• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

මහනායක හාමුදුරුවෝ ඩඩ්ලිට දුන් දේ සජිත්ට දුන්නේ ඇයි? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

March 14, 2022
in Exclusive, Gurudawa
Reading Time: 5 mins read
A A
මහනායක හාමුදුරුවෝ ඩඩ්ලිට දුන් දේ සජිත්ට දුන්නේ ඇයි? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

සිංහල අවුරුදු සමයේ නොනගත කාලයේ එළිපහළියට ගොස් වැඩක් නොකිරීම සිංහල බෞද්ධයාගේ සම්ප්‍රදායය. මේ සම්ප්‍රදාය කඩමින් මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මහානායක හිමිවරු ඩඩ්ලිගේ මරණය සැලවී ඩඩ්ලිගේ දේහයට ගෞරව දක්වන්න වුඩ්ලන්ඩ්ස් වලව්වට ගියහ. එවන් ආදරයක් මහානාහිමිවරුන් තුළ ඩඩ්ලි කෙරෙහි තිබිණි. ඩඩ්ලි සහ මහානාහිමිවරුන්ගේ මේ සම්බන්ධය ඇමෙරිකාවේ විකිලීක්ස් කේබල් පණිවුඩයකින්ද හෙළිවිය.

‘ඩඩ්ලි සේනානායක භක්තිමත් බෞද්ධයෙකි. ඔහු ඇමෙරිකානු හිතවාදී නායකයකු වුවත් ලංකාවේ සාම්ප්‍රදායික බෞද්ධ ආයතන ව්‍යුහයේ මහානායක හිමිවරුන් සමග හොඳ සබඳතාවක් පවත්වාගෙන ගියේය. මහානායක හිමිවරු සමග ඔහුගේ තිබූ විශ්වසනීය සබඳතාව යූ.ඇන්.පී.යට විශාල ශක්තියක් විය. ඔහුගේ මරණය යූ.ඇන්.පී.යට අතිවිශාල පාඩුවක් වනු ඇත….’
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය, ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට යවපු කේබල් පණිවුඩය.
12.04.1973
විකිලීක්ස් කේබල් ලිපි ගොනුව

මේ, ඇමෙරිකාව ඩඩ්ලි සේනානායක මියගිය වෙලාවේ ඩඩ්ලි පිළිබඳ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට යවපු කේබල් පණිවුඩයය.

ඇමෙරිකාව ඩඩ්ලි කියවපු හැටි හරියටම හරිය. ඩඩ්ලි පමණක් නොව ඩී.ඇස්. සේනානායකත්, මහානායක හිමිවරුන් සමග තිබුණේ සමීප සම්බන්ධයකි. එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක සිංහල මහ සභාවේ නායකයා වුණාට මහානායක හිමිවරු ඔහුට කැමැති වූයේ නැත. හේතුව බණ්ඩාරනායක වටා හිටියේ මහානායක හිමිවරුන්ට අභියෝග කළ දේශපාලනය ආගම කරගත්, කැලණි පන්සල කේන්ද්‍ර කරගත් භික්ෂුන් පිරිසකි.

1956 සර් ජෝන් කොතලාවල පරාජය කරන්න මේ භික්ෂුන් පළමුව ගියේ ඩඩ්ලි සොයාගෙනය. ඒත් ඩඩ්ලි ඔවුන් ආගම දඩමීමා කරගෙන ගෙනයන දේශපාලන ව්‍යාපාරයට කැමැති නොවීය. ඔවුන් බණ්ඩාරනායකව තමන්ගේ නායකයා කරගත්තේ ඉන් පසුවය.

ඩී.ඇස්. හෝ ඩඩ්ලි මහානායක හිමිවරු දේශපාලනයට සම්බන්ධ කරගත්තේ නැත. ශ්‍රීමහා බෝධිය, රුවන්වැලිසෑය, දළදා මාලිගාව වැනි පෞරාණික බෞද්ධ සිද්ධස්ථාන සුරක්ෂිත කිරීමට, ඒවා නඩත්තු කිරීමට ලොව පුරා බෞද්ධාගම ප්‍රචාරයට විදේශ රටවල පන්සල් ඉදිකිරීමට සේනානායකවරු ඉමහත් භක්තියෙන් දායක වූහ.

1956 අගමැති වූ බණ්ඩාරනායකටත්, ඔහුගෙන් පසු බලයට ආ බණ්ඩාරනායක මැතිනියටත් මහානායක හිමිවරු සියල්ලන්ගේ විශ්වාසය දිනාගැනීමට ලෙහෙසි නොවීය.
ඇය බෞද්ධ කුල කාන්තාවක් වුවත් බෞද්ධ විරෝධී, ආගම් විරෝධී වාමාංශික පක්ෂ සමග සන්ධානගත වීම මහානායක හිමිවරුන් ඉවසුවේ නැත. ඇය මහානායක හිමිවරු සමග හැප්පුණු ආකාරය කොයි තරම්ද යත් වරක් මල්වතු මහා විහාරයේ ඉඩම් පවරා ගනු ලැබුවාය. ඇය විශාල තාප්පයක්ද එහි ඉදිකළාය. ඇය මහ ඡන්දයෙන් පරාජය වූ පසු බෞද්ධයන් ගොස් ඝෝෂා කොට තාප්පය කඩාදමනු ලැබීය. ජේ.ආර්.ගේ ආණ්ඩුව ඇයගේ ප්‍රජා අයිතිය අහෝසි කළ විට මහානායක හිමිවරු ඇය වෙනුවෙන් පෙනී සිටියේ මහානායක හිමිවරු ජේ.ආර්.ට එතරම් ප්‍රිය නොකළ නිසාය.

