• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සහෝදරයා මහින්දට වැරදුණේ නෑ! (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

April 11, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
සහෝදරයා මහින්දට වැරදුණේ නෑ! (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)
Share on WhatsAppShare on Facebook

පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී විපක්ෂ මන්ත්‍රීවරයකු වන කුමාර වෙල්ගම, අගමැති මහින්ද ඉලක්ක කරමින් බරපතළ චෝදනාවක් එල්ල කළේය.

‘ගෝඨා ජනාධිපති අපේක්ෂකයා කළේ මහින්ද. ඒ නිසා මේ රටේ ඇතිවෙලා තියෙන විනාශයට මහින්ද වගකියන්න ඕනෙ. අනෙක මහින්ද 2019 ජනාධිපති අපේක්ෂකත්වය පවුලෙන් පිට කෙනෙකුට දෙන්න කැමැති වුණේ නෑ. මහින්ද තමයි ගෝඨාභයට දෙමු කියන තීන්දුව ගත්තේ.’

වෙල්ගම පාර්ලිමේන්තුවේදී මහින්දවත් ඉදිරියේ තියාගෙන කියා සිටියේ එහෙම කතාවකි.

ඇත්තටම වෙල්ගම කියපු විදියට ගෝඨාභය ගෙනාවේ මහින්දද? 2019 ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ගෝඨාභයව තීන්දු කළේ මහින්දද? වෙල්ගම පාර්ලිමේන්තුවේදී එහෙම කිව්වට ඒ කතාවේ ඇත්තක් නැත.

මොකද 2015 ජනාධිපතිවරණයෙන් මහින්ද පරාජයට පත්වූවාට පසු 2019 ජනාධිපතිවරණය කැඳවන තෙක්ම මහින්ද කොතැනකදීවත් කවදාකවත් ගෝඨාභය පොහොට්ටුවේ අපේක්ෂකයා බව ප්‍රකාශයට පත්කර තිබුණේ නැත. ඒ කාලයේ මාධ්‍ය මහින්දගේ පස්සේ යමින් 2019 අපේක්ෂකයා ගැන පන්න පන්නා අහද්දී මහින්ද කීවේ ඒක හරි වෙලාවට පොහොට්ටුව තීන්දු කරනු ඇතැයි කියාය.

මේකෙන් වුණේ මහින්ද ගෝඨාභයට ජනාධිපති අපේක්ෂකත්වය දෙන්න අකැමැත්තෙන් සිටිනවා කියා මතයක් රට ඇතුළේ ප්‍රචාරය වීමය. මේ මතය ප්‍රචාරය කළේ වෙන කවුරුවත් නොව ගෝඨාව ජනාධිපති අපේක්ෂකත්වයට ගෙන ඒමේ සටන දියත් කර සිටි විමල්, උදය ඇතුළු කණ්ඩායමය. මේ කණ්ඩායම ගෝඨාව 2019 අපේක්ෂකයා කිරීම සඳහා මාධ්‍යයත් අල්ලාගෙන විශාල මෙහෙයුමක් රට ඇතුළේ දියත් කර තිබිණි. 2015 මහින්ද පරාජයට පත්වූ අවස්ථාවේ සිටම මේ අය කෑගැහුවේ ගෝඨා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළයුතු යැයි කියාය.

ඒ අතරවාරයේ ශ්‍රීලනිපයේ ස්ථාවරය වී තිබුණේ 2019දී ගෝඨාව අගමැති අපේක්ෂකයා ලෙස කරළියට ගෙන ඒමටය. ඒ සඳහා එවක ජනාධිපතිව සිටි මෛත්‍රිපාල ගෝඨා සමග රහසිගතව සාකච්ඡා වටයක්ද ආරම්භ කළේය. ඒ වෙලාවේ ශ්‍රීලනිපය සිතුවේ මහින්ද සහ ගෝඨාභය අතර විශාල මතගැටුමක් ඇති බවත්, ඒ නිසා මහින්දගේ දේශපාලනය අවසන් කිරීමට ගෝඨාව ශ්‍රීලනිපයේ අගමැති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කිරීමටත්ය.

නමුත් අන්තිමේදී වුණේ විමල්ලාත්, විමල්ලාට සහාය දැක්වූ මාධ්‍යයත් එක්වී ගෝඨාභයට ජනාධිපති අපේක්ෂකත්වය දෙන තැනට මහින්දව බිත්තියට තියා හේත්තු කිරීමය.

