• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

පෙරළියක පෙරමුණ! කලාකාරයෝ සටනට එයි! වීදි බසියි! සටන් පාඨ කියයි! වැස්සට තෙමෙයි! අව්වට වේලෙයි!

April 12, 2022
in Exclusive, News
Reading Time: 13 mins read
A A
පෙරළියක පෙරමුණ! කලාකාරයෝ සටනට එයි! වීදි බසියි! සටන් පාඨ කියයි! වැස්සට තෙමෙයි! අව්වට වේලෙයි!
Share on WhatsAppShare on Facebook

කලාකරුවන් දේශපාලන වේදිකාවට නගින පැටර්න් එක ලොව පුරා හැම දේශයකම ආරම්භ වුණේ අදක ඊයෙක නෙවෙයි. අසල්වාසී ඉන්දියාව ගත් විට වුවද කොලිවුඩයෙන් එම්.ජී.ආර්. සහ ජයලලිතා පැමිණ ඉන්දීය ලෝක් සභාව උඩුයටිකුරු කර දැමූ කතන්දරය ලොව පුරා පැතිර ගියේය. බොලිවුඩයෙන් තොරතුරු බිඳක් ගත් කල වෛජයන්ති මාලා, දිලිප් කුමාර් සහ අමිතාබ් බච්චන්ද ගාන්ධිලාගේ දේශපාලනය සමග දිගුකාලීනව අත්වැල් බැඳ සිටියහ.

ඉන්දියන් සාගරයේ මුතු ඇටය යැයි කියන ශ්‍රී ලාංකේය දේශපාලනය හමුවේද ඒ ඒ පක්ෂයන් සමග කලින් කලට කලාකරුවන් රොද බැඳගත්තේ තම තමන්ගේ ප්‍රතිරූපයන් රතු, නිල්, කොළ යන පැහැයන් අනුව උකසට තබමින්ය.

1977 අවුරුද්දේ ජේ.ආර්. ජයවර්ධන සමග දේශපාලන වේදිකාවට නගින්නට රවීන්ද්‍ර රන්දෙණිය, මාලනී ෆොන්සේකා සහ සෝනියා දිසා යන ප්‍රවීණයන් කෙහෙල් දල්ලෙහි කොළ පාටට හැඩවීගෙන පැමිණි ආකාරය අද මෙන් මතකය.

එදා යම් කලාවකට අමුතු ආකාරයේ වැදගත්කමකට වාගේ සිදුවූ කලාව හා සබැඳි දේශපාලනය අද නම් සිදුවන්නේ ඊට වැඩිය ටිකක් විතර ලාභ තාලයටය. ඒ කාලයට දෙන්නට පුළුවන් කෙටිම සරලම වචන දෙක්ක වේ. ඒ, ‘කඩේ යෑම’ය.

එතරම් දුර නැති කලෙක සිටම තමන්ට රුචි දේශපාලන පක්ෂයක් අල්ලාගෙන අපේ කලා ශිල්පීන් මෙන්ම ශිල්පිනියන්ද හොණ්ඩර හෝ ටොන් ගණනට කඩේ යන්නට හුරුව සිටියේ තමා කෙතරම් ප්‍රවීණත්වයට පත් සොඳුරු කලාකරුවකු දැයි යන වග අමතක කරමිනි.

වැඩිදුර යන්නට ඕනෑ නැත. පසුගිය ජනාධිපතිවරණයේදී ද නිදහස් කලා සන්ධානය යටතේ ‘පෙරළියක පෙරමුණෙහි කලාකරුවෝ පෙළගැසෙති’ යන ස්ලෝගන් එක සමග කලාකරුවන් සිය ගණනක් ගෝඨාභයට පක්ෂව ඡන්ද සටනෙහි නියැළුණාහ. එකී කලාකරුවන් ඡන්ද සටන මෙහෙයවූයේ කුමන බලාපොරොත්තුවකින්දැයි කිසිවකු හෝ අසනවා නම් එයට දිය හැකි උත්තරය නිශ්චිතව ගළපන්නට නොහැකිය. එහෙම කියන්නේ ජනාධිපති ගෝඨාභය හෝ එම රජය සමග ඔවුන් ගසා තිබූ ගිවිසුම කිසිවකු නොදන්නා නිසාය. ඔවුන් කලාවට යම් සෙතක් කරන්නට තැනුවාද? තම බැංකු ගිණුමට වැඩි අංක ගණනක මුදල් බැර කිරීමකට පොරොන්දු ගත්තාද?

