• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජොන්ස්ටන් යතුරු බාර දෙයි!

February 27, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
ජොන්ස්ටන් යතුරු බාර දෙයි!
Share on WhatsAppShare on Facebook

කොළඹ හොරණ 120 මාර්ගයේ ඉදිකරන පාමංකඩ නව පාලම හේතුවෙන් නිවාස අහිමිවන පවුල් වෙනුවෙන් ලබා දෙන නව නිවාස වල යතුරු භාර දීම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවැත්විණි .

පාමංකඩ නව පාලම ඉදිකිරීම වෙනුවෙන් නිවාස ඉවත් කරනු ලබයි. මෙසේ ඉවත් කරනු ලබන නිවාස වෙනුවට නාගරික සංවර්ධන අධිකාරිය මඟින් නාගරික පුණර්ජීවන ව්‍යාපෘතිය යටතේ ඉදිකල කොළඹ 05 කාලිංග මාවතේ කොළොම්තොට සරසවි උයනේ නිවාස ලබා දීම සිදු කෙරිණි.

මෙම උත්සවයේදී අදහස් දැක්වූ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා…

ශ්‍රී ලංකාවේ පළලම පාලම හැදෙන්නේ පාමංකඩ හන්දියේ. මෙම පාලමේ පළල මීටර් 44ක් වෙනවා. පසුගිය අවුරුද්දේ දෙසැම්බර් 31 වෙද්දී මේකේ වැඩ අවසන් කරන්නයි අපි බලාපොරොත්තු වුණේ. නමුත් ඒ සැලසුම්වල යම් යම් වෙනස්කම් සිද්ධ වුන නිසා අපෙන් තවත් අමතර දින 90ක්‌ ඉල්ලා තිබෙනවා. ඒ අනුව මාර්තු මාසේ 31 වෙද්දී අපි මෙහි සම්පුර්ණ වැඩ නිමා කරන්න බලාපොරොත්තු වෙනවා. මෙතන ඉතාමත් විශාල රථවාහන තදබදයක් තිබුනෙ. මාර්ගයේ එහා කොටස හදලා අපි විවෘත කලා. එළඹෙන සිංහල අවුරුද්දට කලින් ලංකාවේ පළල්ම පාලම හැටියට මේක ජනතාවගේ පහසුව වෙනුවෙන් විවෘත කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මෙතන ඉදිකිරීම් නිසා නිවාස 8ක්‌ අහිමි වුණා. ඒ හැම පවුලකටම අලුත් ගෙවල් හදලා අද යතුරු බාර දුන්නා. අපි මේ සංවර්ධන කටයුතු කරන්නේ ජනතාව එක්ක ඉතාමත් සුහදශීලීව. ජනතාව පාරට බස්සන සංවර්ධනයක් අපේ නෑ. අපි ඔවුන්ට නිවාස ලබා දෙන්න පොරොන්දු වුණා. මේ අපි හිටගෙන ඉන්නේ ඒ නිවාස තිබුණු භුමියේ. මාත් අපේ අමාත්‍යංශයේ ලේකම්තුමාත්, ඉන්දික ඇමතිතුමාත් අද බාර දුන්නේ අලුතින්ම ඉදි කරපු ඒ නිවාසවල යතුරු. ඉතාමත් අමාරු කාලයක් වුනත් අපි සංවර්ධනය නතර කරලා නෑ. අපි ඉදිරියට යනවා. සෞභාග්‍යයේ දැක්මෙන් මේ රට හදන්න, සංවර්ධනය කරන්න, මාර්ග පද්ධතිය, යටිතල පහසුකම් දියුණු කරන්න, සෞඛ්‍ය සේවය දියුණු කරන්න වගේම වැටුණු ආර්ථිකය දියුණු කරන්න අපේ ජනාධිපතිතුමා පොරොන්දු වුණා. අමාරු කාලයක් වුනත් ඒ හැමදේම ඉටු කරන්න තමයි රජය මහන්සි වෙන්නෙ. අපි කොවිඩ් නිසා කිසිම දෙයක් කරන්න බෑ කියලා හැංගිලා ඉන්න ආණ්ඩුවක් නෙවෙයි. ජනතාවට පොරොන්දු උන විදියට, මොන බාධක තිබුනත්, ආර්ථික ප්‍රශ්න තිබුනත් රටේ සංවර්ධනය කිසිසේත්ම නතර කරන්න අපි සුදානම් නෑ. මේ තියෙන ප්‍රශ්ණ තව මාස කීපයකින් අවසන් වෙයි කියලා මගේ දැඩි විශ්වාසයක් තියෙනවා.

