යුක්රේන – රුසියා අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මධ්‍යස්ථ, නිර්පාක්‍ෂික ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, අද්මිරාල්, මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පැවසීය.
දෙරට අතර වර්ධනය වන තත්වය දෙස ලැබෙන දත්ත විශ්ලේෂණය කරමින් නිරීක්‍ෂණය කරන බව කී ලේකම්වරයා ප්‍රශ්න යුද්ධයෙන් විසඳාගැනීමට වඩා සාකච්ඡා මාර්ගයෙන් විසඳාගැනීම සුදුසු බව ශ්‍රී ලංකාව රටක් ලෙස විශ්වාස කරන බව ද සඳහන් කළේය.
සියල්ලන්ටම යම්කිසි හේතුවක් තිබෙනව නිසා මෙහිදී පැත්තක් වෙනුවෙන් කතාකළ නොහැකි බව ද ජයනාත් කොළඹගේ මහතා කීවේය.
විදේශ අමාත්‍යංශ ලේකම්වරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (25) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.