වෙනත් කුමක් හෝ වරප්‍රසාදයකට නතු වුණාද? නැතිනම් ඔවුන්ගේ චේතනාව තුළ වූයේ හොඳ නායකයකුට ඔටුනු පැලඳවීමේ පිරිසිදු සිතුවිල්ලදැයි කියා අදටවත් සිතාගන්නට නොහැකිව ඇත.
කොයි විදියේ චේතනාවකින් හෝ ගෝඨාව රතු පලස් මතින් ජනාධිපති අසුනට ගෙන යන්නට ඔවුන් සමත් විය. ඒ නිකන්ම නොවේ.

Respect Sir කියන ගෞරවනීය නාමය සමග ගෝඨාභයට සැලියුට් එක ගසන අමුතු කලාවක්ද ජනතාවගේ හිස් ඔළු මතට එකතු කරමින්ය. ඒ, 2019 අවුරුද්දේ අග භාගයේදීය. මේ 2022 අවුරුද්දේ මුල් භාගයයි.

කාලය මැවූ වෙනසක අරුමය කොයි තරම් පුදුමාකාරද?

පෙරමුණක පෙරළිය ගත් කලාකාර කැල ගෙන ආ අරුම පුදුම නායකයා ආණ්ඩුවට වසර තුන සම්පූර්ණ වන්නට මත්තෙන් තම නොහැකියාව පමණටත් වඩා පෙන්වා ඇත. තෙල් නැතිව රට ගින්නෙන් දැවෙමින් ඇත. ගෑස් නැතිව රටේ ජනතාව ගිනි උහුලමින් සිටිති. පාන්, පරිප්පු, සීනි, කිරිපිටි ඇතුළු සියලු අමුද්‍රව්‍යවල මිල අහස උසට ඉණිමං බඳිමින් සිටියි. ඒ සියල්ල අතර අසනීපයකට ගන්න බොහෝ බෙහෙත් වර්ග හොයාගන්නට නැත. ඉස්පිරිතාලවල සිහිය නැති කරන බෙහෙත් තිබුණාට නැවත සිහිය ගන්නා බෙහෙත් නැත. ප්‍රශ්න මඳකට අමතක කර දමා ටෙලියක් බලා ජොලියක් ගන්න හුරුව හිටිය පිරිසට ටෙලිය බලන්නට කරන්ට් එකද නැත. සරලම භාෂාවෙන් කියනවා නම් මහජනතාව අන්ත අසරණව ඇත.

පෙරළියක පෙරමුණ ගත් කලාකරුවන්ට ඒ අසරණකම ඉවවැටිලා නැද්ද?

ඇයි නැත්තේ? ඇස් කන් ඇති ඔවුනට එය නොදැනෙන්නට විදියක් නැත. නමුත් ඔවුහු කිසිවක්ම නොවුණා සේ නිහඬව සිටිති.

හැබැයි, හරි අපූරු වෙනසක පෙරළියක් සිදුවෙමින් පවතී.

ඒ, ගෝඨාභය රජකරවන සටනට උර නොදුන් කලාකරුවන්ගේ පෙරළියක පෙරමුණේ පොහොට්ටුවට විරුද්ධව වීදි බැසීමට පටන්ගෙන ඇත.

සටනෙහි මුල් අංකුරය බිහිවූයේ ‘නාඩගම්කාරයෝ’හි මනමාලන් හෙවත් කෝකිල පවන්ගේ මැදිහත් වීමෙනි. ඒ, මිරිහාන සටනෙහි ගැම්ම හරහාය. කෝකිල පවන් වීදි බැස්සේ නිහඬවමය. හොඳ හැටි ගුටි කෑවත් මාධ්‍යයට තුවාල පෙන්වා පබ්ලිසිටි නොගෙන තමන්ගේ පාඩුවේ සිටියේද නිහඬවමය. නමුත් මුහුණු පොත හරහා කෝකිල පවන්ට හොඳ ඇංකෝර් එකක් ලැබී තිබිණි.
කිසිදු දේශපාලන වාසියක් හෝ මාධ්‍ය ප්‍රචාරයක් නැතිව මිරිහාන සටන සමග වීදි බැහැපු කෝකිල සමග කෙටි කතාබහක් කරන්නට අප ගත් උත්සාහය කිහිප වතාවක්ම ව්‍යර්ථ වී ගියේය.

