අමාත්‍යවරුන් තෝරා ගැනීමේදී විවිධ දිස්ත්‍රික්කවලින් මතුව ඇති ඉල්ලීම් මුල් කරගෙන රාජ්‍ය අමාත්‍යවරුන්ට අමතරව නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනකු පත් කිරීමටද ආණ්ඩුව සැලසුම් කර ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව නියෝජ්‍ය අමාත්‍යවරුන් 15 දෙනකු පත්කිරීමට ආණ්ඩුව තින්දු කර තිබේ.
එම නියෝජ්‍ය අමාත්‍යවරුන් පත් කරනුයේ රාජ්‍ය අමාත්‍යවරුන් 20 දෙනාට අමතරවය.
හෙට (27) දිනයේදී මෙම අමාත්‍යවරුන් දිවුරුම් දීමට නියමිත බව පැවසේ.










