• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාඩම් කළේ පාන්දර දෙකට තුනට ඔන්ලයින් ක්ලාස්වලට ගිහින්! වාහනේ එනකොටත් පාඩම් වැඩ! හැංගි හැංගි සජිත් කරන මොකද්ද මේ විභාගය!

March 10, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
පාඩම් කළේ පාන්දර දෙකට තුනට ඔන්ලයින් ක්ලාස්වලට ගිහින්! වාහනේ එනකොටත් පාඩම් වැඩ! හැංගි හැංගි සජිත් කරන මොකද්ද මේ විභාගය!
Share on WhatsAppShare on Facebook

ලංකාවෙ ඉන්න හුඟක් පාර්ලිමේන්තු මන්ත්‍රීලා නූගත් අය. සමහර අය ඕලෙවල්වත් සමත් වෙලා නෑ. සමහර එවුන් පාර්ලිමේන්තුවෙ හැසිරෙන විදිය දැක්කම හිතෙනවා ඇත්තටම ඕලෙවල් නෙවෙයි ඉස්කෝලෙවත් ගිහිල්ලා තියෙනවද කියලා. මේ ගැන විවිධ තැන්වල සාකච්ඡා වෙනවා. මේ උගත්කම සහ නූගත්කම ගැන. ඇත්තටම මනුස්සයෙක් උගත් වෙන්න ඕනෙද, බුද්ධිමත් වෙන්න ඕනෙද, ඉගෙනගෙන තියෙන්න ඕනෙද, විභාග පාස්කරලා තියෙන්න ඕනෙද කියන එක ගැන මේ වෙලාවෙ සාකච්ඡා කළ යුතුද කියන එක අපි දන්නෙ නෑ. හැබැයි ලංකාවෙ මේ ගැන සාකච්ඡාවක් තියෙනවා. ඒ සාකච්ඡාවෙදි විවිධ තර්ක විතර්ක ඉදිරිපත් වෙනවා.

මේ පහුගිය කාලෙ සිදුවෙච්ච සමහර පත්වීම් දැක්කම නම් අපට හිතුණා මනුස්සයෙක් අධ්‍යාපනික වශයෙන් උගත් වෙනවට වඩා වැදගත් වෙන්නේ මහ පොළොවේ දේශපාලනය පිළිබඳ අවබෝධයක් තියෙන එක කියලා. ඒකට අපි කියනවා භූ දේශපාලනික අවබෝධය කියලා. මේ භූ දේශපාලනික අවබෝධය නැති මිනිස්සු තමන්ගෙ අධ්‍යාපනික සුදුසුකම් පාවිච්චි කරලා මේ දේශපාලන ක්‍රියාවලියට පිවිසුණාට පස්සේ ඔවුන්ට නිවැරැදිව මේකෙ හැඩය තේරුම් ගන්න බැරි වෙනවා. එහෙම නිවැරැදිව තේරුම් නොගත් දේශපාලකයො නිසා අද විශාල අර්බුද ඇතිවෙලා තියෙන බව සමහර දේශපාලනික කණ්ඩායම් විසින් ඉදිරිපත් කරන කාරණාවලදී අපට පෙනීයන දෙයක්.

ඇත්තටම අධ්‍යාපනය කියලා කියන්නේ බොහොම වැදගත් දෙයක්. අත්‍යාවශ්‍ය දෙයක්. අපේ රටේ දේශපාලකයො තමන්ගෙ අධ්‍යාපන සුදුසුකම් සකස් කරගන්නේ තමන් විසින් ගහන ජඩ දේශපාලන ගේම් එකෙන්. සමහර වෙලාවට සීතල කාමරවලට වෙලා තනියම හුදෙකලාව විභාග ලියලා පාස් වෙච්ච අය ගැන අපි අහලා තියෙනවා. සමහර අයගෙ විභාගෙ ලියලා තියෙන්නේ වෙන කෙනෙක්. එතකොට එයාගෙ විභාගෙ රටේ අභාග්‍යය බවට පත්වෙලා. මෙහෙම වටින් ගොඩින්, කනින් කොනින් ඇහෙන කතන්දර අස්සේ ඔන්න පහුගිය දවසක ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විපක්ෂ නායකතුමාත් විභාගයකට ලියලා.

මොකක්ද මේ විභාගෙ? කොහොමද මේ විභාගෙ තිබ්බේ. කොහොමද මේ විභාගෙ පාස් වුණේ? අපි ඒ ගැන හොයන්න තීරණය කළා. මොකද සාමාන්‍යයෙන් අපිට පුරුදු ලංකාවෙ දේශපාලකයො විභාගයක් කියලා වංචාවක් කරලා තමන්ට අවශ්‍ය කරන ගේම් එක ගහගන්න විදිය ගැන අහලා. ඒ නිසා මේකත් ඇත්තටම එහෙමද වුණේ? බොහෝ විට දේශපාලකයන්ට නාමමාත්‍ර උපාධි තමයි තියෙන්නේ. ඒකට හේතුව ඒ උපාධියෙ කිසිම අධ්‍යාපනික කාර්යයක නියැළිලා නෑ.