‘මම කෝකිල පවන්… මේ ‘මව්රට’ පත්තරේ නේද?’

කෙටි පණිවුඩයක් තබා විනාඩි 30ක් 40ක් ගිය තැන කෝකිල කතා කළේය. දන්නා තරමට කෝකිල මාධ්‍ය සමග බොහෝ සුහද අයෙකි.

‘ඔව්, මේ මව්රටෙන්. ටිකක් කතා කරන්න ඕනෑ කෝකිල. විනාඩි දෙක තුනක් ඇති…’

‘මොනව ගැනද දන්නෙ නෑ…?’

‘මිරිහාන ගැම්මට මැදිවෙලා ගුටි කන්න වෙච්ච ඔයා ගැන අපි කාටත් ආඩම්බරයි. ඒ ගැන පොඩි විස්තරයක් දෙමුද?’

‘අනේ සමාවෙන්න. ඒ ගැන මාධ්‍ය එක්ක කතා කරලා පබ්ලිසිටියක් ගන්න අවශ්‍ය නැහැ මං හිතන්නේ…’

‘පබ්ලිසිටියක් නෙවෙයි කෝකිල, නවක තරුණ කලා ශිල්පියෙක් හැටියට ඔයා වීදි බැස්සා. කලාකරුවන්ට එන්න කියන ආරාධනය ගැම්ම දුන්නේ ඔයා. ඒ ගැන කෙටි යමක් කියන්න…’

‘වැඩි යමක් නැහැ ඒ ගැන කියන්න. නිදහස් කැමැත්ත මත මගෙන් විය යුතු යමක් සිද්ධ වුණා. එච්චරයි. ප්ලීස් තරහ වෙන්න එපා. ඒකට ප්‍රසිද්ධියක් අවශ්‍ය නැහැ….’

කෝකිල පවන් බොහෝ ආචාරශීලීව සමුගෙන ගියේ එහෙමය. කොහොමත් ඔහු ‘හරි’ය.

වෙනත් ලාභ ප්‍රයෝජන හෝ වාසි තකා කරන අරගලවලින් කුමන ඵලයක්ද? නිහඬවම මිරිහාන ගැම්මට මැදි වූ කෝකිල නිහඬවම ගුටි කා නිහඬවම තම කාර්යභාරය මවුරට වෙනුවෙන් ඉටු කළේය.

හැබැයි ඔහු දුන් ඒ ගැම්ම හරහා තව බොහෝ කලාකරුවන් වීදි සටන සඳහා පෙළගැසිණි. නොසිතූ ලෙස ප්‍රවීණ කලා ශිල්පීන් බොහොමයක් එයට එක්වී තිබිණි. එයට ආරම්භය සහ සැලැස්මද තිබුණේ ඔටුන්න අහිමි වුවද සිරස සුපිරි තරුව ලෙස කිරුළු පලන් ශිහාන් මිහිරංගය. ශිහාන්ව දුරකතන සම්බන්ධතාවට එක විනාඩියකට හෝ කොටුකර ගන්නට අප ගත් උත්සාහය කිහිප විටකම අසාර්ථක වී ගියේය.

Gota Go Home යැයි කවුරුත් වාගේ පොහොට්ටුවේ පාලනයට විරුද්ධ අරගලයේදී කෑගැසුවාට ශිහාන් මිහිරංග කීවේ ඊට වඩා අර්ථවත් වූ නියම කතාවකි. බජාර් බසින් කියනවා නම් ඒක ‘පට්ටය’ මුහුණු පොතේ ඒ වෙනුවෙන් ශිහාන්ට ලැබුණු ප්‍රතිචාරයද පට්ටය.

‘කියන්න ඕනෑම දේ ලස්සනට කිව්වා. ඒක නියමයි ශිහාන්…’

මුහුණු පොත පුරා ශිහාන්ට ලැබුණු ඒ ප්‍රතිචාර සිය ගණනක් අතරින් තව තව මිතුරු මිතුරියන් අතර ෂෙයාර් වූයේ කඩිනමිනි.

