඔබ සොයා පැමිණ විශේෂ තෑගිබෝග ලබාදෙන්නට පෙලඹේ. ඉතා ඉවසීමෙන් ලද දෙයින් සතුටු විය යුතු කාලයක්ද වෙයි.

මීන – හදිසි ධන ලාභ
ඔබගේ දොළොස්වැන්නට ශනිගේ පැමිණීමෙන් විවිධ බාධක කරදර යෙදෙන ස්වභාවයක් පෙන්නුම් කළද කල්පනාකාරීව උපක්‍රමශීලීව කටයුතු කළහොත් සියල්ල වාසියට හරවාගත හැකි කාලයකි. විශේෂයෙන්ම උත්පත්තියේදී ශනි 3,6,10,11,12 යන ස්ථානයක සිටි අයටත්, 12 වැන්න මකර හෝ කුම්භ රාශියක් වූ අයටත් මේ කාලය ඉතා සුබදායී කාලයක් බවට පත්කර ගත හැකිය. අතමිට මුදල් යහමින් රැඳෙන සිතේ හැටියට වියදම් කිරීමට හැකිවන කාලයක්ද වෙයි. මේ කාලයේදී අලුත් මිතුරන් හමුවීත්, නිවාස අලුතින් ඉදිකිරීමත් සිදුවිය හැකිය. නොසිතූ ආකාරයේ ව්‍යාපාර ගැන අදහස් පහළ වන අතර ඒවා කිරීමෙන් සිතේ සතුටට හේතු යෙදේ. විවිධ ආකාරයට මුදල් උපයාගන්නට ක්‍රම හමුවේ. කිසිවකු බලාපොරොත්තු නොවූ මාර්ගයකින් මහා ධනයක් හිමිවනු ඇත.

ඉහත ලග්න පලාපල පොදුවේ ගෙනහැර දක්වා ඇති අතර මේ සෙනසුරු මාරුව ඔබේ ලග්නයට සහ ඔබට කෙසේ බලපායිද යන්න දැනගැනීමට ඔබේ කේන්දරය පරීක්ෂා කරවාගැනීම වැදගත් වේ. ඔබේ පවුලේ ජ්‍යොතිෂවේදියාට හෝ ඔබ කැමැති ජ්‍යොතිෂවේදී මහතකු ලවා එය කරවාගැනීම තුළින් අපල මඟහැර වාසනාව උදාකර ගැනීම පහසු වනු ඇත. එයින් ඔබට ඉතා පහසුවෙන් සාර්ථකත්වය ළඟාකරගත හැකි වේවායි පතමු.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජයශ්‍රී නන්ද කුමාර

SendShareShare
Previous Post

චීන තානාපති හදිසියේම පාර්ලිමේන්තුවට යයි! ගිහින් ආණ්ඩුවේ ස්වාධීන කණ්ඩායම හමුවෙයි!

Next Post

අපිට ඕන ගෝඨා! යුද්දෙ දිනපු ගෝඨා! 20ක් විතර ඇවිත් ගෝල්ෆේස් එකේ කෑ ගසයි! (VIDEO)

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.