සිය විශ්‍රාම කාලය ගත කිරීම සදහා නිල කාලය තුළ මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් භාවිත කළ ජැජට් පාරේ නිල නිවාසය කැබිනට් අනුමැතියකින් පවරා ගත් බව පැවසුණද මේ වනවිට එම නිල නිවස යළිි රජයට පවරා ගැනීමට යෝජනාවක් ඉදිරිපත්ව ඇති බව දැනගන්නට තිබේ.
ඒ අනුව ව්‍යවස්ථානුකූලව විශ්‍රාම ගිය ජනාධිපතිවරුන්ට ලබා දුන් ආකාරයේ තනි නිවසක් සිරිසේන මහතාට ලබා දීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව ඇත.
එමෙන්ම පැජට් පාරේ පිහිටි මෙම අති සුඛෝපභෝගී නිවෙස ඉකුත් ආණ්ඩු සමයේදී කැබිනට් අනුමැතියකින් පවරා ගත් බව පැවසුණද එවැනි කැබිනටු අනුමැතියක් ඊට හිමිව නැති බව පැවෙසේ.
එම අවස්ථාවේදී මුදල් අමාත්‍යවරයා වශයෙන් මංගල සමරවීර මහතා එවැනි යෝජනාවක් වාචිකව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළද එය කැබිනට් මණ්ඩලයේ සම්මත වී නොමැති බව දැනගන්නට තිබේ.
මෙම නිලනිවෙස නිවාස 3ක් එක් කර කෝටි 800ක වියදමින් නවීකරණය කර භාවිතයට ගැනීමට එකල සිරිසේන මහතා කටයුතු තර තිබිණ.