ඒ වගේම මතක තියාගන්න ඕනෙ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙ ඉන්නවා ඉතා ඉහළ උගත්කම් සහිත අය. ඉතා ඉහළ අධ්‍යාපනික සුදුසුකම් සහිත අය. සාමාන්‍ය පාසල්වලට ගිහිල්ලා, සාමාන්‍ය විශ්වවිද්‍යාලවලට ගිහිල්ලා, ලංකාවෙ විශ්වවිද්‍යාලවලින් උපාධි අරගෙන සියලු අධ්‍යාපන සුදුසුකම් සම්පූර්ණ කරලා ඔවුන් රටට විශාල සේවයක් කරලා පාර්ලිමේන්තුවට ආපු අය. ඒ නිසා මේ ලිපියෙ කොහෙදි හරි තැනකදි පොදුවේ ලංකාවේ දේශපාලකයා ඉලක්ක වෙලා තියෙනවා නම්, පොදුවෙ ලංකාවෙ දේශපාලකාව නූගතෙක් බවට සලකලා තියෙනවා නම් ඒක බරපතළ වරදක්. ඒ නිසා විපක්ෂ නායකතුමාගෙ උපාධිය ගැන කියන්න කලින් මේ සියලු දෙනා ගැන කියල ඉන්න තීරණය කළේ ලංකාවෙ දේශපාලනයෙ හැඩය ගැන ඔබ දැනුම්වත් වියයුතු නිසා.

ඇත්තටම මේ සජිත් ප්‍රේමදාස මහත්තයා උපාධිය පාස් කළේ කොහොමද? ඒක අපි හෙව්වාම අපට දැනගන්න ලැබුණේ සාමාන්‍යයෙන් ලංකාවෙ දේශපාලකයො තමන්ගෙ උපාධි කරන ක්‍රමවේදයට නෙවෙයි, සජිත් ප්‍රේමදාස මහත්තයා එයාගෙ උපාධිය පාස් කළේ කියලා. ඒ මොකක්ද ඒ ක්‍රමවේදය? ඒ කිව්වේ අර කලින් ක්‍රමය. කාට හරි කීයක් හරි දීලා මොකක් හරි ගේමක් ගහලා, කාව හරි බයකරලා පාස් කිරීමේ ක්‍රමවේදය නෙවෙයි, සජිත් ප්‍රේමදාස මහත්තයා පාවිච්චි කරලා තියෙන්නේ. ඔහු පාවිච්චි කරලා තිබුණේ නිවැරැදි අධ්‍යාපනික ක්‍රමවේදයක්. නිවැරැදිව විභාගය ලියන ක්‍රමවේදයක්. නිවැරැදිව ප්‍රතිඵල නිකුත් වෙන ක්‍රමවේදයක්. ඒක නිසා අපි එතුමාට හිස නමා ආචාර කරනවා මේ මොහොතේ.

රටේ උගතුන්ට රටේ අධ්‍යාපනයට වංචාවක් නොකිරීම ගැන.
විපක්ෂ නායකතුමා මේ විදියට පෙනී ඉඳලා තියෙන්නේ පරිසර විද්‍යාව පිළිබඳ MSC විභාගයට. ඒ කියන්නේ පශ්චාත් උපාධියට. මේ විෂය සම්බන්ධවම BSC විභාගය එතුමා කලින් සමත්වෙලා තියෙන්නෙ. විභාගෙ තිබුණෙ නාවල විවෘත විශ්වවිද්‍යාලයෙදි. සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමග එක්ව පොදුවේ මේ විභාගයට පෙනී හිටපු සජිත් ප්‍රේමදාස මහත්තයගෙ පින්තූර පවා සමහර තැන්වල අපට දකින්න ලැබුණා. සාමාන්‍යයෙන් කොහෙ හරි කාමරයක වෙන්වෙලා විභාගෙ ලියනවා වෙනුවට සජිත් ප්‍රේමදාස මහත්තයා සාමාන්‍ය ශිෂ්‍යයන් සමග සාමාන්‍ය විදියට විභාග ශාලාවෙ අසුන් අරගෙන විභාගෙ ලියලා තිබුණා.

මේ ගැන හොයා බලද්දී අපට දැනගන්න ලැබුණේ බොහෝ රාත්‍රීන්වල එතුමා මේ විභාගයට පාඩම් කළා කියලා. පාන්දර දෙක, තුන, හතර වෙනකල් විභාග වැඩවල, පාඩම් කටයුතුවල යෙදුණා වගේම ඔන්ලයින් පන්තිවලටත් සහභාගි වෙලා තියෙනවා. ඒ වගේම කොහේ හරි ගමනක් ගිහින් එනකොට වාහනේ එන ගමන් මේ විභාගයට අදාළ සටහන් පාඩම් කරමින් ආපු බවත්, විභාගයට කලින් දවසෙ හම්බන්තොට ගිහිල්ලා එද්දිත් මේ විදියට පාඩම් කර කර ආවා කියලත් අපට විශ්වාස කටයුතු ආරංචිවලින් දැනගන්න ලැබුණා.

