සියලු රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශ විසින් ඒකාබද්ධ “ආණ්ඩුව පන්නමු” යන තේමාව යටතේ දැවැන්ත සංකේත වැඩ වර්ජනයක් දියත් කිරීමට තීරණය කර ඇත.
වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සභාපති වසන්ත සමරසිංහ පවසන්නේ එලැඹෙන 08 වැනි දින ආණ්ඩුවේ අකාර්යක්ෂම පාලනය සහ මහජන පීඩාවන්ට එරෙහිව දිවයිනේ සියලු සේවකයන් එක්ව මෙම දැවැන්ත වැඩවර්ජනය දියත් කිරීමට තීරණය කළ බවකි.










