එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ට සජිත් ප්‍රේමදාස මහතා විසින් දිවා භෝජන සංග්‍රහයක් ලබා දී ඇති බව දැනගන්නට ඇත.
ඊයේ (28) දින රාජගිරියේ රෝයල් පාක්හි පිහිටි සිය නිවෙසේදී ප්‍රේමදාස මහතා මෙම දිවා භෝජන සංග්‍රහය පවත්වා ඇති අතර ප්‍රේමදාස මහතාට සමීප මන්ත්‍රීවරුන් විසින් මෙම හමුව සංවිධාන කර ඇති බවද දැනගන්නට තිබේ.
සාකච්ජාවක්ද සමගින් පැවැති මෙම භෝජන සංග්‍රහයේදී පක්ෂ නායකවරුන් විසින් එජාප නායකත්වය සහ විපක්ෂ නායක ධූරය යන දෙකම බාරගන්නා ලෙස ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
සජිත් ප්‍රේමදාස මහතාද ඊට එකගතාව පළ කොට ඇති නමුත් අවශ්‍ය නම් පක්ෂ නායකත්වය කරු ජයසූරිය මහතාට ලබා දීමට එකගතාව පළ කොට ඇති බවක්ද දැනගන්නට තිබේ.
කෙසේවෙතත් රනිල් වික්‍රමසිංහ මහතා සමග කිසිදු සාකච්ජාවක් පැවැත්වීමට තමන්ගේ කිසිදු අදහසක් නොමැති බව පෙන්වා දී ඇති ප්‍රේමදාස මහතා පක්ෂ මහලේකම් ධුරය ඇතුලු පක්ෂයේ ඉහළපෙළ සියලු තනතුරු වෙනස්විය යුතු බවද අවධාරණය කොට තිබේ.
මීට සහභාගී වී සිටි පක්ෂ නායකවරුන් වන රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන් කතානායකවරයා මුණගැසී මේ සම්බන්ධයෙන් සාකච්ජා කිරීමටද එකගතාව පළ කොට ඇති බව වාර්තා වේ.










