• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රත්නපුරේ අන්තඃපුර මාලිගාවේ අබිරහස…

March 5, 2022
in Exclusive, Mahawanshaya
Reading Time: 3 mins read
A A
රත්නපුරේ අන්තඃපුර මාලිගාවේ අබිරහස…
Share on WhatsAppShare on Facebook

අන්තඃපුර යන වචනය ඇසෙත්ම කෙනකුගේ මනස තුළ ඇඳෙන චිත්‍රයක් වෙයි. ඒ, රූමත් බවෙන් අගතැන්පත් ස්ත්‍රීන් රාශියකගේ එකතුවකි. අතීතයේ දේශ දේශාන්තර පාලනය කළ රජවරුන් හා බැඳුණු වචනයක් ලෙසද අන්තඃපුර යන වචනය ඉස්මතු වෙයි. ඊට හේතුව නම් අන්තඃපුරයක් පවත්වාගෙන යෑමේ පූර්ණ බලය සහ අයිතිය තිබූ තැනැත්තා රාජකීය බලයක් සහිත අයකු විය යුතුම නිසාය. එහෙයින් අතීතයේ විසූ රජවරුන් විශාල ප්‍රමාණයක් ස්ත්‍රීන් විවිධ ප්‍රමාණයන්ගෙන් සමන්විත අන්තඃපුර පවත්වාගෙන ගොස් ඇති අයුරු ජනප්‍රවාදයන්හි සහ ඉතිහාස පොතපතෙහි මනාව සඳහන් වෙයි. එහිදී ඇතැම් රජවරුන් සතුව ස්ත්‍රීන් හාර පන්දහසේ අන්තඃපුරද තිබූ බවටත් තොරතුරු හෙළිවෙයි.

අන්තඃපුර කියූ සැණින් රජකුගේ ලිංගිකමය කාරණා පමණක් ඉස්මතු කෙරෙමින් සමාජය තුළ මතයක් ගොඩනැගී ඇතත් ඉන් ඔබ්බට ගිය කාරණා රාශියක් අන්තඃපුර ස්ත්‍රීන් හා බැඳී පවතින බව ඉතා සුපරීක්ෂාකාරීව අතීතය ගැන සොයා බැලීමේදී හෙළි කරගත හැකිවේ.

රජ කෙනකු ප්‍රදේශයකට පළාතකට හෝ රටක සියලු වගකීම් දරමින් එය ඉදිරියට පවත්වාගෙන යන්නා සේම එහි ආරක්ෂාව මෙන්ම ජනතාවගේ අවශ්‍යතාවන් සපුරාලන්නාද වෙයි. එහෙයින් අසීමිතව සැප සම්පත් විඳීමේ අයිතිය රජකෙනකුට හිමිවන්නේය. එකී අසීමිත සැපයට අවශ්‍ය සියලු පහසුකම් සපයා ගැනීමට රජකුට අයිතිය තිබේ. ඊට විරුද්ධ වීම් අයිතියක් කිසිවකුට හිමි නොවේ. මේ හේතු නිසාම රජුට අග බිසවට අමතරව අන්තඃපුරයක් පවත්වාගෙන යෑමට පූර්ණ බලයක් හිමිවෙයි. ඊට අවශ්‍ය තරම් සුන්දර ස්ත්‍රීන් තබාගැනීමේ බලය ඇත්තේද රජු සතුවය. ඒ නිසා තම අන්තඃපුරයේ සිටිය යුත්තේ ස්ත්‍රී මෙපමණැයි කියා තීරණය නොකර, ඒ ඒ අවස්ථාවන්හි තම සිත්ගන්නා ස්ත්‍රීන් අන්තඃපුරයට ගෙන්වා ගැනීමේ සිරිත් බොහෝ රජවරුන් සතුව තිබූ බවද හෙළිවෙයි.

එලෙස අන්තඃපුරයේ සිටින ස්ත්‍රීන් සියලු දෙනාම රජුගේ කායික ආශාවන් සංතර්පනයට පමණක් සිටියාය යන වැරැදි මතය සමාජගතවී ඇතත් ඉන් එහාට ගිය විවිධ කාරණා රැසක් මෙම ස්ත්‍රීන්ට පැවරී තිබූ බව හඳුනාගත හැකිය. ඒ අනුව රජය විවිධ ගමන් බිමන්වලදී රජුට අවශ්‍ය උවටැන්, ඇප උපස්ථාන කිරීම, රජු ස්නානය කරන විට, උයන් කෙළියේ යෙදෙන විට අවශ්‍ය සේවා සැපයීට සිරියහන් ගබඩාවේ සිටින විට ඒ හා බැඳුණු කාරණා සඳහා සහාය වීමට, රජුගේ අසනීප ආදියේදී ප්‍රතිකාර කටයුතු ඇප උපස්ථාන ආදිය කිරීම මෙන්ම නිතරම රජුගේ සිත නිදහසේ සහ සතුටින් තැබීම වෙනුවෙන් අන්තඃපුර ස්ත්‍රීන් සිදුකළ කැපකිරීම් අතිවිශාලය.

