• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ළිං ජලයෙන් පහන් දැල්වුණු දේව හාස්කම…

March 28, 2022
in Exclusive, Mahawanshaya
Reading Time: 2 mins read
A A
ළිං ජලයෙන් පහන් දැල්වුණු දේව හාස්කම…
Share on WhatsAppShare on Facebook

පහනක් දැල්වීමට නම් අත්‍යාවශ්‍ය කාරණා කිහිපයක් සැපිරිය යුතුය. ඉන් ප්‍රධානම අවශ්‍යතාව වන්නේ තෙල්ය. තෙල් නොමැතිව පහනක් දැල්වීම ගැන සිතිය නොහැක. කොහේ කොතැනක හෝ එවැන්නක් වූයේ නම් එය මහත් හාස්කමකැයි සැලකිය හැකිය. ඒ අනුව එවැනි අපූරු හාස්කමක් ගැන ජනප්‍රවාද හා ඉතිහාස කතා ඇසුරේ හඳුනාගත හැකිය. ඒ, ජලයෙන් පහන් දැල්වූ අයූරු පුවතකි. මේ විස්මිත සිදුවීම ජනප්‍රවාද ඇසුරේ හමුවන්නේ උණවටුන වැල්ලේ දේවාලය හා බැඳුණු අතීතයෙනි.

අතීතයේ දිනක් දේවාලය භාරව සිටි කපු මහතා මහත් අපහසුතාවකට පත්වූයේ දේවාලයේ පහන් දැල්වීම සඳහාවත් තෙල් ස්වල්පයක් සොයාගත නොහැකි වීම නිසාවෙනි.

ඔහු දන්නා කියන සැමටම පණිවුඩය යැව්වේ තමන් සතුව තෙල් ඇත්නම් ඉන් ස්වල්පයක් හෝ ලබාදෙන ලෙස ඉල්ලමිනි. එහෙත් තෙල් හිඟවූ කාලයක් බැවින් එදින දේවාලයේ පහන් දැල්වීමට කපුමහතාට නොහැකි විය. ඔහු අනෙකුත් කටයුතු සියල්ල ඉටුකොට පහන් නොදල්වා නින්දට ගියේ යම් පසුතැවීමක්ද සිතෙහි තබාගෙනය.

වෙලාව රාත්‍රී දහයට ආසන්නව තිබෙන්නට ඇත. කපුමහතාගේ කාමරයේ දොර කිරි කිරි ගා හෙමින් ඇරුණේය. කපුමහතා නින්දත් නොනින්දත් අතර සිටියේය. ඔහුට ඝන අන්ධකාරය අතරින් යම් ආලේකයක ස්වභාවයක් ඇසට දැනී තිබේ. ‘අද මොකද දේවාලය කළුවරේ’ කවුදෝ අඳුරේ සිට අසනු ඇසී ඇත. කපුමහතා නින්දෙන්ම ඊට පිළිතුරු සිහිපත් කර ඇත්තේ පියවි සිහියෙන් නොවුණද, ‘ඇයි තමුන්ට කපුවත්තෙ ළිඳේ වතුරෙන්වත් පහන පත්තු කරන්න බැරිද?’ යනුවෙන් අසන හඬ ඇසී තිබේ. වහ වහා පියවි සිහියට පැමිණි කපුමහතා එතැනින් කපුවත්ත ළිඳ සොයා ගොස් ඉන් ජල බඳුනක් රැගෙන විත් දේවාලයේ පහන්වලට දමා පත්තුකර ඇත්තේ සැකයෙනි. එහෙත් විස්මිත අයුරින් පහන් දැල්වීමට පටන්ගෙන ඇති අතර මෙය මහා දේව හාස්කමකැයි හඳුනාගත් කපුමහතා එම පුවත දේවාලයට සම්බන්ධ සියලු දෙනාට දැනුම් දී තිබේ. ඒ අනුව එදා සිට වැල්ලේ දේවාලයේ කප්සිටුවීමෙන් පසු කපුමහතා කපුවත්ත ළිඳෙන් ජල භාජනයක් රැගෙන විත් දෙවියන් උදෙසා පවත්වන සියලු පුද පූජා උත්සව ආරම්භ කිරීම චාරිත්‍රයක් සේ සිදුකරන අතර දේව මාලිගාවේ දොර විවෘත කිරීම ඉන් අනතුරුව සිදුකරනු ලබයි. මේ සියලු සිදුවීම් සිහිපත් කරමින් පුදබිමේදීම සිඳගත් තෙල් භාවිත කර පහන් දැල්වීමක්ද සිදුවෙයි. තවද දේවොල් දෙවියන් අවසන් දිනයේ සකසන කිරි දානයට සහල් පිරිසිදු කරනුයේ මහ මුහුදේ කරවටක් ගැඹුරේ ගිලෙමිනි.

ඉතා බලවත් දෙවිකෙනකු ලෙස අදද පිළිගැනෙන දෙවොල් දෙවියන්ගේ උපත සම්බන්ධ ජනප්‍රවාද පුවතක් වන්නේ මලය රටේ ශ්‍රී රාමන් රජුගේ පුතුන් සත් දෙනාගේ කතාවයි. පුත්‍රයන් සත්දෙනාගෙන් රජුට මහල් අපල ඇතැයි දැනගත් රාමන් රජු ඉඹුල් ලී නෞකාවක පුතුන් සත්දෙනා නංවා මහ සයුරේ පාකර හැර ඇති අතර මුහුද මැදදී කුණාටුවකට හසුවන නැව පෙරළී යෑම නිසා මුහුදු මණිමේඛලාවගේ ආධාරයෙන් සීනිගමට ගොඩබැස පසුව විවිධ ප්‍රදේශ කරා බෙදීගොස් තිබේ. දෙවොල් කුමරු උණවටුනට ගොස් දැහැමින් දිවි ගෙවූ අතර ඔහු මල පසු ජනයා ඔහුව දේවත්වයෙන් පුදා තිබේ. එදා සිටම දෙවොල් දෙවියන් ජනයාගේ දුකට පිහිට වූ බවත්, ජනයාට කිසිදු අගහිඟයක් වෙනවාට දෙවොල් දෙවියන් අකැමැති බවත් ජනප්‍රවාදයන්හි සඳහන් වෙයි. මේ හේතු නිසාම සිදුවිය නොහැකි දේ පවා කිරීමේ දේව හාස්කමක් බලයක් දෙවොල් දෙවියන් සතුව ඇතැයි ජනප්‍රවාදවල හඳුනාගත හැකිය.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

නාවික හමුදාව එපා! උතුරු මුහුදට අතුරු හමුදාවක්! ඉන්දියාව අලුත් යෝජනාවක් අරන් එයි!

Next Post

ස්ප්‍රින් ඇන්ඩ් සමර් නවතම ශාඛාව කිරිබත්ගොඩ නගරයට…

MORE NEWS

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

Load More
අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් සම්බන්ධයෙන් සිරස නාළිකාවේ පුද්ගලයකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නවීන් දිසානායක මහතා සිරසට දුන්...

Read more
හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.