• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

TNA එක එන්න යන්නේ මොකාටද? සම්බන්ධන්ලා ඉල්ලපු දේවල් දෙන්න ගෝඨාභය පොරොන්දු වුණාද?

April 7, 2022
in Exclusive, News
Reading Time: 5 mins read
A A
TNA එක එන්න යන්නේ මොකාටද? සම්බන්ධන්ලා ඉල්ලපු දේවල් දෙන්න ගෝඨාභය පොරොන්දු වුණාද?
Share on WhatsAppShare on Facebook

TNA එක සහ ජනාධිපති අතර පහුගිය දිනවල දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවතියේය. ඒ නායයන ආණ්ඩුව මොකක්ම හරි මුක්කුවක් හොයනා අතරය. මෙතෙක් ආණ්ඩුවේ ඕනෑම කහල ගොඩක් විලි ලැජ්ජා නැතිව සුද්ද බුද්ද කළ ඇමැතිවරු ආණ්ඩුවෙන් පලාගොස් අවසන්ය. ඒ අයම ගියාද, නැත්නම් පල නොකියා පලා බෙදුවාද කියන එක හරියටම දන්නේ ඒ අයය. කොහොම නමුත් ආණ්ඩුව ඉන්නේ යළි නැඟිටින්නට බැරි විදියට හතර ගාතෙන්ම වැටිලාය. ඒ ගැන අලුතෙන් පැහැදිලි කිරීම් අවශ්‍ය නැත. කෙසේ නමුත් TNA එක යනු ලංකාවේ සැලකිය යුතු දේශපාලන ක්‍රියාන්විතයක් සහිත පක්ෂයකි. මේ වතාවේ ගෝඨාභයලා මුට්ටිය දමා බලන්නේ ඒ නිසාය.

මේ විදියටම TNA එකත් එක්ක දීග යන්නට ගිය දේශපාලන ඉතිහාස කතන්දර ඕනෑ තරම් තිබේ.

ලංකාවට පැමිණ සිටින ඉන්දීය විදේශ ඇමැති සුබ්‍රමනියම් ජයශංකර් මහතා හරහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දෙමළ ජාතික සන්ධානය වෙත විශේෂ පණිවුඩයක් යවා ඇතැයි දැනගන්නට තිබේ. ඉන්දීය විදේශ අමාත්‍යවරයා සහ දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකයන් අතර පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයාගේ මෙම විශේෂ පණිවුඩය ඉන්දීය විදේශ අමාත්‍යවරයා, දෙමළ සන්ධානය වෙත දැනුම්දී තිබේ.

දෙමළ ජාතික සන්ධානය සහ ජනාධිපතිවරයා අතර පසුගියදා පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා පොරොන්දු වූ ඉල්ලීම් පහ තමා ස්ථීර වශයෙන් ඉටුකරන බවත් ඒ පිළිබඳ තමා කෙරෙහි විශ්වාසය තබන ලෙසත් ඉන්දීය විදේශ අමාත්‍යවරයා මගින් දැනුම්දී ඇති විශේෂ පණිවුඩයයි.

මේ අනුව මේ ඉල්ලීම් පහ ඉටුකරන්න ආණ්ඩුව සූදානම් බවක් පෙනී යමින් තිබේ.

මාස 2ක් ඇතුළත නව ව්‍යවස්ථාවක් ගෙන ඒම ඇතුළු යෝජනා ගණනාවකට ජනාධිපතිවරයා එකඟතාව පළ කළ බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා එදා සාකච්ඡා නිමාවේදී මාධ්‍ය වෙත පවසා තිබුණේය.