මෙහිදී වඩාත් සැලකිල්ලට ගතයුත්තේ අන්තඃපුරයක සිටින ස්ත්‍රීන් බහුතරයක් රජු වෙනුවෙන් කැපවුවද ඔවුන්ගේ කායික සහ මානසික අවශ්‍යතා නිසි පරිදි ඉටු නොවීමේ පීඩාකාරී තත්ත්වයන්ගෙන් කල් ගෙවූ බොහොමයක් අන්තඃපුර ස්ත්‍රීන් ඉතිහාසය දෙස විමසිලිමත් වීමේදී හඳුනාගත හැකි වේ. එහෙයින් අන්තඃපුරයක් යනු කෙනකුට පීඩාවට හේතු වූ කාරණාවක්ද වෙයි.
නමුදු ඉතිහාසයේ අන්තඃපුර ස්ත්‍රීන් වෙනුවෙන් කළ ඉදිකිරීම් හෝ ඒ හා සම්බන්ධ දේ හමුවන්නේ කලාතුරකිනි. එනිසාම අතීතයේ අන්තඃපුර ස්ත්‍රීන්ගේ සැපපහසුව උදෙසා ඉදිකරවූ සුවිශේෂ මාලිගාවක් අදද දක්නට ඇතැයි පැවසුවහොත් ඔබ මුදුමයට පත්වනු ඇත. යම් තරමකට දළදා මාලිගාවේ පත්තිරිප්පුවේ පෙනුමටද සමාන ගෘහ නිර්මාණ ලක්ෂණ පෙන්නුම් කරමින් ඉදිකෙරෙනු මාලිගය පිහිටා ඇත්තේ රත්නපුර ප්‍රදේශයේය.

මෙම මාලිගය හා සම්බන්ධ කතා පුවත් රාශියකි. ඒ අතරින් මෙහි ඉදිකිරීම් මෙන්ම මෙය භාවිත කළ පුද්ගලයාද විශේෂ වෙයි. ඔහු වෙනකකු නොව, ඇහැලේපොළ අදිකාරම්ය. රජකු නොවුණද සබරගමුවේ නිල නොලත් රජකු සේ ක්‍රියා කිරීමේ බලයක් ඇහැලේපොළ අදිකාරම් ගොඩනගාගෙන සිටි බව ඉතිහාස පුවත් ඔස්සේ හඳුනාගත හැකිය.

ලක්දිව අවසන් රජු ලෙස සැලකෙන ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ කාලයේ උඩරට රජුට හිතෛෂීවන්තව කටයුතු කළ ඇහැලේපොළ අදිකාරම් පසු කලෙක රත්නපුරට එන්නේ එවක සබරගමු ජනතාව රජුට ගෙවිය යුතු බදු මුදල් නොගෙවා පැහැර හැරීම මහා පරිමාණයෙන් සිදුකළ බැවින් එම කටයුතු සොයාබලා විසඳුම් සැකසීමටය. එහෙත් රත්නපුරයට පැමිණි ඇහැලේපොළට තම පවුල පිළිබඳවත්, උඩරට රජුගේ රාජ නියමයන් ගැනත් තිබූ හැඟීම වෙනස් වී ප්‍රාදේශීය පාලකයකු සේ ක්‍රියා කිරීමේ හැඟීම පහළ වූ බව පැවසෙයි. ඒ අනුව උඩරට රජුට විරුද්ධව ක්‍රියා කළේ යැයි යන මතය රජුට සැලවීමෙන් ඇහැලේපොළට සිය දරුවන්ද අහිමි විය.

රත්නපුරයට පැමිණි මුල් කාලයේ රත්නපුර බටුගෙදර පිහිටි වලව්වක නතරවී රාජකාරි කරමින් සිටි ඇහැලේපොළට තම තත්ත්වයට ගැළපෙන සුපිරි වලවව්වක සිහිනයක් පහළ වීමෙන් හෙතෙම රත්නපුර හොඳම ස්ථානයක් තෝරාගෙන ඉතා අලංකාර සුපිරි වලව්වක් ඉදිකරගෙන ඇත. වර්තමානයේ එය රත්නපුර ජාතික කෞතුකාගාරය ලෙස දැකගත හැකි අතර එම වලව්වේ රජකු ලෙසින් වැජඹෙමින් සබරගමුවේ පාලනය වක්‍රාකාරව තම බලයට නතු කරගෙන කටයුතු කිරීමට ඇහැලේපොළ අදිකාරම් උත්සාහ ගත බව පැවසේ. මෙකල උඩරට සිය පවුල අමතක කළ ඇහැලේපොළ අන්‍ය ස්ත්‍රීන්ගේ ඇසුරට තදින් ප්‍රිය කළ අයකු ලෙසද ප්‍රකට විය. එනිසාම ස්ත්‍රීන් විශාල ප්‍රමාණයක් සහිත අන්තඃපුරයක අවශ්‍යතාව ඇහැලේපොළගේ සිත තුළ ඇතිවීමත් සමග ඔහු සිය අලුත් වලව්වේ ආසන්නයේම තැනක සුවිශේෂ මාලිගයක් තනවා තමාගේ සිත් ගත් ස්ත්‍රීන් එහි නතර කරවාගත් බව පැවසේ.