ඉන් අනතුරව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දුන් අමාත්‍යවරයා…

අද කන්නවත් නෑ කියනවා, ඉන්ධන නැහැ කියනවා, විදුලිය කපනවා කියලා විපක්ෂය චෝදනා කරනවා යැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා…

කන්න නැති තත්වයක් මේ රටේ නෑ. අපි ඒක පිළිගන්න ඕනෙ. ඉන්ධන මිල මෑතක වැඩි උනා. කිසිම වාහනයක් අඩුවෙන් ධාවනය වෙනවා ඔබ දැකලා තියෙනවද? අවුරුදු එක හමාරක් තමන් ගෙවල්වලට හිරවෙලා හිටියා කියලා ජනතාව දන්නවා. ඒ කාලේ කරගන්න බැරි වුණ රටේ ආර්ථිකය සහ තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගන්න ජනතාව තමන්ගේ මුළු ශක්තියම යොදවලා ලොකු කැපවීමක් කරනවා. අපි පිළිගන්න ඕනෙ අද සිමෙන්ති ප්‍රශ්නයක් තියෙනවා. නමුත් මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් පස්සේ ලංකා ඉතිහාසයේ වැඩිම ඉදිකිරීම් වෙන්නේ මේ යුගයේ. මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් පස්සේ වැඩියෙන්ම මාර්ග හැදෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ. පුද්ගලික අංශයේ වැඩියෙන්ම ගොඩනැගිලි හැදුනේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේ අද ඊටත් වැඩිය හැදෙනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ. ඒ නිසා ඉල්ලුම වැඩි වෙලා තියෙනවා. විපක්ෂයට මේ දේවල් ඇහේ කටු අනිනවා වගේ. පාරක් හැදෙනවා දකිද්දී ඔවුන් හරියට දුක් වෙනවා ඔවුන්ගේ කාලේ කරන්න බැරි උන එක ගැන. පාලමක් හැදෙනවා දකිද්දී ඔවුන්ට හරි දුකක් ඇති වෙනවා අපිට‍ මේක කරගන්න බැරි වුණා කියලා. අපිට‍ ආණ්ඩුවකුත් හම්බවෙලා මහින්ද මහත්මයාට මඩ ගහල ගහලා, බොරු කියලා කියලා ආණ්ඩුව අරගෙන, මහින්ද මහත්තය හදලා දුන්න චීනෙට විතරක් දෙවැනි වෙච්ච ආර්ථික වර්ධන වේගය තියාගන්න බැරිවෙලා අනිත් පැත්තට මේක කැරකුනා. කොහොමද දේශපාලනයවත් නොකරපු ගෝඨාභය ජනාධිපතිතුමා ඇවිල්ලා මේ හැමදේම කරන්නේ කොහොමද කියලා ඔවුන්ට හරි දුකක් තියෙනවා. ඒක ගැන අපි පුදුම වෙන්නේ නෑ. ඒ හින්දා ඒ ගොල්ලෝ අධිවේගී මාර්ගයක් හැදුවම අහනවා කන්නද කියලා. ඒ අය අධිවේගී මාර්ග හදාගත්තේ ඒ අයගේ බඩවල් පුරවා ගන්න. හැබැයි අපි හදන්නේ මේ රටේ ජනතාවගේ අනාගතය සඳහා. ඒ නිසා අපි පුදුම වෙන්නේ නෑ. දැන් කියනවානේ අධිවේගී මාර්ග කන්නද? මිනිස්සු බඩගින්නේ ඉන්නේ කියලා. ඡන්දේට ගියාම මේ ගොල්ලෝ මොනවාද කියන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තය ආව, කොවිඩ් කොවිඩ් කියලා මොකුත් කළේ නෑ. ඒ නිසා අපිට‍ බලය දෙන්න, අපි හිටිය නම් මෙහෙමයි කියලා. අපි රජය ගන්න සුදානම් කියලා ඊයේ පෙරේදා කියනවා මම දැක්කා. කවුද මේ සුදානම් කට්ටිය? මේ සුදානම් කට්ටිය තමයි මේ රට කාපු, මේ රට විනාශ කරපු, මහ බැංකුව හොරා කාපු, රටේ ආර්ථිකය අනිත් පැත්තට කණපිට පෙරලපු, රටේ ජාතික ආරක්ෂාව නැති කරලා රටේ අහිංසක මිනිස්සු මැරෙන්න අතහැරපු කල්ලියක් තමයි අද කියන්නේ අපි හිටියා නම් මීට වඩා හොදයි කියලා. එයාල හිටියනේ. ඒ අයනේ මේක විනාශ කෙරුවේ.දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට වෙලා තියෙන්නේ කොවිඩ් තියෙද්දිත් විනාශ කරපු ආර්ථිකය නැවත වරක් ගොඩ නගන්නනේ. ප්‍රේමදාස මහත්මයාගේ කල්ලිය නායකයෝ එක්ක එකට ඉඳලා නායකයෝ එක්ක එකට හොරකම් කරලා මීයෝ ටික වගේ නායකයෝ අතෑරලා පැනලා ඒ මීයෝ ටික කියනවා ඒ ගොල්ලන්ට මේ රට හදන්න පුළුවන් කියලා. කොහෙද ඒ ගොල්ලෝ හදන්නේ. මේ රටේ අභියෝග ජයගන්න පුළුවන් රාජපක්ෂලාට. ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ඒ අභියෝග ටික අනිවාර්යෙන් ජයග්‍රහණය කරනවා.