ඩඩ්ලිගෙන් පසු යූ.ඇන්.පී. නායකත්වයට පත් ජේ.ආර්.වද මහානායක හිමිවරු ප්‍රිය කළ චරිතයක් නොවේ. ඔහු නිතරම මහානායක හිමිවරුන් සමග ගැටුම් හදා ගත්තේය. ඒත් ජේ.ආර්.ගෙන් පසු ජනාධිපති ධුරයට පත් ප්‍රේමදාස මහානායක හිමිවරුන් සමග සේනානායකවරුන් මෙන් අතිශය සමීප සබඳතාවක් පවත්වාගෙන ගියේය. මහානායක හිමිවරුන්ගේ උපදෙස් මත මිරිදිය මාළු ව්‍යාපාරය අත්හිටුවන්න ගොස් ප්‍රේමදාසට දැඩි විරෝධයක් එල්ල විය. ප්‍රේමදාස සේනානායකවරුන් තරමටම මහානායක හිමිවරුන්ගේ විශ්වාසය දිනා සිටියේය. දළදාවේ රන් වියන හැදුවේ ප්‍රේමදාසය.

කන්ද උඩරටින් ආ ඩී.බී. විජේතුංගත් ඒ විශ්වාසය ආරක්ෂා කරගත්තේය. 1994 චන්ද්‍රිකාට රටේ රැල්ලක් තිබියදීත් මහානායක හිමිවමරුන් චන්ද්‍රිකාගේ රාජ්‍ය නොවන සබඳතා විවේචනය කරමින් විජේතුංගට පක්ෂව නිවේදනයක් නිකුත් කළේ මහ ඡන්දයේ ප්‍රචාරක කටයුතු අවසන් වන දින රාත්‍රියේය. චන්ද්‍රිකාට රැල්ලක් තිබිලත් ඇයට දිනාගත හැකි වූයේ ආසන 106කි. වසර 17ක් රට ආණ්ඩු කර අප්‍රසාදයට පත්වී සිටි යූ.ඇන්.පී.ය ආසන 94ක් දිනාගත්තේය. චන්ද්‍රිකාට ආසන අඩුවීමට ඇයට එරෙහි බෞද්ධ විරෝධයද බලපෑවේය. ජනාධිපති වූ පසුත් ඇයට මහානායක හිමිවරු සමග යහපත් සබඳතාවක් පවත්වාගත නොහැකි විය. එයට හේතුව ඇය උතුරු-නැගෙනහිරට ඉදිරිපත් කළ විසඳුම් පැකේජයය. ඇයගේ අගසව් වූ මංගලත්, මහා සංඝරත්නයට දැඩි සේ පහර දුන්නේය. එවක චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙන් කොන්වී සිටි මහින්ද රාජපක්ෂව ශ්‍රී.ල.නි.ප.ය තුළින් ඉස්සරහට ගත යුතු යැයි මහානායක හිමිවරු හිතුවේ මහින්ද, පැකේජයට එරෙහිවත්, භික්ෂුන්ට පහර ගසන මංගලගේ මාධ්‍ය මෙහෙයුමට එරෙහිවත් එළිපිට කතා කළ නිසාය.

මේ වන විට යූ.ඇන්.පී. නායකත්වයට පත්ව සිටියේ රනිල්ය. මහානායක හිමිවරු සමග සබඳතා ශක්තිමත් කරන යූ.ඇන්.පී.යේ මහා සම්ප්‍රදාය රනිල් මායිම් කළේ නැත. ඔහු මහානායක හිමිවරුන්ට යූ.ඇන්.පී.ය තුළ ඇති බලපෑම් ඉවත් කළේය. යූ.ඇන්.පී. භික්ෂු පෙරමුණ විසුරුවා හැරියේය. සිරිකොතේ බුද්ධ ප්‍රතිමාව ඉවත් කොට සිරිකොත රැස්වීම්වලට පෙර පන්සිල් සමාදන් වීම තහනම් කළේය. මේ නිසාම මහානායක හිමිවරු පමණක් නොව, යූ.ඇන්.පී. හිතවාදී භික්ෂුන්ද යූ.ඇන්.පී.යෙන් ඈත් විය. චන්ද්‍රිකාට එරෙහිව ඔවුන් එක් වූයේ මහින්ද වටාය. මල්වතු සහ අස්ගිරි මහානායක හිමිවරු මහින්දට ‘ශ්‍රී රෝහණ ජනරංජන’ නාමය පිරිනමන්න තීරණය කළේ ඒ මොහොතේ බෞද්ධාගමේ උන්නතියට බෞද්ධ නායකයකු අවශ්‍ය බව පෙන්වමින්ය. මහින්ද ජාතික නායකත්වයට ඔසවනු ලැබුවේ ‘ශ්‍රී රෝහණ ජනරංජන’ යන නාමයය.

