අප්‍රේල් 21 සිදුවූ පාස්කු ප්‍රහාරය මුල්කරගෙන වෙබ් අඩවි 2ක් පළ කළ පුවත් කිහිපයක් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ ප්‍රශ්න කිරීම් ආරම්භ කොට ඇත.
මෙහිදී මිරිහාන පොලිසිය ඊයේ (26) පස්වරු 2.00 සිට රාත්‍රී 10.00 වනතුරු ‘ද ලීඩර්’ වෙබ් අඩවියේ යූ ටියුබ් ප්‍රවෘත්ති ඉදිරිපත් කරනු ලැබූ මාධ්‍යවේදියාගෙන් ප්‍රශ්න කර ඇති අතර අද (27) දිනයේ ‘නිව්ස් හබ්’ නැමැති වෙබ් අඩවි සංස්කාරකවරුන්‌ගෙන් ප්‍රශ්න කිරීමට රහස් පොලිසියට කැදවා ඇත.
ඉකුත් මැතිවරණ සමයේදී මෙම වෙබ් අඩවිවල සිදුකෙරුණු යූටියුබ් ප්‍රවෘත්ති විකාශයන්හිදී පාස්කු ප්‍රහාරයන්ට ගෝ්‍ඨාභය රාජපක්ෂ මහතාගේ සම්බන්ධයක් ඇති බවට සැකයක් පවතින බව සදහන් කරමින් ප්‍රවෘත්ති විකාශය කර තිබීම මෙම ප්‍රශ්න කිරීමට හේතු වී ඇති බව දැනගන්නට ඇති අතර ’සයිබර් අපරාධ විමර්ශන ඒකකය’ මෙම ප්‍රශ්න කිරීම් සිදු කර ඇති බවද දැනගන්නට තිබේ.