‘ගෝඨාට ගෝ හෝම් කියන්න එපා. එයා අපට ටටා බායි කියලා ප්ලේන් එකේ නැගලා යන්න ගියොත් ෆේල් වෙන්නේ අපිමයි. එයාලා එයාලගේ පවුලේ අයයි එහෙම යන්න කලින් අපෙන් අපේ රටෙන් ගත්ත හැම සතයක්ම ඉල්ලගන්න ඕනෑ. අන්න ඒ ගනුදෙනුව ඉවර කරලා තමයි අපි එයාට Gota Go Home කියන්න ඕනෑ….’

කිව්වත් නොකිව්වත් ඒ කියමන නම් මසුරංය. විශේෂයෙන් ශිහාන් වැනි පොෂ් ලුකින් සංගීතවේදියකුගේ කටින් ඒ වාගේ වචන පෙළක් කියැවිච්ච එක පුදුමය. ශිහාන් විතරක් නොව වීදි බසිතැයි කිසි විටෙක හිතන්නට බැරි බොහෝ කලාකරුවන් ගෝඨාභය පාලන ක්‍රමයට විරුද්ධව සිය සංග්‍රාමය අරඹා තිබිණි.

පුදුමය කියන්නේ ‘නාඩගම්කාරයෝ’හි සරාට අඳින සජිත අනුත්තරද බැනරයක් අතැතිව ඒ අතර සිටියේය.

‘හෙට අනිද්දා මමත් තාත්තා කෙනෙක් වෙනවා. මටත් දරුවෙක් උපදිනවා. ඒ දරුවන්ට ජීවත් වෙන්න නිදහස් රටක් තියෙන්න ඕනෑ. දෙයියන්ගෙ නාමෙටයි මේ කියන්නෙ. ‘ගෝඨා, ප්ලීස් ගෝ හෝම්…’

සිරස නිවුස් ෆස්ට් කැමරාවට සජිත ඔහුගේ හඬ දුන්නේ එහෙමය. කාටත් පුදුම හිතෙන ඒ සීන් එක නම් අර කවුද කිව්වා වගේ දවසක්ම බොන්න හිතෙන ප්‍රශ්නයකි.

ඇයි එහෙම කියන්නේ?

නොකියා කොහොමද? මීට අවුරුදු තුන හතරකට කලින් මහින්ද රාජපක්ෂට සහාය දැක්වූ ජැක්සන් ඇන්තනීගේ පුංචි පුතා පොහොට්ටුවට විරුද්ධව බැනරයක් අතේ අරන් පාරට බහින එක කොහොමත් පුදුමයට කාරණයකි.

මතකද, ජැක්සන් ඇන්තනී කිව්වා දවසක් ප්‍රසිද්ධියේම, මහින්ද රාජපක්ෂ කියන්නේ බුදුරජාණන්වහන්සේට නෑකමක් ඇති උත්තමයෙක්ය කියලා. එහෙව් තාත්තගෙ පුතා මහින්ද රාජපක්ෂම නිර්මාණය කළ පොහොට්ටුවට විරුද්ධව බැනර් එකක් අරගෙන කලා හවුලට එකතු වෙයි කියලා කොහොම හිතන්නද?

හිත හිත ඉන්න එකේ තේරුමක් නෑ කියල හිතලා තමයි සජිත ඇන්තනීටම කතා කරලා මේ ගැන අහනවය කියලා තීරණය කෙරුවේ. රිංග්ස් යන්න වුණේ දෙපාරයි. මෙන්න අනේ සජිත බොහොම සුහදව අපට ‘හෙලෝ’ කිව්වා.

‘පොඩි කමෙන්ට් එකක් ඕනෑ සජිත. කලාකරුවන් සමග ඔයා පාරට බැහැපු එක ගැන…?’

