මහනුවර සිට කොළඹ බලා ධාවනයවූ උඩරට දුම්රියේ නැගි විශාල තරුණ පිරිසක් ආණ්ඩුවට එරෙහි ජනතා අරගලය සඳහා කොළඹ ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය පිටිහි ගෝඨාගෝගමට පැමිණ සිටියහ.
ඔවුන් අරගලයේ යෙදී සිටින ජනතාවට සහය පලකරමින් මෙලෙස පැමිණ විරෝධතාවෙහි නිරත වූ බව වාර්තා වේ.
එමෙන්ම දිවයිනේ ප්‍රදේශ රැසකින් මේ වනවිට ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසලට විශාල ජනතාවක් එක්ව ආණ්ඩුවට විරුද්ධව විරෝධතාවක නියැලෙන බවද වාර්තා වේ.