වර්තමානයේ මෙම මාලිගය රත්නපුර ෆර්ගසන් විද්‍යාලයට පිටුපසින් පිහිටා ඇති අයුරු දැකබලා ගත හැකි වන අතර බැලූ බැල්මට ඉංග්‍රීසින් සතු ගෘහ නිර්මාණ සැලැස්මක ලක්ෂණ පෙන්නුම් කෙරුණද ඉතා අවධානයෙන් යුතුව පරීක්ෂා කළහොත් මෙරට උඩරට ගෘහ නිර්මාණ ශිල්පයේ සුවිශේෂ ලක්ෂණ රාශියක් මෙහි දැකගත හැකිය. මහල් දෙකකින් යුත් මෙම මාලිගයේ ඉහළ මහලේ බිම ඉරූ දැවයෙන් සොල්දරයක ස්වරූපයට ඉදිකර තිබේ. කාමර තුනක් සහ හාත්පස සිරි නරඹමින් පෙම්සුව විඳින්නට හැකි මනරම් වැරැන්ඩාවක්ද එහි තිබේ. පහළ මහලේ විශාල ශාලාවක් සහ කාමර කිහිපයකි. ප්‍රධාන ශාලාව රැස්වීම් කටයුතු ආදියට භාවිත කළා යැයි අනුමාන කළ හැකිය.

කෙසේ නමුත් දැනට ඉතිරිව ඇති රාජ සමයට අයත් එකම අන්තඃපුර මාලිගාව වන මෙහි සුවිශේෂ රහස් රැසක්ද ජනප්‍රවාද ඇසුරේ හඳුනාගත හැකිය. ඒ අනුව ඇහැලේපොළ අදිකාරම්ගේ වලව්වටත්, රත්නපුරයේ පිහිටි ඕලන්ද බලකොටුවටත්, කළු ගඟටත් විහිදී බෙදීගිය උමං පද්ධතියක් මෙම අන්තඃපුර මාලිගයේ රහසිගත කාමරයක සිට විහිදී තිබූ බව පැවසේ. එසේම උඩරට රජු හා උරණව කටයුතු කළ ඇහැලේපොළ අදිකාරම් රටින් පිටුවහල් කරන තුරුම මෙම මාලිගාව භාවිත කළ බව අනුමාන කළ හැකිය. කෙසේ වෙතත් ඉන් අනතුරුව එකල යටත් විජිත ආණ්ඩුවේ ඒජන්තවරුන්ගේ භාවිතයට ගෙන ඇති මෙය, මෑත ඉතිහාසයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රත්නපුර දිස්ත්‍රික් කාර්යාලය ස්ථාපනය කිරීමටද භාවිත කර තිබේ.

කෙසේ නමුදු දැනට මෙරට පවතින එකම අන්තඃපුර මාලිගාව මෙය විය හැකි බැවින් එය ඉතිහාසය පිළිබඳ අධ්‍යයනය කරන්නකුට සුවිශේෂ ස්ථානයක් බවත් නොකියාම බැරිය. රජකු නොවුණද රජකු සේ ක්‍රියා කළ ඇහැලේපොළ අදිකාරම් කොතරම් බලසම්පන්නව සබරගමුවේ පාලන කටයුතු කළේද යන්න හඳුනාගැනීමටත් මෙය කදිම සාධකයක් වනු නොඅනුමානය.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

හෝරාව බලා වැඩ කළොත් ගොඩ යන්න පුළුවන්…

Next Post

BOC වාද්දුව ශාඛාව නව නිවහනකට…

MORE NEWS

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

ගාල්ල පොලිස් වසමෙන් වාර්තා වූ දේපළ සොරකමක සැකකරුවෙකු ලෙස නම් කර සිටි පුද්ගලයෙකුට අමානුෂික අන්දමින් පහරදීමේ සිදුවීමක් ෆේස්බුක් (Facebook) ඇතුළු...

Read more
‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.