ජනාධිපතිවරයා සමග පැවැත්වූ සාකච්ඡාවලින් අනතුරුව ඒ මහතා පෙන්වා දුන්නේ 13 වැනි ව්‍යවස්ථාව ඉක්මවා ගිය බලය බෙදීමක් පිළිබඳ එහිදී එකඟතාවකට පැමිණි බවකි. කාලයක් තිස්සේම ශ්‍රී ලංකාවේ ආණ්ඩු මේ ගැන කියමින් සිටියේය. එක කණ්ඩායමක් 13 ගෙනෙන බව කියූ පසු තව කට්ටියක් කීවේ 13ූ එකක් උතුරට දෙන බවය. එමෙන්ම උතුරේ ආරක්ෂක අංශ අත්පත් කරගෙන ඇති ඉඩම් නිදහස් කිරීමටත්, උතුරු නැගෙනහිර සංවර්ධනයට දෙමළ නියෝජිතයන්ද සහිත ඒකාබද්ධ කමිටුවක් සහ විශේෂ අරමුදලක් පිහිටුවීමටත් මෙහිදී එකඟතාවකට පැමිණි බව ඒ මහතා සඳහන් කර සිටියේය.

මේ ආකාරයෙන් තවත් යෝජනාවක් ඔභ් පාර්ශ්වයෙන් ඉදිරිපත් විය. උතුරු නැගෙනහිර සංවර්ධනය කිරීම සඳහා ඩයස්පෝරාවේ සහාය අවශ්‍ය නම් ඒ ඇතැම් සංවිධානවලට පනවා ඇති තහනම ඉවත් කළ යුතු බව දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවට දැනුම් දී ඇත. ඒ අනුව බොහෝ දුරට ආණ්ඩුව එම තහනම ඉවත් කරනු ඇති බව දැනගන්නට තිබේ. මීට කලින් වතාවකද දෙමළ ඩයස්පෝරාව මැදිහත්වී ලංකාවේ ණය ගෙවා දැමිල්ලක් ගැන කියවුණේය. මේ ඒ කතාවම නොවුණද එවැනිම වූ තවත් කතාවකි.

උගත් පාඩම් සහ ප්‍රතිසංවිධාන කොමිසමට අදාළ සරල හැඳින්වීම මෙවැන්නකි.

‘වර්ෂ 2002ක්වූ පෙබරවාරි 21 දින ක්‍රියාත්මක කෙරුණු සටන් විරාම ගිවිසුම අසාර්ථක වීමට තුඩුදුන් කරුණු හා අවස්ථානුගත තත්ත්වයන් සහ ඉනික්බිතිව 2009ක්වූ මැයි මස 19 දින තෙක් අනුපිළිවෙළින් වූ සිද්ධීන්, කිසියම් තැනැත්තෙක්, කණ්ඩායමක් හෝ යම් ආයතනයක් ඍජුව හෝ අනියමින් මේ සම්බන්ධයෙන් වගකීම් දරනුයේද යන වග, මෙබඳු සිද්ධීන් යළි ඇති නොවනු බවට සහතික කරගනු පිණිස එකී සිද්ධීන්ගෙන් උගත යුතු පාඩම් සහ සැලකිල්ල යොමුවිය යුතු තදාශ්‍රිත කරුණු, මෙකී සිද්ධීන්ගෙන් පීඩාවට පත් කිසියම් තැනැත්තකුට හෝ ඔවුන්ගෙන් යැපෙන්නන්ට හෝ උරුමක්කාරයන්ට ප්‍රතිසංස්ථාපනයක් කරනු ලැබිය හැකි ක්‍රමවේදය, මෙබඳු සිද්ධීන් ඉදිරි කාලයේදී යළි ඇතිවීම වළක්වාලනු පිණිසත් සියලු ප්‍රජාවන් අතර තවදුරටත් ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය ප්‍රවර්ධනය කරනු පිණිසත් ගනු ලැබිය යුතු ආයතනික, පරිපාලනමය සහ ව්‍යවස්ථාමය ක්‍රියාමාර්ග සහ ජනාධිපතිවරයා නිකුත් කළ අධිකාරි පත්‍රයේ නියමයන් යටතේ පරීක්ෂණයට භාජනය කරනු ලැබූ කරුණුවලින් කිසියම් කරුණකට අදාළ එබඳු යම් වෙනත් නිර්දේශයන් කිරීම යන දේ සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් 2010 මැයි මසදී පත්කරන ලද පරීක්ෂණ කොමිෂන් සභාවකි.’

