මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතුහැර සිට කොටස ඉදිකිරීම සදහා එම්.සී.සී. සමාගමට ලබා දී ඇති බවත්, ඒ හරහා අතයට මුදල් ගත් පිරිස් පිළිබද තොරතුරු දන්නා බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍ර්‍රී මුජිබර් රහුමාන් මහතා කියා සිටියේය.
ඊට පිළිතුරු දුන් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ අදාළ ටෙන්ඩරය තවමත් ලබා දී නොමැති බවත්, කවුරුන් හෝ මුදල් ගත් බවට සාක්ෂි ඇත්නම් අල්ලස් කොමිසමට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙසත්ය.









