සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ හා රබර් ආශ්‍රිත භෝග වගා සහ කර්මාන්ත ශාලා නවීකරණය හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය ඇමති කණක හේරත්ට කෑගල්ල ප්‍රදේශයේදී ජනතාවගේ දැඩි විරෝධයකට මුහුණ දීමට සිදුව ඇති බව වාර්තා ව්.
කෑගල්ල, රන්වල, අලුත්පාර හන්දියේ ගෑස් බෙදාහැරීමේ ආයතනයක අලෙවි සැල ඉදිරියේ දී එම සිදුවීම සිදුව ඇති බව පැවසේ.
රාජ්‍ය ඇමති කණක හේරත් කෑගල්ල දිස්ත්‍රික්කයේ ලිට්‍රෝ ගෑස් නියෝජිතයා වන අතර මෙම බෙදාහැරීමේ ආයතනයද පවත්වාගෙන යනු ලබන්නේ ඔහු විසින් බව පැවසේ.
රාජ්‍ය ඇමති කණක හේරත්ට දිස්ත්‍රික්කය පුරා බෙදාහැරීමේ ආයතන රැසක් ඇතැයිද වාර්තා වේ.
තොරතුරු වාර්තා වන අන්දමට රාජ්‍ය ඇමති කණක හේරත් මෙම ස්ථානයට පැමිණෙමින් සිට ඇති අතර සිය රථයේ වේගය අඩු කරද්දි ජනතාව පෝලිමේ රැඳී සිටිනු දැක ඇති ඔහු එහි නතර නොවී ඉදිරියටම සිය රථය ධාවනය කර ඇති බව පැවසේ.
එම අවස්ථාවේ රාජ්‍ය ඇමති කණක හේරත්ව දැක ඇති ගෑස් පෝලිමේ රැඳී සිටි පිරිස ඔහුට විරෝධය පා ඇති බව දැනගන්නට ඇත.
පසුව එම ජනතාව එම ස්ථානයේ පාර හරස් කර විරෝධාතාවකද නිරතව වූ බව සදහන් වේ.
එම අවස්ථාවේ කෑගල්ල, රන්වල අලුත්පාර හන්දිය පසුකර යාමට පැමිණි කෑගලු දිස්ත්‍රික් පොහොට්ටු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය කාන්ත ගුණතිලකද වහාම තම ගමන් මාර්ගය වෙනස් කර එම ස්ථානය මගහැර ගොස් ඇතැයිද වාර්තා වේ.










