රනිල් වික්රමසිංහ මහතා විසින් කොළඹ නගර සභාවේ සියලුම එජාප මන්ත්රීවරුන් හදිසියේම කැදවා සාකච්ජා කිරීමට පියවර ගෙන ඇත.
නගර සභාවේ කටයුතු ආණ්ඩුව විසින් විශේෂ කොමසාරිස්වරයකු යටතට පත් කිරීම පිළිබද පැතිර යන රාවයත් සමග මෙම කැදවීම සිදු කර ඇති බව පැවසේ.
මෙම හමුවට නගර සභාවේ පුරපතිනිය වන රෝසි සේනානායක මහත්මිය ඇතුලු සියලුම එජාප නාගරික මන්ත්රීවරුන්ද, කොළඹ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් කිහිප දෙනකුද එක්ව සිට බව දැනගන්නට තිබේ.
මෙහිදී ඇතැම් නාගරික මන්ත්රීවරුන් ඍජුවම රෝසි සේනානායක මහත්මියට දොස් පවරමින් චෝදනා එල්ල කොට ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් වික්රමසිංහ මහතා මෙහිදී නගර සභාවේ ඉදිරි කටයුතු සිදුකරගෙන යාම සම්බන්ධයෙන් නගරාධිපතිනිය ඇතුලු නාගරික මන්ත්රීවරුන්ට උපදෙස් මාලාවක් නිකුත් කර ඇති බවද දැනගන්නට තිබේ.










