මේ රට සම්පූර්ණයෙන්ම සින්නක්කරයට ඔවුන් විසින් ලියා ගෙන ඇතැයි එක පවුලක් සිතාගෙන සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රටේ ජනතාවට ආත්ම අභිමානයෙන් යුක්තව ජීවත් වීමේ පරිසරය බිහිකිරීම වෙනුවෙන් තමන් අප කැප වන බව පැවසූ විපක්ෂ නායකතුමා වැටුණු රට ගොඩනැගීමට තමන් ඉල්ලා සිටින්නේ එය තම කණ්ඩායමට කළ හැකි බව දන්න නිසා යැයිද පැවසීය.
දේශප්‍රේමය ගැන, ජාති ආලය ගැන, දේශමාමකත්වය ගැන කයිවාරු ගසා බලය ගත් ආණ්ඩුව අද මුළු රටම ඛේදවාචකයක ගිල්වා ඇතැයිද විපක්ෂ නායකතුමා පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක ජන සුවය ප්‍රජා සත්කාර වැඩසටහන් මාලාවට සමගාමීව, අම්පාර දිස්ත්‍රික්කයේ පානම ප්‍රදේශයේ ජීවත්වන අගහිඟකම්වලින් පිරි පවුල් දහසක් වෙනුවෙන් වියළි සලාක ආහාර මල්ලක් ලබා දීමේ වැඩසටහනක් ඊයේ (13) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
https://www.youtube.com/watch?v=4az-gQsuYy0
ඒ පානම බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේදී ය. රුපියල් ලක්ෂ දාහත හමාරක් වටිනා වියළි ආහාර සළාක එහිදී පරිත්‍යාග කරනු ලැබීය.










