අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද රාත්‍රියේ ජාතිය ඇමතීමට නියමිතව ඇත.
රාත්‍රී 7.30ට මෙම විශේෂ ප්‍රකාශය සිදුකිරීමට නියමිතය.
පූර්ව පටිගත කරන ලද ප්‍රකාශයක් වන මෙය හරහා පවතින තත්ත්වය සම්බන්ධයෙන් අගමැතිවරයා අදහස් පළකරනු ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් අපට ඇති ආරංචිමාර්ගවලට අනුව අගමැතිවරයා සිය තනතුරින් ඉවත් නොවීමට තීරණය කර ඇති බවද දැනගන්නට ඇත.
නමුත් මෙම ප්‍රකාශයත් සමග දේශපාලන ක්ෂේත්‍රයේ විශාල පෙරළියක් වීමට නියමිතව ඇති බවද වාර්තා වේ.
කෙසේවෙතත් ඊයේ ජනාධිපතිවරයා මුණ ගැසුණු 41ක ස්වාධීන කණ්ඩායම අගමැතිවරයා ඉවත් කොට නව අගමැතිවරයකු පත් කරන ලෙසට ජනාධිපතිවරයාට දැනුම් දී තිබිණ.









