පාර්ලිමේන්තුව ආසන්නයේ ස්ථාන කිහිපයකම මේ වන විට විරෝධතාකරුවන් ඒකරාශී වී සිටීම හේතුවෙන් පාර්ලිමේන්තුව අසල දැඩි ආරක්ෂාවක් යෙදවීමට පියවර ගෙන ඇත.
අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරය සඳහා විරෝධතා දැක්වීමට ඔවුන් සූදානම් වන බව පෙනී යයි.
දැනටමත් පාර්ලිමේන්තුව ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක බලඇණි උපරිම වශයෙන් යොදවා තිබේ.