වරක් එවක ඇමෙරිකානු තානාපතිවරියව සිටි අලෙයිනා ටෙප්ලිට්ස් මහින්දව මුණගැසුණු අවස්ථාවකදී ගෝඨාභයගේ ඇමෙරිකානු පුරවැසිභාවය සම්බන්ධයෙන්ද කතාබහක් සිදුකොට තිබිණි. ඒ වෙලාවේ මාධ්‍යවල ගියේ මහින්ද ඇමෙරිකානු තානාපතිවරිය සමග ගෝඨාභයගේ පුරවැසිකම ගැන කතා කොට ජනපති අපේක්ෂකත්වය ගත නොහැකි ආකාරයට ගෝඨාව හිර කරන්න යනවා යැයි කියාය.

හැබැයි ඇත්තටම වුණේ මහින්ද ගෝඨාට ජනාධිපති අපේක්ෂකත්වය බන්දේසියක තබා ලබාදුන්නා නොව, ගෝඨාට අපේක්ෂකත්වය දෙන තැනට පක්ෂය ඇතුළෙන් සහ මාධ්‍ය මගින් මහින්දට දැඩි බලපෑමක් එල්ල වීමය. මහින්ද ගෝඨාට අපේක්ෂකත්වය දුන්නේ ඒ බලපෑම හේතුකොට ගෙනය. ඒ නිසා පවුල ආරක්ෂා කරගන්න මහින්ද ගෝඨාට අපේක්ෂකත්වය දුන්නා කියන එක පිළිගන්නට බැරිය.

අනෙක් අතට වෙල්ගම කීවා සේම මහින්ද ගෝඨාභයව යෝජනා කිරීමෙන් රටට වැරැද්දක් වී නැත. ඒක පැහැදිලි වන්නේ රට වැටී ඇති මේ අර්බුදයේදී ඇතැම් පාර්ශ්ව ගෝඨාට ඉවත්ව යන ලෙස කිව්වත්, රට භාරගන්නට ඒ කවුරුවත් ඉදිරිපත් නොවීම හරහාය. මොකද ගෝඨා කැබිනට්ටුව විසිරුවා හැර ආණ්ඩුව භාරගන්නා ලෙස සෙසු පක්ෂවලට කීවද ශ්‍රීලනිපය රට භාරගන්නට ඉදිරිපත් වූයේද නැත. විමල් රට භාරගැනීමට ඉදිරිපත් වූයේද නැත. සමගි ජන බලවේගය රට භාරගැනීමට ඉදිරිපත් වූයේද නැත. වෙන කවුරුවත් ‘මම කරන්නම්’ කියා රට භාරගැනීමට ඉදිරිපත් වූයේත් නැත.

මේකෙන් පේන්නේ වෙන මොකක්වත් නොව මේ අර්බුදයට මුහුණදී මේකෙන් ගොඩ ඒමේ ශක්තිය ඇත්තේ, මෙම අර්බුදයට විසඳුමක් සොයාගැනීමේ ශක්තිය ඇත්තේ ගෝඨාට විතරයි කියන එකය. ඒ අතින් බලද්දී මහින්ද එදා ගත් තීරණය 100%කින් හරිය. ආණ්ඩුවක් හදන්න ආරාධනා කළත් කිසිදු පක්ෂයක් මේක භාර නොගන්නේ මේ අර්බුදය රාජපක්ෂලා පිට පැටවීමටම ඒ සියලු දෙනා බලා සිටින නිසාය.

හැබැයි රාජපක්ෂලා කියන්නේ අර්බුද එද්දී පැනලා යන ජාතියේ පවුලක් නොවේ. මේ වගේම අවුරුදු 30ක් පැවැති යුද්ධයේදී ද රාජපක්ෂලා කොයිම අවස්ථාවකවත් පැනල ගියේ නැත. යුද්ධය ජයග්‍රහණය කොට රටම ත්‍රස්තවාදයෙන් මුදාගැනීමට රාජපක්ෂ පවුල 2009 දී කටයුතු කළේය.

ඒ වගේම දැනුත් රාජපක්ෂ පවුලට විශාල අභියෝගයක් මතුව තිබේ. යුද්ධය දින්නා වගේ මේ අභියෝගයත් ජය ගෙන රාජපක්ෂලා කියන්නේ කවුරුන්ද කියා ගෝඨා රටටත්, ලෝකයටත් ඔප්පු කර පෙන්වනවා නිසැකය.

විමලසිරි ජයලත්

SendShareShare
Previous Post

ගෝල්ෆේස් එක පැත්තෙන් ඇහෙන්නෙ මාර කතා…! මේකත් පට්ට කතාවක්! (VIDEO)

Next Post

ලංකාවේ ආණ්ඩුවට වඩා ඉන්දියාවේ ආණ්ඩුවට අපේ මිනිස්සු කන්න නැතිව ඉන්න දුක තේරෙනවා! කෑම එවනවාට සම්බන්ධන් ස්ටාලින්ට ස්තූති කරයි!

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.