සිය සහෝදර සහෝදරියන් හය දෙනාගේ කුස පිරවීමට කොස් ගස් නැග කොස් කඩන නව හැවිරිදි සහෝදරයකු පිළිබද කහවත්ත ඇන්දගාන ප්‍රදේශයෙන් වාර්තා විය.
මෙම නව හැවිරිදි දරුවා කොස් කඩාගෙ පැමිණීමෙන් අනතුරුව මව විසින් එම කොස්, වේල් තුනටම සකස් කොට ලුණූ දමා කෑමට දෙන බව දැනගන්නට ඇත.
එම පවුලේ පියා හට ලේ පිළිකාව වැලදී ඇති අතර පවුලේ දරුවන්ගේ පාසල් ගමන පවා අතරමග නැවතී ඇති බව පැවසේ.










