සිය තානාපති කාර්යාලයේ නිලධාරිනියකගෙන් නිල නොවන ආකාරයේ ප්‍රශ්න කිරීමක් පිළිබදව ශ්‍රී ලංකාවේ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය රජය වෙත දැනුම් දීමක් කර ඇත.
ඊයේ (27) දිනයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා හා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත දැනුම් දීමක් කරමින් වහාම ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඔවුන් ඉල්ලා ඇති බවක්ද වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා ස්විට්සර්ලන්තයේ සිටින ශ්‍රී ලංකා තානාපතිවරයා එරට රජය විසින් කැදවා ඇති බවද දැනගන්නට ඇත.
ශ්‍රී ලංකා ආණ්ඩුව මේ සම්බන්ධයෙන් ඉහළ පෙළේ පරීක්ෂණයක් මේ වනවිටත් ආරම්භ කොට ඇති බවක්ද දැනගන්නට තිබේ.