නමුත් ශ්‍රී ලංකා රජය මේ සම්බන්ධයෙන් දැක්වූ ප්‍රතිචාරය අරුම පුදුම එකකි. තමන්ම පත්කරන ලද කොමිසමේ නිර්දේශ තමන් විසින්ම ක්‍රියාත්මක කිරීමට මැළිකමක් දැක්වීය.

කොමිසම සමන්විත වූයේ පහත අයගෙන්ය. ජනාධිපති නීතිඥ චිත්ත රන්ජන් ද සිල්වා, ජනාධිපති නීතිඥ ආචාර්ය අම්රිත් රොහාන් පෙරේරා, මහාචාර්ය කරුණාරත්න හඟවත්ත, චන්දිරපාල් චන්මුගම්, හේවා මාතර ගමගේ සිරිපාල පලිහක්කාර, මනෝහරි රාමනාදන් මහත්මිය, මැක්ස්වෙල් පරාක්‍රම පරණගම, මොහොමඩ් තව්ෆික් මොහොමඩ් බෆික් (2010 සැප්තැම්බර් 07 දින සිට), මහාචාර්ය මොහොමඩ් තාහීර් මොහොමඩ් ජිෆ්රි (2010 අගෝස්තු 31 දින දක්වා), එස්.එම්. සමරකෝන් – ලේකම් (2010 සැප්තැම්බර් 07 දින දක්වා), එස්.බී. අටුගොඩ – ලේකම් (2010 සැප්තැම්බර් 14 දින සිට) 2002 පෙබරවාරි 21 දින සිට 2009 මැයි 19 දින දක්වා කාලපරිච්ඡේදය තුළදී සිදුවිය හැකිව තිබූ මතු දැක්වෙන කරුණු පිළිබඳ පරීක්ෂා කොට වාර්තා කිරීමයි.

  1. වර්ෂ 2002ක්වූ පෙබරවාරි 21 දින ක්‍රියාත්මක කෙරුණු සටන් විරාම ගිවිසුම අසාර්ථකවීමට තුඩුදුන් කරුණු හා අවස්ථානුගත තත්ත්වයන් සහ ඉනික්බිතිව 2009ක්වූ මැයි මස 19 දින තෙක් අනුපිළිවෙළින්වූ සිද්ධීන්,
  2. කිසියම් තැනැත්තෙක්, කණ්ඩායමක් හෝ යම් ආයතනයක් ඍජුව හෝ අනියමින් මේ සම්බන්ධයෙන් වගකීම් දරනුයේද යන වග
  3. මෙබඳු සිද්ධීන් යළි ඇති නොවනු බවට සහතික කරගනු පිණිස එකී සිද්ධීන්ගෙන් අප උගත යුතු පාඩම් සහ අපගේ සැලකිල්ල යොමුවිය යුතු තදාශ්‍රිත කරුණු,
  4. මෙකී සිද්ධීන්ගෙන් පීඩාවට පත් කිසියම් තැනැත්තෙකුට හෝ ඔවුන්ගෙන් යැපෙන්නන්ට හෝ උරුමක්කාරයන්ට ප්‍රතිසංස්ථාපනයක් කරනු ලැබිය හැකි ක්‍රමවේදය,
  5. මෙබඳු සිද්ධීන් ඉදිරි කාලයේදී යළි ඇතිවීම වළක්වාලනු පිණිසත් සියලු ප්‍රජාවන් අතර තවදුරටත් ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය ප්‍රවර්ධනය කරලනු පිණිසත් ගනු ලැබිය යුතු ආයතනික, පරිපාලනමය සහ

ව්‍යවස්ථාමය ක්‍රියාමාර්ග සහ මේ අධිකාරි පත්‍රයෙහි නියමයන් යටතේ පරීක්ෂණයට භාජනය කරනු ලැබූ කරුණුවලින් කිසියම් කරුණකට අදාළ එබඳු යම් වෙනත් නිර්දේශයන් කිරීම’ යනුවෙන් දැක්වෙයි.