‘අනේ ඒ ගැන කියන්න යමක් නැහැ. මම මගේ යුතුකම කළා. එච්චරයි…’

‘ඔයාගෙ අප්පච්චි බොහොම තදින් පොහොට්ටුවට උදව් කළා. හැබැයි ඔයා පොහොට්ටුවට විරුද්ධව පාරට බැස්සා. අන්න ඒ ගැනයි වචනයක් ඔයාගෙන් ගන්න ඕනෑ…’

‘හොඳයි. එහෙම නම් මේ ටික ලියාගන්න. මම පුද්ගලිකව ප්‍රතිපත්තියක් විදියට මගෙම කලා නිර්මාණ කරන කොට එහෙම නැත්නම්, වේදිකාවක් මත කතා කරනකොට ගීතයක් හෝ චිත්‍රපටයක් වැනි නිර්මාණයකදි හෝ කිසිම දේශපාලන පක්ෂයක් වෙනුවෙන් පෙනී සිටලා හෝ ඔවුන්ට ඡන්දය දෙන්නැයි කියා ඔවුන් වෙනුවෙන් පෙනී ඉඳලා නැහැ. මේ රටේ පුරවැසියකු විදියට මම කළේ මැතිවරණයකදී මගේ ඡන්දය පාවිච්චි කිරීම පමණයි. මම ඡන්දය දැම්මේ කාටදැයි කියන එකවත් මේ කතාවට අදාළ නැහැ. මෙතැනදී මම පුරවැසියෙක් විදියට පාරට බැස්සේ පක්ෂයකට හෝ ලකුණකට විරුද්ධව නෙවෙයි.

කෙටියෙන් කියනවා නම් මෙතැනදි මම පාරට බැස්සේ අපේ රට වෙනුවෙන්. රට මුහුණදී ඇති අර්බුදය වෙනුවෙන්. පීඩාවට පත් ජනතාව වෙනුවෙන්. වත්මන් රජයේ පාලන තන්ත්‍රයේ යම් ගැටලුවක්, විශාල අර්බුදයක් නිසයි.

ඒ වගේම ආණ්ඩුවක් බිහිකරන්නෙ ජනතා මතයෙන්. යම් නායකයෙක් සහ ඔහුට සහාය දෙන පිරිසද පත්කරවන්නේ ජනතා මත විමසීමක් මතයි. එතැනදී ජයග්‍රහණයෙන් පසුව ජනතාවට සේවය කරන්නට ඔවුන් දෙන පොරොන්දුව කඩවුවහොත් ඊට විරුද්ධව නැගීසිටින අයිතිය ජනතාවට තියෙනවා. මමත් ඔවුන් සමග එකතු වුණේ ඒ අයිතිය සහ යුතුකම මතයි….’

‘කොයි තරම් කෑගැහුවත් සාමාන්‍ය ජනතාව ඇතුළු සියලු සුවිශේෂ පුද්ගලයන් අනේ පිං සිද්ධ වෙයි දැන්වත් යන්න කිව්වත් ඇයි සජිත ඔහු තවමත් ඉන්නේ…?’

‘අන්න ඒක තමයි බලයට තියෙන කෑදරකම. ඇත්තටම කියනව නම් මිනිසුන්ගෙන් කුණු බැණුම් හරි අහගෙන, නැහැ මම යන්නෙ. යන්න නෙවෙයි ආවෙ කියන මතය තුළ මේ රටේ නායකයා ඇතුළුව අනිත් හැම දේශපාලකයෙක්ම මේ කරන බලහත්කාරකම හරිම ලැජ්ජාසහගතයි. කනගාටුයි…’

‘රජය මෙම වීදිබැසීම කෙරෙහි දක්වන මර්දනය සාධාරණද සජිත?’

නැහැ. කොහෙත්ම සාධාරණ නැහැ. මර්දනයෙන් ගුටි කාපු මගේ කලා ක්ෂේත්‍රයේ මිතුරන් වාගෙම විශ්වවිiාල මිතුරන්ද ඉන්නවා. අනේ ඇත්තටම කියනව නම් සාමකාමීව තම සටන ගෙන ගිය අයටත් ඇඟිලි කැඩෙන්න අතපය කැඩෙන්න ගහලා තිබුණා. කනගාටුයි. ඛේදනීයයි…’

‘ඔබත් අරගලයට එකතු වුණේ ඒ කනගාටුව මතද?’

‘මම විතරක් නෙවෙයි. හැම කලාකරුවෙක්ම පාරට බැස්සේ බලා ඉන්න බැරිම තැනයි. අනික කලාකරුවන්ගේ මේ අරගලයට පක්ෂයක් හෝ පාටක් නැහැ. ගැතිකම් නැහැ. පඬුරු පාක්කුඩම් නැහැ. තියෙන්නේ එකම එක අරමුණයි. මේ මගේ මව්රට. එය දැන්වත් බේරාගත යුතුයි. අන්න එයයි අපේ ගැම්ම…’

සජිතගේ ඒ තරුණ හඬ සමග තව බොහෝ හඬනැඟීම් ෂැන්ග්‍රිලා හෝටල් පරිශ්‍රය පාමුල එදා ගිගුම් දුන්නා.