මහ බැංකු හොරකමට සම්බන්ධ අය කනෙන් අල්ලගෙන ඇවිත් දඩුවම් දෙනවා යැයි කිව්වත් ඔවුන් තවමත් නිදැල්ලේ නේද යැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා..

දේශපාලන කතාවට කනෙන් අල්ලාගෙන හොරු ගේනවා කිව්වාට, කනෙන් අල්ලාගෙන එන්න බෑ. එතකොට කනෙන් අල්ලාගෙන ආවා කියලා මානව හිමිකම් එකට යයි. ඒවාට නීතී පද්ධතියක්‌ තියෙනවා. ඒ ගොල්ලෝ මහ බංකුවට පත් කළේ කවුද කියලා ඔබ දන්නවා. ඔවුන්ට හැඟෙන්න අවස්ථාව තියෙනවා ඒ වගේම නීතියානුකූලව හැංගෙන්න අවස්ථාව තියෙනවා උන්ට ඒ රජයේ වල් වලින් ඔවුන් බාර දෙන්නෙ නැහැ හැබැයි අපි අවශ්‍ය කරන නීති පද්ධතිය තුළ වැඩ කරගෙන යනවා අර රංජන් රාමනායක වගේ අපි ගිහිල්ලා ඉවරවෙලා නීති පද්ධතිය අතට අරගෙන විනිශ්චකරුවන් ට කතා කරලා සීඅයිඩී අධ්‍යක්ෂකට කතා කරලා සීඅයිඩී අධ්‍යක්ෂක ට ගෙදර වළං හෝදන්න කතා කරන ආණ්ඩුවක් නෙමෙයි මේ වර්තමාන ආණ්ඩුව කියන එක මං මතක් කරනවා බොහෝම ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් ඔබ දන්නවා අද මේ මේ ආණ්ඩුවට මොනතරම් මාධ්‍ය ගහනවද කියල මොන තරම් පහර දෙනවාද හැබැයි මාධ්‍ය නිදහස තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවා මතකයිනෙ ඒ කාලේ මාධ්‍යවේදීන්ගෙන් නම් කියලා පාර්ලිමේන්තුවේ ගහපු ගැහිල්ල පාර්ලිමේන්තුව තුළ වරප්‍රසාද වල ඉඳගෙන එදා හිටපු නායකයෝ මාධ්‍යවේදීන්ගේ නම් කිය කිය පහර දුන්නේ අද එහෙම නැහැ අද එහෙම ප්‍රශ්නයක් නෑ ඒ නිසා ඒ ගැන කලබල වෙන්න එපා නීතිය ක්‍රියාත්මක වෙයි ඔය හැමදේම ක්‍රියාත්මක වෙන්න කලින් පළමුව සිද්ධ වෙන්න ඕන දේ තමයි මිනිසුන්ගේ ජීවිත බේරගන්න කටයුතු කරන එක ජීවිත බේර ගන්න ඕනි කොවිඩ් එකෙන් ඒක නිසා අපි ප්‍රමුඛතාව දීලා තියෙන්නේ කනෙන් අල්ලගෙන ගිහිල්ලා ඒ වැඩ කරන්න නෙමේ මේ රටේ ජනතාවගේ ජීවිත කොවිඩ් වසංගතයෙන් බේරගන්න එකටයි

ආණ්ඩුවේ ඇතුළේ සිටින දයාසිරි ජයසේකර වගේ ඇමැතිවරුන් සහ සමහර මන්ත්‍රීවරුන් මේ රට භයානක තත්වය තියෙන්නෙ ඇයි ප්‍රකාශ කිරීම පිළිබඳ මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා…