මේ යෝජනා සහ පෙර සඳහන් කරන ලද සාකච්ඡාවේ අවසන් තීන්දු අතරද යම් සමානතාවක් නැතිවාමද නොවේ. අන්තර්වාර පාලනය යෝජනා කොහොමත් උතුර සම්බන්ධව යළි එන යන යෝජනාය. මේ යෝජනා නිසි ලෙස ක්‍රියාත්මක නොවන මුත් අළුයට ගිනි පුලිඟු සේ නිතර මතුවෙමින් එයි. එසේම මේ යෝජනා අතර වූ ‘සත්‍ය සෙවීමේ කොමිසම’ වඩාත් ආකර්ෂණීයම යෝජනාවයි.

රනිල් වික්‍රමසිංහ 2002 සාම ගිවිසුමට පිවිසීමත් සමග ඇතිකරන ලද යෝජනා, උගත් පාඩම් කොමිසමේ යෝජනා සහ මේ පස්වැදෑරුම් යෝජනා අතර සමහර අන්තර්ගතයන් අනියමින් සමාන වී තිබේ. එය උතුර ඉල්ලන සාධාරණයට හා නිදහසට අනුලෝම සහ ප්‍රතිලෝම වශයෙන් සමානුපාතිකය.

ජාත්‍යන්තර ප්‍රජාව මේ දෙස බලා සිටින්නේ විවෘත මනසකිනි. පෙර අප විසින්ම පත්කරගත් කමිටුවක යෝජනා ක්‍රියාත්මක කරගත නොහැකිවී අප ජාත්‍යන්තරය ඉදිරියේ නිරුත්තර විය. 13 නිරන්තරයෙන් කතාබහක් පමණක්ම විය. අද මේ යෝජනා ඉදිරිපත් වෙන්නේ අතුරුදන් වූවන්ගේ දෙමාපියන් පැමිණි බස් රථයකට පහරදී සති කීපයකින්ය. නමුත් ෂඵත්‍ එක සහ ජාත්‍යන්තරය අප දෙස මේ වෙලාවේ බලා ඉන්නේ උතුර සම්බන්ධව අපේ ක්‍රියාකලාපය කුමක්දැයි නිවැරදිව කියවා ගන්නටය. ඒ නිසා මේ වතාවේ නම්, නංගි පෙන්නා අක්කා දෙන්නට යාමෙන් වෙන හැමදාටම වඩා වැඩ වරදින්නට ඉඩ තිබේ.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්! ‘කැළනි නාගයා’ ගෑස් පෝලිමකින් මතුවෙයි!

Next Post

රටේ කෑම ප්‍රශ්න ඕනෑ තරම්! ඒ අස්සේ හඳුන් දැක්ක සජිත්ගේ කෑම!

MORE NEWS

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News
Exclusive

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

මහින්ද මැදිහත් වෙයි! ලංකාව සහ ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා රජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහින්ද ලංකාවට එන්න කලින් අන්තිම ගේමත් ගහලා! I Sri Lanka Latest News

Exclusive

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News
Exclusive

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

Load More
ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News
Exclusive

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

රාජපක්ෂලාට අපලයි මෙවැනි පසුබිමක් යටතේ ආණ්ඩුව රාජපක්ෂවරුන් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග තීව්‍ර කොට ඇති ආකාරයක්ද දැකගන්නට තිබේ. එහි පළමු ඉඟිය පසුගිය...

Read more
හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

මහින්ද මැදිහත් වෙයි! ලංකාව සහ ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා රජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News

මහින්ද ලංකාවට එන්න කලින් අන්තිම ගේමත් ගහලා! I Sri Lanka Latest News

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.