ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (29) දින ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා මුණගැසී ද්විපාර්ශ්වික සාකච්ජා පැවැත්වීමට කටයුතු කළේය.
මීට අමතරව ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් මහතා මුණගැසීමටද ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබිණ.
ඉන්දියාවේ ජනපති නිල නිවස වන ‘රාෂ්ඨපති භවන්‘ හීදී ආචාර වෙඩිමුර 21 ක් පවත්වා මෙම පිළිගැනීම සිදු කර තිබේ.