‘ගෝඨාභය මහත්තයෝ රාජපක්ෂ පවුලත් එක්කම තොලොංචි වෙලා යන්න. අපේ රට අපට ඉතුරු කරන්න. මෙන්න වැන්දා…’

ඒ, දමිතා අබේරත්නගේ වේදනාකාරී හඬය.

‘මම දරුවො දෙන්නෙක් ඉන්න අම්ම කෙනෙක්. හැම අම්මම වෙනුවෙන් මේ කතා කරන්නේ. කරුණාවෙන් කියන්නේ. තනතුර භාරදීලා පල්ලම් බැහැලා යන්න ගෝඨාභය මහත්තයෝ…’
ඒ, මහේෂි මධුෂංකාය.

‘මට පිටරට සිටිසන් නැහැ. මේක මගේ රට. මේ රට අපටයි, අපේ දරුවන්ටයි තියලා ඔබතුමා දැන් ඉතින් යන්න…’

ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය වූ දිනක්ෂි තම හැඟීම් එලෙස පිට කළාය.

Live 1 සංගීත කණ්ඩායමේ ෂේන්ගේ යෝජනාවක් මත ශිහාන් මිහිරංගගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම කලාකාමී උද්ඝෝෂණයට ශානිකා වනිගසේකර, සමනලී ෆොන්සේකා ඇතුළු තව බොහෝ කලා ශිල්පීන් එක්වී සිටියහ. මවුරට වෙනුවෙන් ‘මව්රට’ පුවත්පතට කෙටි කතාබහක් ගන්නට ඔවුන් බොහෝ දෙනකුට අප ගත් උත්සාහය හීනව ගියේය.Liveඛසඩැ 1 සංගීත කණ්ඩායමේ ෂේන්ගේ යෝජනාවක් මත ශිහාන් මිහිරංගගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම කලාකාමී උද්ඝෝෂණයට ශානිකා වනිගසේකර, සමනලී ෆොන්සේකා ඇතුළු තව බොහෝ කලා ශිල්පීන් එක්වී සිටියහ. මවුරට වෙනුවෙන් ‘මව්රට’ පුවත්පතට කෙටි කතාබහක් ගන්නට ඔවුන් බොහෝ දෙනකුට අප ගත් උත්සාහය හීනව ගියේය.

දුකක් නැත. අපට කමෙන්ට් නොදුන්නාට ඔවුන් කළ ඒ මෙහෙවර අනභිභවනීයය.

මන්ද යත්, එදා ඒ වීදිබැසීම තුළ කිසිදු වාසියක් ඔවුන්ට තිබුණේ නැත. දේශපාලන වන්දිභට්ටකම් තිබුණේ නැත. ඒ හින්දා එය සතුටට හේතුවකි.

හැබැයි, දුකක්ද හීනියට දැනේ. ඒ, පොහොට්ටුවට කඩේ යන්නට පාට පාට සළුපිළි ඇඟලා පැමිණි අපේ අනෙකුත් ප්‍රවීණ කලාකරුවන් එතැන සිටියේ නැත.

ඔවුන් කොහිද? මේ දුක්ඛිත ජනතා හඬ ඔවුන්ට ඇහෙන්නේ නැතුවද? එවුන් සවන් දෙනවා නම් අපි මෙහෙම කියන්නෙමු.

‘එන්න, ඔබ ඇවිත් යන්න එන්න…’

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

බමුණා වුණත් දුදනෙක් නම් බිම හෙළනු…! නන්දා මාලිනිය දැන් එයි පෙරමුණට! (VIDEO)

Next Post

සමීර කලුගම්පිටියගේ කතා කරන කාටූන් එක!

MORE NEWS

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO
Exclusive

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

Load More
නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු වීමේදී සියලු දෙනාම පක්ෂ දෙකේ නායකයන්ට ගරු කරමින් අදහස් දැක්විය යුතු බව...

Read more
අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.