මම වගකීමෙන් කියනවා රජයේ වගකියන ඇමතිවරයෙක් හැටියට කෙලින් ආණ්ඩුව නියෝජනය කරන ඇමතිවරයෙක් හැටියට මම කියනවා ජනතාවට ප්‍රශ්න තියෙනවා ඩොලර් අර්බුදය තිබුන් නැත්තං අපි ඔබව පෝලිමේ තියන්නේ නැහැ මේක ලෝකෙම තියෙන ප්‍රශ්නයක් මේක ලෝකෙම තියෙන ප්‍රශ්නයක් කියලා අපි එකෙන් පැනලා යන්නේ නැහැ පි ඔබට අවශ්‍ය කරන තෙල් ටික අපේ ජනාධිපතිතුමා අපේ අගමැතිතුමා අපේ මුදල් ඇමති තුමා ෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමේදී පැහැදිලිව කිව්වා මේ රටට අවශ්‍ය කරන ඉන්ධන ටික ගෙනල්ලා දෙනවා කියලා ඒ නිසා හුඟක් අය හිතනවා මේ තියෙන්නෙ යහපාලන ආණ්ඩුව කියලා ඒ නිසා ගොඩක් අය බයයි මේ තියෙන්නෙ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමාගේ ආණ්ඩුවක් අපිත් ඒ ටික ගෙනල්ලා දෙනවා

විදුලි අර්බුදය නිසා තව කොච්චර කල් අඳුරෙ තියෙනවා දැයි නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දුන් අමාත්‍යවරයා

අඳුරේ තියන්න තීරණය කෙරුවෙ කවුද ඔය යහපාලන නඩේ තමයි. පසුගිය අවුරුදු පහක කාලය තුළ කිසිදු දෙයක් කරන්නේ නැතුව කටයුතු කළේ. ඒ නිසා දැන් පුනර්ජනනීය බල ශක්තිය දියුණු කරන්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා තීන්දුවක් අරන් තියෙනවා. ඒ තීන්දුව අනුව අපිත් වැඩ කරනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඉක්මනින් නොරොච්චෝලේ හැදුවා වගේ ඉක්මනින් මේ ප්‍රශ්න විසඳන්න කටයුතු කරනවා මෙලෝ දෙයක් කරපු නැති යහපාලන ආණ්ඩුව තමයි ඉටිපන්දම් අරන් ටෝච් අරන් එන්නෙ ජනතාව රැක ගන්න තාම මැරිලා ඉපදිලා නැහැ ලංකා ඉතිහාසය සෑම රජයකටම විදුලිය කපලා තියෙනවා ඒක පැය භාගේ පැය වශයෙන් සහ හොරෙන් කාපු යුග වශයෙන් තිබුණා මේක අලුත් දෙයක් නෙමේ මේ කාලේ ඇතිවෙන්න වැස්ස ලැබිලා නැහැ ඩෝරයේ ඇවිල්ල තියෙනව රටට අවශ්‍ය විදුලි සැපයුම අනුව විදුලිය පහුගිය යහපාලන කාලය තුල සංවර්ධනය කරලා නැහැ ඒ අවශ්‍ය කරන සංවර්ධනය ගෙනල්ල නෑ වශ්‍ය කරන නිෂ්පාදනය ගෙනල්ලා නෑ ඉතින් මේ යහපාලන ආණ්ඩුව ගත්ත වැරදි තීරණ නිසා තමයි මේ අර්බුද ඇති වෙන්න මූලික හේතුව වෙලා තියෙන්නේ

පාඨලී චම්පික මන්ත්‍රීවරයා ප්‍රකාශ කරලා තියෙනවා අලුතින් දේවල් එක් කළ යුතු නැති බවත් තියෙන සම්පත් කළමනාකරණය කළොත් විදුලි අර්බුදයට ප්‍රමාණවත් විසඳුම් ලැබෙනවා කියා යැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා..