මෙලෙසම මල්වතු සහ අස්ගිරි මහානායක හිමිවරු බෞද්ධාගමේ උන්නතියට තවත් නායකයකු ජාතික නායකත්වයට ඔසවා තැබුවේය. ඒ, සජිත් ප්‍රේමදාසය. 2010 මහ ඡන්දයෙන් පසු සජිත් රට පුරා දුප්පත් පන්සල් නඟාසිටුවීමට ‘සසුනට අරුණ’ නමින් වැඩසටහනක් දියත් කළේය. ඔහු ගම් නියම්ගම්වලට ගොස් ඒ හරහා පන්සල්වලට උදව් කළේය. මේ සියල්ල හොඳින් සලකා බලා මහානායක හිමිවරු සහ බෞද්ධාගම කොන් කළ යූ.ඇන්.පී. නායකත්වයට විකල්ප නායකයකු හදන්න සජිත්ට ‘ශාසන දීපන අභිමානී ශ්‍රී ලංකා ජනරංජන’ යන ගෞරව නාමය පුදන්න මල්වතු සහ අස්ගිරි මහා නාහිමිවරු තීරණය කළහ. ඒ, 2019 ජනාධිපතිවරණයට රට සූදානම් වෙද්දීය. ඒ, පාස්කු ප්‍රහාරයට කලින්ය. පාස්කු බෝම්බයත් සමග මහානායක හිමිවරුන්ගේ උත්සාහය වතුරේ ගියේය.

අනෙක මහානායක හිමිවරු මහින්දට පිරිනැමුවේ ‘ශ්‍රී රෝහණ’ යන නාමයය. එය දකුණට පමණි. සජිත්ට පිරිනැමුවේ ‘ශ්‍රී ලංකා ජනරංජන’ යන නාමයය. සාමාන්‍යයෙන් මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයෙන් එවැනි ගෞරව නාමයක් පිදූ විට වෙනත් නිකායකින් එවැනි ගෞරව නාමයක් පිදීම අහඹු සිද්ධියකි. අනෙක තුනෙන් දෙකක බලයකින් යුත් අතිබලසම්පන්න ආණ්ඩුවක් බලයේ සිටින විට විපක්ෂ නායකවරයකුට එවැනි ගෞරව නාමයක් පිදීම අසාමාන්‍ය සිද්ධියකි. අනෙක මෙම ගෞරව නාමය පුදන්නේ රාමඤ්ඤ නිකායය.

රාමඤ්ඤ නිකාය ප්‍රකට උගතුන්ගේ සහ බුද්ධිමතුන්ගේ නිකායක් ලෙසය. අනෙක රාමඤ්ඤ නිකාය සමග ජේ.ආර්., ප්‍රේමදාස ආණ්ඩු කාලයේ සමීප සබඳතා පැවැත්වූයේ ප්‍රේමදාසට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආ ලලිත් ඇතුලත්මුදලිය. ලලිත් රාමඤ්ඤ නිකායේ විශ්වාසය දිනාගත් අයෙකි.

රාමඤ්ඤ නිකාය මීට පෙර මෙවැනි ගෞරව නාමයක් දී ඇත්තේ ඩඩ්ලි සේනානායකටය. ඩඩ්ලිගෙන් පසු ‘ශාසන කීර්ති දේශාභිමානී ශ්‍රී ලංකා ජනරංජන’ ගෞරව නාමය ලබන්නේ සජිත් ප්‍රේමදාසය.

‘සජිත් ඩඩ්ලිගේ අඩිපාරේ යයි කියා මහානාහිමිවරු හිතනවද…?’

ඒක නම් කියන්න දන්නේ නැත.

හැබැයි මුළු රටම බඩගින්දරෙන් ගිනිගන්නා වෙලාවක සජිත්ට රටේ විපක්ෂ නායක ලෙස රාමඤ්ඤ නිකාය ‘ශ්‍රී ලංකා ජනරංජන’ ගෞරව නාමය පිදීම හරහා ජනතාවට දෙන පණිවුඩය සුළුපටු නොවේ.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

මූල්‍ය අරමුදලේ නිලධාරීන්ගේ ලංකා ගමන ගැන කබ්රාල්ගෙන් හදිසි ට්විටර් පණිවුඩයක්! මුදල් අමාත්‍යංශයයි මහබැංකුවයි අතර ගැටුම යළි කරළියට!

Next Post

අඟහරුවාදා කොළඹට ලක්ෂයක්! එන්නේ මොකාටද? යන්නේ කොහේටද? ආණ්ඩුවෙන් තහනම් කරයිද? උසාවි නියෝගයක් ගනීද?

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.