මේකෙ වැදගත්කම මේකයි. මේ වයසෙදි ඇයි සජිත් ප්‍රේමදාස මහත්තයා මේහෙම විභාගවලට ලියන්නේ? විභාගෙ අවසන් වෙච්ච වෙලාවෙ එතැන හිටපු ළමයිනුත් සජිත් ප්‍රේමදාසගෙන් මේ ප්‍රශ්නෙම අහල තිබුණා. ඇත්තටම ඇයි මේක ලියන්නේ? රස්සාවක් ගන්නද? සාමාන්‍යයෙන් අපි විභාග කරන්නේ රස්සාවක් ගන්න. රැකියා සුදුසුකම් වැඩි කරගන්න. පඩිනඩි ටිකක් වැඩි කරගන්න. එහෙම ප්‍රශ්නයක් නැතුවත් සජිත් ප්‍රේමදාස මේ විදියෙ විභාගයකට ලියපු එක බොහොම ලොකු ආදර්ශයක්. මොකද අධ්‍යාපනය තරම් වැදගත් දෙයක් මේ ලෝකෙ නෑ කියලා අපි සාමාන්‍යයෙන් දන්නවනෙ. කොහොමත් සජිත් ප්‍රේමදාස කියලා කියන්නේ මල්ටි ටැලන්ටඩ් මනුස්සයෙක්. හුඟක් දේවල් පුළුවන්. ක්‍රිකට් ගහන්න පුළුවන්.

සංගීත භාණ්ඩ වාදනය කරන්න පුළුවන්. ඒ වගේම ඔහු ඉතා දක්ෂ කැමරා ශිල්පියෙක්. පරිසර ඡායාරූපකරණයට ඔහු බොහොම හපනෙක්. ඒ විතරක් නෙවෙයි ලංකාවෙ ඉන්න හැම අලියෙක්ම වෙන වෙනම නමින් හඳුනා ගන්නත් සජිත් ප්‍රේමදාස මහත්තයට පුළුවන්. එහෙම කෙනෙක් මෙහෙම විභාගයකට ලියපු එක ගැන ඇත්තටම සතුටක් දැනෙන්නේ. දේශපාලනයට කඩේ යනවා නෙවෙයි. කවුරු මේ විදියෙ දෙයක් කළත් අපි ඔහුට ගෞරව කරනවා. ඒකට හේතුව මේක ලේසි වැඩක් නොවන හින්දා.

දේශපාලනය කරන ගමන් රැස්වීම්වලට යන එන ගමන්, දේශපාලනයේ තීරණාත්මක කාලෙක සියල්ල පැත්තකට දාලා, පාන්දර වෙනකල් ඇහැරලා, ඔන්ලයින් පන්තිවලට සහභාගි වෙලා විභාගය ලියපු මේ මනුස්සයට හොඳ ප්‍රතිඵලයක් ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ මොහොතේ මොනව හරි ප්‍රශ්නයක් හින්දා තමන්ගෙ අධ්‍යාපන කටයුතු අඩාළ කරගත්ත කෙනෙක් ඉන්නවා නම් ඒ අයටත් කියන්න තියෙන්නේ මේක හොඳ පාඩමක් කියලා. විභාග ප්‍රතිඵලය කොහොම වේවිද දන්නෙ නෑ නේද කියලා විපක්ෂ නායකතුමාගෙන් එතැන හිටපු ළමයි ඇහුවා කියලා අපට ආරංචියි. එහෙම අහපු වෙලාවෙ උත්තර දීලා තිබුණේ ‘ප්‍රතිඵල බලන එක මගේ වැඩක් නෙවෙයි, ප්‍රතිඵලය මොකක්ද කියලා අපි බලමු. කොහොම වුණත් මම විභාගය හොඳට ලිව්වා’ කියලා.

–ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

දැක්කාම දුකත් හිතෙනවා! අනේ අපේ කොල්ලො! මේක බැලුවාම අපේ එවුන් රටට කරලා තියෙන දේ ගැන දුක හිතෙනවා! (VIDEO)

Next Post

හැම තිස්සෙම පැන පැන දෙන්න යන්න එපා! ටිකක් පරිණත විදිහට හැසිරෙන්න පුරුදු වෙන්න! හර්ෂණ නාමල්ගේ මූණටම කියයි! (VIDEO)

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Load More
හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

ප්‍රියන්ත අයියා වැඩේදි සැරයි… කෝ ටීචර්ගේ බබා? ඇයි ටීචර්ගේ බබා එක්කගෙන ආවේ නැත්තෙ… පොඩ්ඩොන්ගෙන් ප්‍රශ්න ගොඩයි… පාසල් කාමරයේ හුණු දූවිලි...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.