ලබන 15 වැනිදා දැවැන්ත ජනකායක් සමග කොළඹට සමගි ජන බලවේගය පැමිණෙන බව එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ අගමැතිවරයා අභියෝග කළ ආකාරයට මුහුණට මුහුණ හැප්පෙන්නට තම පක්ෂය සූදානම් බවකි.
අවශ්‍ය නම් නෙළුුු මාවතේ පක්ෂ කාර්යාලයට පවා පැමිණීමට හැකි බවද එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේය.









