ශ්රී ලංකාවේ හිටපු ඇමරිකානු තානාපතිවරයකු වන ජාලිය වික්‍රමසුරිය එරට අධිකරණයක් විසින් වරදකරු කරමින් නඩු තීන්දුවක් ලබාදී ඇත.
ඒ අමෙරිකාවේල වොෂින්ටන් නගරයේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාල ගොඩනැගිල්ලක් මිලදී ගැනීම සදහා ශ්‍රී ලංකා රජයෙන් ඩොලර් 332,027 ක මුදලක් වංචා කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා වලටයි.
කොලොම්බියා දිස්ත්‍රික් අධිකරණයේදී ගොනු කර තිබු මෙම චෝදනාවන් සම්බන්ධයෙන් ඔහු වරද පිළිගෙන ඇත.
අමෙරිකාවේ ව්‍යවස්ථාව අනුව මෙම වරද සදහා වසර පහක සිරදඬුවමක් සහ මූල්‍ය දඩයක් පැනවිය හැකි අතර මෙම තීන්දුවට දඬුවම් නියම කිරීම ජුලි මස 20 වෙනිදා සිදුකිරිමට නියමිතය.
2008 සිට 2014 දක්වා ඔහු ශ‍්‍රී ලංකාවේ ඇමරිකා හා මෙක්සිකෝ තානාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබීය.










