අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරන සියලුම නිලධාරීන්ට අද (25) සිට නිසි අවසරයකින් තොරව විදේශගතවීම තහනම් කිරීමට එම දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
ඒ් බව දැනුම් දෙමින් කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය වෙත රහස් පොලිසිය විසින් සියලුම නිලධාරීන්‌ගෙන් සමන්විත නම් ලැයිස්තුවක් යොමු කර තිබේ.
එහි නිලධාරීන් 734කගේ නම් අඩංගු වී ඇති අතර යම් හෙයකින් ඔවුන් විදෙස්ගත වන්නේ නම් ආරක්ෂක ලේකම්වරයාගේ අනුමැතිය සහිතව විය යුතු බවද සදහන් කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතා සිය පවුල ද සමග ඊයේ (24) දහවල් ස්විට්සර්ලන්තය වෙත යෑමෙන් පසු මෙම නියෝගය පනවා ඇති බව වාර්තා වේ.