චම්පික රණවක මහත්තයා කියන දේ හරියටම හරි චම්පික රණවක මහත්තයා දන්නවා මෙහෙම නිෂ්පාදනය අඩු වුනොත් තමයි හදිසියේ මිළදී ගැනීම්වලින් හොරකං කරන්න පුලුවන් කියන එක. ඉතින් ඒ මහත්තයා කියන එක හරියට හරි. ඒකට මං එකඟ වෙනවා. එතුමට ඕනේ මේක හදන්න නෙවෙයි. එතුමට ඕනේ මේ කොහොමහරි හිර කරන්න. හිර කරගෙන හිටපු වහාම මොකක්ද වෙන්නේ එතකොට හදිසි මිලදී ගැනීම් කරන්න සිද්ධ වෙනවා ඒකෙන් මොකද්ද වෙන්නේ ඒකෙන් වෙන්නේ හොරකම චම්පික රණවක මහත්තයා බයයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේක සංවර්ධනය කරයි කියලා කවදහරි ඔවුන් බලයට ආවොත් ඔවුන්ට හොරකම් කරන්න බැරි වෙයි කියලා චම්පික රණවක මහත්තයා කියලා තියෙන එක ගැන මම පුදුම වෙන්නේ නැහැ.

රටේ ඩොලර් පිළිබඳ අර්බුදයක් තියෙන නිසා අත්‍යවශ්‍ය සංවර්ධන කටයුතු සදහා පමණක් ආයෝජන සිදුකළ කිරීම යෝග්‍ය නොවේදැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා…

ආයෝජනය කළ යුතුයි. ආයෝජනය කළේ නැත්තං කොහොමද රට තුළ සල්ලි සංසරණය වෙන්නේ. දැන් මේ බලන්න. මෙම පාලම සඳහා ආයෝජනයක් කිරීම නිසා ගම්වල කීදෙනෙක් රැකියාව කර වැටුප් ලබනවද? දැන් අපි මේ සංවර්ධන වැඩ නතර කරොත් මේ අයට කන්න දෙන්නෙ කවුද? මේවායේ සේවය කරන සේවකයන්ට කම්කරුවන්ට ඉංජිනේරු මහත්වරුන්ට නෝනලාට කවුද පඩි ගෙවන්නේ. ආයෝජනය තිබිය යුතුයි. යහපාලන ආණ්ඩුවට වැරදුනේ ආයෝජනය නතර කරපු නිසයි. ආයෝජනය කළ යුතුමයි. ආයෝජනය කරන්න එපා කියන්නේ මොළයක් නැති පක්ෂ තමයි.

විපක්ෂය චෝදනා කරනවා මේ ආයෝජනවලින් කොමිස් ගන්නවා යැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා…

හොරකම් කරපු මනුස්සය හිතන්නේ ඔක්කොමල හොරකම් කරනවා කියලා. මේ රටේ මහ බැංකුව හොරකම් කරපු මිනිස්සු කඩල විකුණ මනුස්සයා කඩල විකුණන්නෙත් හොරකම් කරලා කියලයි හිතන්නේ. හොරා හිතන්නේ හොරකම් කරන්නේ කොහොමද කියලා. ඒක නිසා හොරු ටික හිතෙනවා මොන දේ කලත් හොරකම් කරනවා කියලා. ඒක නිසා ඔවුන් හිතනවා කොහොමද කොමිස් ගහන්නේ කියලා. හොරා හිතන්නේ අනික් සියලු දෙනාම හොරු කියලා. විපක්ෂයේ ඉන්න අය හිතන්නේ අනික් සියලු දෙනාම හොරු කියලා.

මෙම අවස්ථාවට ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්.ආර්.පේමසිරි, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතලුවගේ, ව්‍යපෘති අධ්‍යක්ෂ ඇතුළු පිරිසක් සහභාගි වූහ.

SendShareShare
Previous Post

මෙච්චර කල් හංගලා තිබ්බ සහරාන්ගේ බිරිය කොමිසමට දුන් පාස්කු ප්‍රහාරයේ රහස් කටඋත්තරය පළමු වරට එළියට එයි!

Next Post

යුක්රේන අර්බූදයත් එක්ක ජවිපෙ බලයට ආවොත් වෙන්නෙ මොනවද? විග්‍රහයක්! (VIDEO)

MORE NEWS

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

මාලිමාව 7ට වට්ටා සජබය ප්‍රමුඛ විපක්ෂය දැරණියගල පනාවල සමූපයේ සභිකයන් 85ක් දිනාගනී! සජබය තනිවම 52ක් දිනලා! I Sri Lanka Latest News

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News

Load More
අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

අල්ලස් චෝදනාවක් මත සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටීමෙන් පසුව ඇප මත මුදාහැර සිටින මාලිමාවට බලය හිමි කුරුණෑගල නියෝජ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

මාලිමාව 7ට වට්ටා සජබය ප්‍රමුඛ විපක්ෂය දැරණියගල පනාවල සමූපයේ සභිකයන් 85ක් දිනාගනී! සජබය තනිවම 52ක් දිනලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.